ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w09 5/1 3 පි.
  • විශ්වාසය යනු කුමක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • විශ්වාසය යනු කුමක්ද?
  • 2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • ඔප්පුවක් හා ස්ථිර සාක්ෂි
  • ස්ථිර විශ්වාසයක් කොතරම් වැදගත්ද?
  • හෙබ්‍රෙව් 11:1 - “ඇදහිල්ල නම් බලාපොරොත්තුවන දේවල් ගැන සහතිකයය”
    බයිබල් පද පැහැදිලි කිරීමක්
  • ඔයාගේ විශ්වාසය ජීවත් වෙන විදිහෙන් පෙන්නන්න
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • විශ්වාසය - නොසැලී ඉන්න උදව් වන ගුණාංගයක්
    2019 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සැබෑ ඇදහිල්ල යනු කුමක්ද?
    2000 පිබිදෙව්!
තව තොරතුරු
2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w09 5/1 3 පි.

විශ්වාසය යනු කුමක්ද?

අන්ධ විශ්වාසය! මින් අදහස් කරන්නේ කිසිම පදනමක් නැතුව යමක් පිළිගැනීමයි. සමහරු ඇදහිල්ල කියන්නෙත් එයටමයි. ඒ ගැන එක් ප්‍රසිද්ධ වාර්තාකරුවෙක්ද විස්තර කළේ “යමක් සිදු නොවන බව දැන දැනත් එය පිළිගැනීම” හැටියටයි.

එහෙත් බයිබලයේ ඇදහිල්ලa හෝ විශ්වාසය විස්තර කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයකටයි. එහි පවසන්නේ මෙසේයි. “ඇදහිල්ල යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ සහතික වූ අපේක්ෂාවය; නොපෙනෙන නමුත් සැබෑ දේවල් පිළිබඳ පැහැදිලි සාක්ෂියය.”—හෙබ්‍රෙව් 11:1.

විශ්වාසය පිළිබඳ එවැනි පටහැනි අදහස් තිබෙන්නේ ඇයි? පහත සඳහන් ප්‍රශ්න සලකා බැලීමෙන් ඊට පිළිතුර සොයාගනිමු.

• විශ්වාසය ගැන බයිබලයේ එලෙස විස්තර කරන්නේ ඇයි?

• අපට එවැනි විශ්වාසයක් තිබීම අවශ්‍ය ඇයි?

• අපේ විශ්වාසයට පදනමක් තිබෙනවාද?

ඔප්පුවක් හා ස්ථිර සාක්ෂි

හෙබ්‍රෙව් 11:1හි “සහතික වූ අපේක්ෂාව” ගැන සඳහන් වුණා මතකද? හෙබ්‍රෙව් පොත ලියූ කාලයේදී එම යෙදුම වැඩිපුරම භාවිත කළේ ව්‍යාපාරික කටයුතුවලදී යොදාගන්නා ඔප්පුවක් විස්තර කිරීමටයි. එම වගන්තිය “විශ්වාසය යනු බලාපොරොත්තු වන දේවල් පිළිබඳ ඔප්පුව” කියාද පරිවර්තනය කළ හැකි බව එක් පොතක සඳහන් වෙනවා.

එය තේරුම්ගැනීමට උදාහරණයක් සලකා බලමු. ඔබ ප්‍රසිද්ධ වෙළඳ සැලකින් භාණ්ඩයක් මිල දී ගන්නවා. ඒ අවස්ථාවේදීම ඔබට රිසිට්පතක් ලැබෙනවා. නමුත් භාණ්ඩය ඔබේ නිවසට ගෙනැවිත් දෙන්නේ ඊළඟ දවසේදී කියා ඔවුන් පවසනවා. ඔබ ඒ පොරොන්දුව විශ්වාස කරන්නේ ඇයි? ඔබේ අතේ තිබෙන රිසිට්පත නිසයි. එය හරියට ඔප්පුවක් වගෙයි. එය නැති කරගත්තොත් එම භාණ්ඩයට අයිතිවාසිකම් කියන්න ඔබට බැහැ. එමෙන්ම ඔබට ඒ භාණ්ඩය ලැබෙයි කියා විශ්වාස කරන්නත් බැහැ. ඒ හා සමානව දෙවි අපට පොරොන්දු වී ඇති දේවල් අපට ලබා දෙන්නේ අප දෙවි කෙරෙහි විශ්වාසය තැබුවොත් පමණයි. ඒ විශ්වාසය නැති කරගත්තොත් දෙවි පොරොන්දු වී තිබෙන දේවල් ඉටු වෙනවා දකින්න අපට හැකි වෙන්නේ නැහැ.—යාකොබ් 1:5-8.

ඊළඟට “පැහැදිලි සාක්ෂිය” ගැනත් හෙබ්‍රෙව් 11:1හි සඳහන් වෙනවා. එය මේ ආකාරයට විස්තර කළ හැකියි. අපි ‘ඉර නඟිනවා ඉර බහිනවා’ කියද්දී, එසේ පවසන්නේ පෘථිවිය වටේ ඉර කැරකෙනවා වගේ පෙනෙන නිසයි. එහෙත් සිදු වන්නේ ඊට වෙනස් දෙයක්. ඇත්තටම ඉර වටේ භ්‍රමණය වන්නේ පෘථිවියයි. පෙනෙන දෙයට වඩා වෙනස් දෙයක් අප විශ්වාස කරන්නේ ඇයි? ඊට පැහැදිලි විද්‍යාත්මක සාක්ෂි තිබෙන නිසයි. දෙවි කෙරෙහි අපට තිබෙන විශ්වාසයත් එයාකාරමයි. එය අන්ධ විශ්වාසයක් නොවෙයි. ඒ අනුව බලද්දී දෙවි කෙරෙහි විශ්වාස කිරීම යනුවෙන් අදහස් කරන්නේ ඔහු පොරොන්දු වී ඇති දේවල් ගැන කිසිම ආකාරයකින් සැක නොකිරීමයි. එමෙන්ම ඔහු ඉටු කරන දේවල් දැන් අප නොදුටුවත් ඒවා සැබෑ වන බව පිළිගැනීමයි.

ස්ථිර විශ්වාසයක් කොතරම් වැදගත්ද?

බයිබලයේ අපට දිරිගන්වන්නේ අපි සිතන ආකාරය පවා වෙනස් කරගෙන ස්ථිර සාක්ෂි මත පදනම් වූ විශ්වාසයක් ඇති කරගැනීමටයි. එවැනි විශ්වාසයක් අවශ්‍ය වෙන්නේ ඇයි? “[දෙවි කෙරෙහි විශ්වාසයක්] නැතුව කිසිසේත් දෙවිව සතුටු කළ නොහැක. මන්ද, දෙවි වෙත ළඟාවන්නා විසින් ඔහු ජීවමාන බවත් ඔහුව ඕනෑකමින් සොයන අයට ඔහු විපාක දෙන කෙනෙකු බවත් විශ්වාස කළ යුතුය” කියා බයිබලයේ සඳහන් වන නිසයි.—හෙබ්‍රෙව් 11:6.

ස්ථිර විශ්වාසයක් ගොඩනඟා ගැනීම පහසු නැති වුණත් ඊළඟට සලකා බලන පියවර හතර එසේ කිරීමට අපට උපකාර කරයි.

[පාදසටහන]

a මෙම ලිපි මාලාවේ ඇදහිල්ල වෙනුවට බොහෝවිට යොදා තිබෙන්නේ විශ්වාසය යන වචනයයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න