පටුන
2010 අප්‍රියෙල් 15
පාඩම් කලාපය
සතියට නියමිත පාඩම් ලිපි:
මැයි 31, 2010–ජුනි 6, 2010
දරුවෙනි කැමැත්තෙන්ම දෙවිට සේවය කරන්න
3වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 89, 41
ජුනි 7-13, 2010
දෙවි තම අරමුණ ඉටු කිරීමට ඔහුගේ බලය යොදාගනියි
7වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 116, 19
ජුනි 14-20, 2010
වැදගැම්මකට නැති දේවලින් ඔබේ ඇස් අහකට ගන්න
20වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 61, 52
ජුනි 21-27, 2010
ඔබ යේසුස්ව කිට්ටුවෙන් අනුකරණය කරනවාද?
24වන පිටුව
ගායනා කළ යුතු ගීතිකා: 54, 17
පාඩම් ලිපිවල අරමුණ
පාඩම් ලිපිය 1 පිටු 3-7
තමාට සවන් දී ඉගෙනගන්නත් තම මඟ පෙන්වීම් පිළිපදින්න කියාත් යෙහෝවා දෙවි දරුවන්ට ආරාධනා කරනවා. යෙහෝවා දෙවිට මුළු හදවතින් නමස්කාර කිරීම සඳහා බයිබලය කියවීම, යාච්ඤා කිරීම හා හොඳ හැසිරීමක් පවත්වාගැනීම වැනි දේවල් දරුවන්ට උපකාර කරන ආකාරය අපි මේ ලිපියෙන් සලකා බලනවා.
පාඩම් ලිපිය 2 පිටු 7-11
යෙහෝවා දෙවිගේ අරමුණ ඉටු වීම නතර කරන්න කිසි කෙනෙකුට බැරි බව අපි දන්නවා. එම අරමුණ ඉටු කිරීමට දෙවි අතීතයේදී තම බලය යොදාගත් ආකාරයත් වර්තමානයේදී හා අනාගතයේදී යොදාගන්නා ආකාරයත් අපි මේ ලිපියෙන් සලකා බලනවා.
පාඩම් ලිපිය 3 පිටු 20-24
සාතන් පාලනය කරන මේ ලෝකයේ අවසානය ළං වෙමින් පවතින මේ කාලයේ දෙවි සමඟ ඇති අපගේ මිත්‍රත්වයට හානි සිදු කළ හැකි දේවල් බොහොමයක් තිබෙනවා. ඒවා මොනවාද, සාතන් ඒවා යොදාගන්නේ ඇයි සහ අප ආරක්ෂා වන්නේ කෙසේද කියා අපි මේ ලිපියෙන් සලකා බලනවා.
පාඩම් ලිපිය 4 පිටු 24-28
දිගටම උද්‍යෝගයෙන් දෙවිට සේවය කරන්න අපට උපකාරවත් වන්නේ කුමක්ද? අප පරෙස්සම් විය යුත්තේ ක්‍රිස්තුස්ව දිගටම අනුගමනය කිරීමට බාධාවක් වන කුමන දෙයින්ද? මේ වැදගත් ප්‍රශ්නවලට මෙම ලිපියෙන් පිළිතුරු සොයාගත හැකියි.
මෙම කලාපයේ:
ඔබට මතකද? 12
ඔබෙන් ප්‍රශ්න ඇසීමට ඔබ යෙහෝවා දෙවිට ඉඩ දෙනවාද? 13
යෙහෝවා දෙවි කෙරෙහි තිබූ අපේ විශ්වාසය තවත් ශක්තිමත් වුණා 16
ඔබට “අනතුරක්” සිදු වෙනවාට යෙහෝවා දෙවි කැමති නැහැ 29