ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w07 2/15 3 පි.
  • අපේ සුන්දර මිහිතලය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අපේ සුන්දර මිහිතලය
  • 2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අපේ විශ්වය ඇති වුණේ කෙසේද?—පවතින මතභේදය
    ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?
  • අපේ අරුම පුදුම හිරු
    2001 පිබිදෙව්!
  • අපේ අද්විතීය සෞරග්‍රහ මණ්ඩලයේ උපත සිදු වූයේ කෙසේද?
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • මැවීමේ බලය—“අහසේද පොළොවේද සැදුම්කරුවාණෝ”
    යෙහෝවාට ළං වන්න
තව තොරතුරු
2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w07 2/15 3 පි.

අපේ සුන්දර මිහිතලය

මිනිසාගේ නිවහන වන පෘථිවි ග්‍රහයා නිමක් කොනක් නැති විශ්වයේ ඇල්පෙනෙත්ති තුඩක් තරම් ඉතා කුඩා වස්තුවක් බව තාරකා විද්‍යාඥයන් නිරීක්ෂණ කර තිබෙනවා. එහෙත් විශ්වයේ ජීවය සඳහා සුදුසු පරිසරයක් තිබෙන එකම තැන වන්නේ පෘථිවිය පමණයි. විශ්වයේ වෙනත් කිසිම තැනක ජීවීන් සිටින බව සොයාගෙන නැහැ.

හුදෙක් ජීවත් වීමට පමණක් නොව ජීවිතය ප්‍රීතියෙන් භුක්ති විඳීම සඳහාද කදිම පරිසරයක් මිහිතලයේ තිබෙනවා. මේ ගැන ටිකක් සිතා බලන්න. තද වැසි සහිත අඳුරු වේලාවක ඝන වලාකුළු පහ වී ගොස් හිරු එළිය භූමිය මත පතිත වන විට දැනෙන හැඟීම මොනතරම් ප්‍රබෝධජනකද! හිරු නැඟ එන විට හෝ බැස යන විට අහස් තලය පුරා දිග හැරෙන දසුන මොනතරම් චමත්කාරජනකද! අපේ හිරු අපේ ගත සිත ප්‍රබෝධමත් කරනවාට වඩා වැඩි යමක් කරනවා. අපේ ජීවිතය පවත්වාගෙන යෑමට අවශ්‍ය සියලු දේ ලබා දෙන්නේ හිරුයි.

අවුරුදු මිලියන ගණනාවක් පුරා පෘථිවිය ඇතුළු සෙසු ග්‍රහයන්ට, නියමිත කක්ෂයේ ස්ථිරව පිහිටා සිටීමට හැකි වී තිබෙන්නේ හිරුගේ ගුරුත්වාකර්ෂණ බලය නිසයි. අපේ සෞරග්‍රහ මණ්ඩලය ගැනත් එය අයත් ක්ෂිර පථ මන්දාකිණිය ගැනත් පාසැල් සිසුන් ඉගෙනගන්නවා. හිරු අප අයත් වන එම මන්දාකිණියේ එක් තරුවක් පමණයි. හිරු වගේ තවත් තරු බිලියන සියයකට වැඩි ගණනක් එම මන්දාකිණිය වටා ගමන් කරනවා.

ක්ෂීර පථ මන්දාකිණිය රඳා තිබෙන්නේ මන්දාකිණි 35කින් පමණ සමන්විත මන්දාකිණි පොකුරක තිබෙන ගුරුත්වාකර්ෂණය නිසයි. එවැනි ඇතැම් පොකුරුවල මන්දාකිණි දහස් ගණනක් තිබෙනවා. අපේ සෞරග්‍රහ මණ්ඩලය දැනට පිහිටි ක්ෂීර පථ මන්දාකිණියට වඩා විශාල හා මීට වඩා තරුවලින් ගහන මන්දාකිණියක පිහිටා තිබුණා නම් එය දැන් වගේ ස්ථිරව පිහිටා තිබෙන්නේ නැහැ. “ජීවය සඳහා සුදුසු පරිසරයක්” විශ්වයේ වෙනත් කිසිම තැනක සොයාගත නොහැකි බව ගිලමෝ ගොන්සාලෙස් සහ ජේ ඩබ්. රිචඩ් පවසනවා.—The Privileged Planet.

මහා පිපුරුමකින් හටගත්තා කියා ඇතමුන් පවසන මිහිතලය මත ජීවය ඇති වූයේ අහඹු ප්‍රතිඵලයක් නිසාද? එසේත් නැත්නම් මේ අති සුන්දර මිහිතලයේ ජීවිතයට ශ්‍රේෂ්ඨ අරමුණක් තිබෙනවාද?

අපේ නිවහන වන පෘථිවිය නිර්මාණය වී තිබෙන්නේ ජීවයේ අඛණ්ඩ පැවැත්ම සඳහා බව බොහෝදෙනෙක් නිගමනය කර තිබෙනවා.a මීට අවුරුදු සියගණනකට පෙර විසූ හෙබ්‍රෙව් ජාතික කවියෙකු පොළොව හා අහස දෙස බලා මෙසේ පැවසුවා. “ඔබගේ හස්ත කර්මාන්තය වූ අහස්තලයත් ඔබ පිහිටෙවූ සඳ හා තාරකාත් ගැන මා කල්පනා කරන කල ඔබ විසින් මනුෂ්‍යයා ගැන සිතන්ට ඔහු කවරෙක්ද? ඔබ විසින් බලන්ට මනුෂ්‍ය පුත්‍රයා කවරෙක්ද?” (ගීතාවලිය 8:3, 4) ඔහුගේ නිගමනය වූයේ සෑම දෙයක්ම නිර්මාණයකට සාක්ෂි සපයන නිසා නිර්මාතෘවරයෙක් සිටිය යුතු බවයි. විද්‍යාව අතින් දියුණු මෙවන් අවධියක එවැනි නිගමනයකට එලඹීම තර්කානුකූලද?

[පාදසටහන]

a බයිබලයේ ගීතාවලිය පොත බලන්න. විශේෂයෙන් එහි ගීතාවලිය අටවන පරිච්ඡේදය බලන්න.

[3වන පිටුවේ කොටුව⁄පින්තූරය]

“ඈත අහසේ සිට බලන විට මිහිතලය දිස්වන්නේ අඳුරු තැනක බබළන නිල් මැණිකක් වගෙයි”—The Illustrated Science Encyclopedia—Amazing Planet Earth.

[හිමිකම් විස්තර]

Globe: U.S. Fish & Wildlife Service, Washington, D.C./​NASA

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න