ඔබත් නුවණැති කෙනෙක්ද?
ඉශ්රායෙල් කෙරෙහි විනිශ්චයකරුවන් පත් කරද්දී මෝසෙස් උත්සාහ කළේ “ප්‍රඥාවන්ත, නුවණැති හා අද්දැකීම් ලත් මනුෂ්‍යයන්ව” තෝරාගැනීමටයි. (ද්විතීය කථාව 1:13, NW) වයසින් මුහුකුරා යෑමත් සමඟ එක් වූ අද්දැකීම් තිබීම පමණක් ඒ සඳහා එකම මිණුම් දණ්ඩ වුණේ නැහැ. ප්‍රඥාව සහ නුවණ ඇතුව සිටීමත් ඒ හා සමානවම වැදගත් වුණා.
නුවණැති කෙනෙක් තම කතාවේදී මෙන්ම හැසිරීමේදී සිහිබුද්ධියෙන් යුතුව කටයුතු කරනවා. වෙබ්ස්ට’ස් නයින්ත් නියූ කලීජියට් ඩික්ෂනරි දක්වන අන්දමට, නුවණැති තැනැත්තා “තැනට උචිත ලෙස නිහඬව සිටීමට සමත්” කෙනෙක්. ඔව්, ‘කතා කරන්න කාලයක් වගේම නිහඬව සිටින්නත් කාලයක්’ තිබෙනවා. නුවණැති පුද්ගලයා මෙහි වෙනස හරිහැටි වටහාගන්නවා. (දේශනාකාරයා 3:7) බොහෝ අවස්ථාවලදී, පුද්ගලයෙකුට නිහඬව සිටීම සඳහා හොඳ හේතු ඇති බව බයිබලය පවසන්නේ මේ වදන්වලින්. “වචන බහුලවූ කල වරද හිඟ නැත; එහෙත් තමාගේ තොල් ආණ්ඩුකරගන්නා නුවණ ඇති කෙනෙක්ය.”—හිතෝපදේශ 10:19.
එකිනෙකා සමඟ කටයුතු කිරීමේදී ක්‍රිස්තියානීන් නුවණැතිව දේවල් කිරීමට වගබලා ගන්නවා. වැඩියෙන්ම දොඩමලු වන හෝ වඩා ප්රබලව කතා කරන තැනැත්තා, වඩා වැදගත්ම හා අත්‍යවශ්‍යම පුද්ගලයා වන්නේ නැහැ. මෝසෙස් ‘ඔහුගේ වචන ප්‍රබල’ ලෙස හැසිරෙවූ බව සැලකිල්ලට ගන්න. එසේ වුණත් ඔහු තුළ ඉවසීම, මෘදුකම හා ආත්ම දමනය වැනි ගුණාංග වැඩිදියුණු කරගන්නා තුරු ඔහු ඉශ්රායෙල් ජාතියට මඟ පෙන්වන්න සූදානමින් සිටියේ නැහැ. (ක්‍රියා 7:22, NW) එමනිසා, විශේෂයෙන්ම අන් අයට මඟ පෙන්වීම සඳහා විශ්වාසයෙන් යුතුව පත් කර ඇති අය, යටහත් පහත්කම සහ සාධාරණකම පෙන්වීමට වෙර දැරිය යුතුයි.—හිතෝපදේශ 11:2.
යේසුස් ‘තමන් සතු සියල්ල’ කෙරෙහි විශ්වාසවන්තව පත් කළ කණ්ඩායමක් ගැන කතා කළා. දේවවචනයේ ඔවුන්ව හඳුන්වන්නේ ‘විශ්වාස වූ නුවණැති’ අය හැටියටයි. (මතෙව් 24:45-47) ඔවුන් යෙහෝවාට ඉහළින් යමින් ආවේගකාරි අන්දමින් ක්‍රියා කරන්නේ නැහැ. අනිත් අතට, යම් කාරණයක් සම්බන්ධයෙන් දෙවි සපයන මඟ පෙන්වීම සක්සුදක් සේ පැහැදිලි නම් ඒ පිළිබඳව ක්‍රියාත්මක වීමට ප්‍රමාද වන්නේද නැහැ. බයිබල් සත්‍යය හා සම්බන්ධ අවබෝධය ගැන පැහැදිලි අදහසක් ලැබෙන තුරු නිහඬව සිටීමටත්, කතා කළ යුතු වේලාවේදී කතා කිරීමටත් ඔවුන් දන්නවා. සියලුම ක්‍රිස්තියානීන් දාස පංතියේ ඇදහිල්ල අනුකරණය කළ යුතුවා පමණක් නොව, ඔවුන් මෙන් නුවණැති අය බවද ඔප්පු කළ යුතුයි.—හෙබ්‍රෙව් 13:7.