ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w02 12/1 8 පි.
  • කපිතාන්වරයෙකුගේ මේසයේදී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කපිතාන්වරයෙකුගේ මේසයේදී
  • 2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ගෙහිමියෙකු සමඟ සාකච්ඡාවක් - හොඳ කරන හැමෝම ස්වර්ගයට යනවද?
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ පෝෂණය ලබමින් සිටින්නේ කිනම් මේසයෙන්ද?
    1994 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාලගේ ආගම ආරම්භ කළේ කවුද?
    නිතර අසන ප්‍රශ්න
  • දෙවිගේ රාජ්‍යය ස්වර්ගයේ පිහිටුවා ඇත
    දෙවිගේ රාජ්‍යයේ පාලනය ඇරඹිලා!
තව තොරතුරු
2002 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w02 12/1 8 පි.

කපිතාන්වරයෙකුගේ මේසයේදී

නැවේ කපිතාන්වරයාගේ මේසයේ ආහාර ගැනීම සිත කුල්මත් කරවයි. මන්දයත් සිත්ගන්නාසුලු පුද්ගලයන්ගෙන්, ප්‍රණීත බොජුන්වලින් සහ ආස්වාදජනක සංවාදයන්ගෙන් මේසය පිරී තිබෙන නිසාය. එනමුත් බ්‍රිතාන්‍ය වයිට් ස්ටාර් නමැති නැව් සමාගමේ කපිතාන් වන රොබට් ජී. ස්මිත්ගේ කෑම මේසයේදී ඇති වූ සංවාදය, ආත්මික බොජුනක් නැත්නම් මංගල්‍යයක් පිළිබඳ තොරතුරු හෙළි කිරීමට මං පැදීය.—යෙසායා 25:6.

24 වියේ පසු වූ රොබට්, ඩන්ඩිහි කින්ක්ලුන් නමැති නැවේ කපිතාන්වරයෙකු වශයෙන් තම ප්‍රථම ලොව වටා යාත්‍රා කිරීම ඇරඹුවේ 1894දීයි. පසුව ඔහු සෙඩ්‍රික්, සෙවික් සහ රියූනික් යන වයිට් ස්ටාර් නැව්වල කපිතාන්වරයා ලෙස කටයුතු කළේය.a මෙම නැව්වලින් එකක අත්ලාන්තික් සාගරය හරහා නිව් යෝර්ක් නගරයේ සිට එංගලන්තයේ ලිවර්පූල් දක්වා යන අතරවාරයේ රොබට්, කපිතාන්වරයාගේ මේසයේදී චාල්ස් ටේස් රසල්ට සංග්‍රහ කළේය. එම අවස්ථාවේදී රසල් සමඟ ඇති වූ සංවාදය නිසා බයිබලයෙහි අන්තර්ගත පණිවිඩය කෙරෙහි රොබට් තුළ ආශාවක් පිබිදුණි. ඔහුගේ පිබිදුණ එම ආශාව මුදුන් පමුණුවාගැනීමට ඔහු ශුද්ධ ලියවිලිවල අධ්‍යයනය (සිංහලෙන් නැත) යන පිටපත් රසල්ගෙන් ලබාගත්තේ ඉතා සතුටෙනි.

රසල්, රොබට් සමඟ ලිපි මගින් මිත්‍රකම් පැවැත්වූ අතර බයිබලය කෙරෙහි තිබූ ඔහුගේ උනන්දුවත් වර්ධනය විය. රොබට් අලුතෙන් සොයාගත් දැනුම ඔහුගේ භාර්යාව සමඟ බෙදාගත්තේය. කල් ගතවීමට පෙර ඔවුන් දෙදෙනාම ක්‍රියාශීලී බයිබල් ශිෂ්‍යයන් විය. (යෙහෝවාගේ සාක්ෂිකරුවන්ව අතීතයේ හැඳින්වූයේ එලෙසයි.) පසු කාලයකදී බයිබල් දේශනයන් දීමට පවා රොබට්හට භාග්‍යය ලැබුණි. අවස්ථාවක් පෙන්වනවා නම්, ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේ “ගිලියද්හි ගුගුල්” නමැති මාතෘකාව යටතේ ඔහු කතා කළ අතර දෙවිගේ වචනයෙහි ඇති පණිවිඩය “පොළොවේ සියලු විපත් සඳහා ඔසුවක්” වන්නේ කෙසේද කියාද පෙන්වීය. ආපසු එංගලන්තයට ගියායින් පසු ඔහුගේ භාර්යාව සහ තරුණ දූදරුවෝද “මැවීම පිළිබඳ ඡායාරූප නාට්‍යය” පෙන්වීමටත් ඒ පෙන්වන අතරතුර එම නිසල රූ දර්ශන පිළිබඳව රසල් විසින් කරන ලද විස්තර අඩංගු පටිගත කිරීම් වාදනය කිරීමටත් උපකාර කළහ.

රොබට්, ඔහු ලද රාජ්‍යය පිළිබඳ සත්‍යය තමන්ගේ දරුවන්ට උරුම කර දුන්නේය. අදදින පරම්පරා 5ක් ගත වී ඇති අතර පවුල් සාමාජිකයන් 18දෙනෙකු ක්‍රියාශීලීව අන් අය සමඟ ශුභාරංචිය බෙදාගනියි. මේ හැම දෙයක්ම සිදු වුණේ කපිතාන්වරයාගේ මේසයේදී බෙදූ ආත්මික ආහාරවලට ස්තුතිවන්ත වෙන්නයි.

යෙහෝවාගේ සාක්ෂිකරුවෝ තම ප්‍රකාශන සහ බයිබල් අධ්‍යාපනික වැඩය මගින් ලොව වටා සිටින මනුෂ්‍යයන්ට කපිතාන් ස්මිත්ගේ කුතුහලය පුබුදුවාලූ බයිබලයෙහි ඇති පණිවිඩය ඉගැන්වීමට වෙහෙසෙති. කපිතාන්ගේ මේසයේ ඇති වූ සාකච්ඡාව කොතරම් සිත්ගන්නාසුලුද කියා ඔබටත් සොයාගත හැකියි.

[පාදසටහන]

a තම මංගල ගමනින් අවසන් ගමන් ගිය ටයිටැනික් නමැති එහි සොහොයුරිය වන් නැවේ කපිතාන්වරයා වූයේ ඊ. ජේ. ස්මිත්. (ඥාති සබඳකමක් නැත)

[8වන පිටුවේ පින්තූරය]

රොබට් ජී. ස්මිත්

[8වන පිටුවේ පින්තූරය]

චාල්ස් ටි. රසල්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න