රහස්‍ය කාරණයක් අනාවරණය කිරීමට කාලයක්
සමහර කාරණාවල රහස්‍යභාවය රැකීම සාමය පවත්වාගැනීමට හා අඩ දබරවලින් තොරව කටයුතු කිරීමට උපකාරවත් වේ. නමුත් රහස්‍ය කාරණයක් හෙළි කිරීමට කාලයක් තිබේද? ප්‍රොපේත ආමොස් ඔහුගේ දෙවි ගැන කියූ වදන් සැලකිල්ලට ගන්න. “යෙහෝවා දෙවි තමන්ගේ රහස තමන් මෙහෙකරුවන් වූ අනාගතවක්තෘවරුන්ට එළිදරව් නොකර කිසිවක් නොකරන්නේය.” (ආමොස් 3:7) මෙම වදන් මගින් අපට රහස්‍ය කාරණා සම්බන්ධව යමක් වටහාගැනීමට හැකි වේ. එනම්, යෙහෝවා දෙවි සමහර කාරණා යම් නිශ්චිත කාලයක් පුරා රහසක් ලෙස තබාගන්නා බවත් පසු කලෙකදී එය සුදුසු පුද්ගලයන්ට එළිදරව් කරන බවත්ය. අපට මේ කාරණයේදී යෙහෝවා දෙවිව අනුගමනය කළ හැක්කේ කෙසේද?
සමහර අවස්ථාවලදී ක්‍රිස්තියානි සභාවේ පත් කරන ලද එඬේරුන් යම් කාරණයක් කාලයක් යනතුරු සභාවට එළිදරව් නොකර සිටීම ප්‍රයෝජනවත් කියා නිගමනය කරන්න පුළුවන්. (ක්‍රියා 20:28) උදාහරණයක් ලෙස, නියමිත කාලය පැමිණෙන තුරු සභාවේ උන්නතිය සඳහා යොදන ලද යම් සැලසුම් ගැන හෝ සභාවේ වගකීම්වල සිදු කර තිබෙන වෙනස්කම් ගැන අවේක්ෂකයන් නිහඬව සිටිනවා විය හැකියි.
එවැනි අවස්ථාවලදී, මේ කාරණා එළිදරව් කරන්නේ කවදාද හා කොයි ආකාරයටද යන වග මෙම රහස්‍ය කාරණා හා සම්බන්ධ වී සිටින අයට පැහැදිලි දැනුම් දීමක් කර තිබීම අවශ්‍යයි. යම් කාරණයක් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කරනු ලබන කාලය දැනගැනීම එම කාරණයේ රහස්‍ය බව රැකීමට ඔවුන්ට මහෝපකාරි වේ.—හිතෝපදේශ 25:9.