ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w04 10/1 3-4 පි.
  • ස්ථිරවශයෙන්ම ලැබෙන උරුමයක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්ථිරවශයෙන්ම ලැබෙන උරුමයක්
  • 2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘මොළොක් ගුණැති අය පොළොව උරුම කරගන්නෝය’—ඒ කෙසේද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාගේ වටිනා උරුමය රැකගන්න
    2021 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • යොෂුවා පොතේ සාරාංශයක්
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • අපේ අනගි උරුමය—ඔබට එය මොනතරම් වටිනවාද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w04 10/1 3-4 පි.

ස්ථිරවශයෙන්ම ලැබෙන උරුමයක්

“ඔබට ලොකු දේපොළක් උරුම වී තිබෙනවා කියා සඳහන් කරමින් ‘යම් කිසි කෙනෙකුගෙන්’ ලිපියක් ලැබුණොත් පරෙස්සම් වෙන්න. මෙය වංචාකාරයෙකුගේ උගුලක් වෙන්න පුළුවන්.”

මෙය එක්සත් ජනපදයේ තැපැල් කටයුතු නිරීක්ෂණ සේවා අංශය විසින් එහි වෙබ් අඩවිය තුළ පළ කරන ලද අනතුරු ඇඟවීමක්. ඇයි එවන් අනතුරු ඇඟවීමක් පළ කළේ? ‘ඔබගේ නෑදෑයෙක් මිය ගියා. ඔබට දේපොළක් උරුම වෙලා’ කියා සඳහන් කරමින් මිනිසුන් දහස් ගණනකට ලිපි ලැබුණා. මේ නිසා හුඟදෙනෙක් තමන්ට උරුම වූ දේපොළ පිළිබඳ විස්තර ලබාගැනීමට මෙම ලිපි එවූ වංචාකාරයින් වෙත ඩොලර් 30ක් හෝ ඊට වැඩි මුදලක් තැපැල් කළා. එහෙත් එසේ ලිපි යැවූ හැම කෙනෙකුගේම බලාපොරොත්තු කඩ වුණා. කිසි කෙනෙකුට කිසිම දෙයක් උරුම වුණේ නැහැ.

මෙවැනි කූට උපක්‍රමවලට මිනිසුන් අසුවීමෙන් පැහැදිලි වන්නේ, උරුමයක් ලබාගැනීමට පුද්ගලයෙකු තුළ තිබෙන ආශාවයි. ඇත්තෙන්ම තව කෙනෙකුට උරුමයක් ලබා දීම යහපත් ක්‍රියාවක්. ඒ නිසා තමයි බයිබලයේ මෙවැන්නක් සඳහන් වී තිබෙන්නේ. “සත්පුරුෂයා තමාගේ දරුවන්ගේ දරුවන්ට උරුමයක් ඉතිරි කර තබයි.” (හිතෝපදේශ 13:22) යේසුස් ක්‍රිස්තුස්ද, ඔහුගේ කන්ද උඩ දේශනයේදී මේ අදහස සඳහන් කළා. “මොළොක් ගුණ ඇත්තෝ ආශීර්වාද ලද්දෝය. මක්නිසාද ඔවුහු පොළොව උරුම කරගන්නෝය.” මෙය අප කවුරුත් ආස කරන බයිබල් වගන්තියක්.—මතෙව් 5:5, පැරණි අනුවාදය.

යේසුස්ගේ වදන් පුරාණ ඊශ්‍රායෙලයේ විසූ දාවිත් රජ ශතවර්ෂ ගණනාවකට ඉහතදී ආනුභාවයෙන් ලියූ දේ අපගේ මතකයට නඟනවා. “මොළොක් ගුණ ඇත්තෝ දේශය [පොළොව] උරුම කරගන්නෝය. ඔවුහු මහත් සමාදානයෙන් ප්‍රීතිමත් වන්නෝය.”—ගීතාවලිය 37:11, පැ.අ.

‘පොළොව උරුම කරගන්නෝය’ යන වදන් පෙළ මගින් අප තුළ ඇති කරන්නේ මොන තරම් ප්‍රීතිමත් බලාපොරොත්තුවක්ද! මෙය කලින් සඳහන් කළ ආකාරයේ මිනිසුන්ව රැවටීම සඳහා වංචාකාරයෙකු සැලසුම් කළ කපටි උගුලක් නෙමෙයි කියලා අපි විශ්වාස කරන්නේ කොහොමද? ඇත්තෙන්ම අපිට මෙම පොරොන්දුව සම්පූර්ණයෙන්ම විශ්වාස කරන්න පුළුවන්. පොළොව යෙහෝවාගේ අසිරිමත් මැවිල්ලේ කොටසක්. ඔහු තමයි එහි සැදුම්කරු සහ අයිතිකරු. එමනිසා ඔහු තෝරාගත් කෙනෙකුට එය උරුමයක් ලෙස දීමට ඔහුට සම්පූර්ණ අයිතියක් තිබෙනවා. යෙහෝවා, දාවිත් රජ මාර්ගයෙන් මෙම අනාවැකිමය වචන තම ආදරණීය පුත් යේසුස් ක්‍රිස්තුස්ට පැවසුවා. “මාගෙන් ඉල්ලන්න. ඔබේ උරුමය කොට ජාතීන්ද ඔබේ කොටසට පොළොව සීමාන්තය දක්වාද දෙන්නෙමි.” (ගීතාවලිය 2:8) මේ නිසා තමයි ප්‍රේරිත පාවුල් පැවසුවේ දෙවි යේසුස්ව “සියල්ලේ උරුමක්කාරයා ලෙස පත් කළේය” කියා. (හෙබ්‍රෙව් 1:2) ඒ නිසා, ‘මොළොක් ගුණැති අය පොළොව උරුම කරගන්නෝය’ යනුවෙන් යේසුස් පැවසූ වදන් ගැන අබමල් රේණුවක තරම්වත් අවිශ්වාසයක් අප තුළ ඇති විය යුතු නැහැ. ඔහු ඒ ගැන පැවසුවේ අවංක චේතනාවකින්. ඒ වගේම එම පොරොන්දු ඉටු කිරීමට ඔහුට සම්පූර්ණ බලයක්ද තිබෙනවා.—මතෙව් 28:18.

දැන් වැදගත් ප්‍රශ්නයක් පැනනඟිනවා. ඒ තමයි මෙම පොරොන්දුව ඉටු වෙන්නේ කොහොමද කියලා. කලහාකාරී, ඔලුව උදුම්මවාගත් පුද්ගලයන් වැඩි සාර්ථකත්වයක් අද්දකින ආකාරයක් තමයි අපට හැම තැනම දකින්න තියෙන්නේ. ඒ අය තමන්ගේ හිතේ හැටියට තමන් කැමති දේවල් ලබාගන්නවා. මොළොක් ගුණැති අයට ඉතුරු වෙන්නේ මොනවාද? අනික පරිසර දූෂණය සහ එහි සම්පත් කෑදර හා දුර දිග නොබලා කටයුතු කරන මිනිසුන් විසින් විනාශ කරනු ලැබීම වැනි ප්‍රශ්න දසත පැතිරිලා තිබෙනවා. උරුම කරගැනීමට වටින පොළොවක් ඉතුරු වෙයිද? මෙම ප්‍රශ්නවලට සහ තවත් වැදගත් ප්‍රශ්නවලට පිළිතුරු ලබාගැනීම සඳහා අනෙක් ලිපිය කියවන ලෙස අප ඔබට ආරාධනා කිරීමට සතුටුයි.

[3වන පිටුවේ පින්තූරය]

ඔබට ඇත්තටම උරුමයක් ලැබෙයිද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න