මිලියන ගණන් සහභාගි වනු ඇත—ඔබත් ඒ අතර සිටීවිද?
සෑම අවුරුද්දකටම වතාවක් මිලියන ගණන් ජනයා යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ වාර්ෂිකව පවත්වන සමුළුවට සහභාගි වෙයි. මේ ගිම්හානයේද, “දෙවිගේ අනාවැකිමය වදන්” යන දින තුනේ දිස්ත්‍රික්ක සමුළු 201ක් පැවැත්වීමට එක්සත් ජනපදයේ සැලසුම් කොට තිබෙනවා. එයාකාරයෙන්ම ඔබ ජීවත් වන ප්රදේශයෙත් එවැනි එකක් පවත්වයි. වැඩසටහන සංගීතය සමඟින් සිකුරාදා පෙ.ව. 9.30ට ආරම්භ වන විට ඔබටත් එතැනට පැමිණෙන්න කියායි අපි උනන්දු කරන්නේ.
පිළිගැනීමේ කතාවක් හා “දෙවිගේ අනාවැකිමය වදන්වලට අවධානය දෙන්න” යන මූලික ඇමතුමද උදෑසන සැසිවාරයට ඇතුළත් වන්න යනවා. සවස ඇති “දෙවිගේ වචනය කියවීමෙන් ආස්වාදයක් ලබන්න” යන කතා මාලාවෙන් බයිබල් කියවීම ප්‍රයෝජනදායක හා ආස්වාදජනක එකක් කරගන්නා ආකාරය සම්බන්ධයෙන් ප්‍රායෝගික යෝජනා සපයනු ලබන්න යනවා. “දෙවිට එරෙහිව සටන්වදින්නන් ජය නොගනියි” යන දවසේ අවසාන කතාව මගින් දෙවිගේ රාජ්‍යයේ ප්‍රකාශකයන්ට එරෙහිව කරන නූතන දින සටන ගැන පරීක්ෂා කර බලන්න යනවා.
බව්තීස්ම සාකච්ඡාවක් සෙනසුරාදා උදෑසන තිබෙන්න යන අතර, සුදුසුකම් ලබා ඇති අයට බව්තීස්ම වීමට අවස්ථාවක්ද ලබා දෙන්න යනවා. ලතින් අමෙරිකාවේ, අප්‍රිකාවේ හා නැඟෙනහිර යුරෝපයේ මෙන්ම කසක්ස්තානය නම් විශාල ආසියානු රටේ බයිබල් සත්‍යයට මිනිසුන් දක්වා ඇති පුදුමාකාර ප්‍රතිචාරය ගැන දිරිගන්වන වාර්තා සන්ධ්‍යා වරුවේ සලකා බලන්න යනවා. එම කොටසේ මාතෘකාව වන්නේ, “‘ආශා වන දේවලින්’ යෙහෝවාගේ ගෘහය පිරෙමින් තිබේ” යන්නයි. “අනාවැකිමය වදන් සුපරීක්ෂාකාරි වීමට අපව අවදි කරයි” හා “අන්තිම කාලයේ අනාවැකිමය වදන්” යන කතා දෙකින් සෙනසුරාදා වැඩසටහන අවසන් වනු ඇත. අවසාන කතාව දානියෙල් පොත කෙරෙහි අවධානය යොමු කිරීමට යන අතර, එහි අනාවැකියට අවධානය යොමු කළ යුතුවීමට හේතු සපයා දෙන්න යනවා.
ඉරිදා පැයක කාලයක් පුරා දිව යන කොටස් තුනකින් යුත් “නියම කරන ලද කාලය සඳහා අනාවැකිමය වදන්” නමැති කතා මාලාව හබක්කුක්ගේ අනාවැකිය සාකච්ඡා කරන්න යනවා. මෙම කුඩා පොතට අද සිටින ක්‍රිස්තියානීන්ව කොයිතරම් දුරට දිරිමත් කරන්න පුළුවන්ද යන්න ඔබට බලාගැනීමට හැකි වනු ඇත. අනතුරුව, යාකොබ් හා ඒසව්ගේ බයිබල් වාර්තාව හුවා දැක්වෙන සම්පූර්ණයෙන්ම වෙස්ගැන්වූ නාට්‍යයක් මගින් “අපේ ආත්මික උරුමය අගය කිරීම” යන්න කැපීපෙනෙන්න සලස්වන්න යනවා. ඉරිදා උදෑසන වැඩසටහන, “අපේ අනගි උරුමයෙන් ඔබට අදහස් වන්නේ කුමක්ද?” යන පොලඹවනසුලු කතාවකින් අවසන් වන්න යනවා. අනතුරුව, සවස් වරුවේදී, “පුරෝකථනය කළ පරිදි සියල්ල අලුත් කිරීම” යන ප්‍රසිද්ධ කතාව ඔබට භුක්ති විඳින්න පුළුවන් වේවි.
එයට සහභාගි වීමට දැන්ම සැලසුම් යොදන්න. ඔබේ නිවසට කිට්ටුම ස්ථානය, යෙහෝවාගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රාදේශීය රාජ්‍ය ශාලාවකින් දැනගන්න. එසේ නැතිනම්, මෙම සඟරාවේ ප්‍රකාශකයන්ට ලියන්න.