ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w10 12/15 30-31 පි.
  • පාඨකයන්ගෙන් ප්‍රශ්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පාඨකයන්ගෙන් ප්‍රශ්න
  • 2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘ඔහු සැබෑ දෙවි සමඟ ගමන් කළා’
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • නෝවා දෙවි සමඟ ගමන් කළේය කාටත් ඉගෙනගත හැකි වීඩියෝ පටයක්
    2002 අපගේ රාජ්‍ය සේවාව
  • නෝවාට දෙවිගේ අනුමැතිය ලැබීමට හේතුව කුමක්ද?
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නෝවාගේ ඇදහිල්ල මගින් ලෝකය හෙළා දැකිණි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w10 12/15 30-31 පි.

පාඨකයන්ගෙන් ප්‍රශ්න

උත්පත්ති 6:3හි මෙසේ සඳහන් වෙනවා. “මම හැමදාමත් මිනිසුන්ගේ ක්‍රියා නොඉවසන්නෙමි. මන්ද ඔවුන් නිකම්ම දුර්වල මනුෂ්‍යයන් විතරයි. ඔවුන්ට තව අවුරුදු එකසිය විස්සක් ජීවත් වෙන්න මම ඉඩහරින්නෙමි.” ඉන් අදහස් කරන්නේ යෙහෝවා දෙවි එදා සිටි මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 120කට සීමා කළ බවද? ඒ අවුරුදු 120 පුරාම නෝවා ජලගැල්ම ගැන දේශනා කළාද?

ඉහත ප්‍රශ්න දෙකටම පිළිතුර වන්නේ නැත යන්නයි.

ජලගැල්මට පෙර මිනිසුන් අවුරුදු සිය ගණන් ජීවත් වුණා. උදාහරණයකට ජලගැල්ම පැමිණෙන විට නෝවාගේ වයස අවුරුදු 600ක් වූ අතර ඔහු අවුරුදු 950ක් ජීවත් වුණා. (උත්. 7:6; 9:29) ජලගැල්මට පසුව ඉපදුණු සමහර අයද අවුරුදු 120කට වඩා වැඩි කාලයක් ජීවත් වුණා. අවුරුදු 438ක් ජීවත් වූ ආර්පක්සද් සහ අවුරුදු 433ක් ජීවත් වූ ෂේලා උදාහරණ ලෙස සඳහන් කළ හැකියි. (උත්. 11:10-15) නමුත් මෝසෙස්ගේ කාලය වන විට මිනිසුන්ගේ සාමාන්‍ය ආයු කාලය අවුරුදු 70ක් හෝ 80ක් වුණා. (ගීතා. 90:10) ඉන් පැහැදිලි වන්නේ උත්පත්ති 6:3හි මිනිසුන්ගේ ආයු කාලය අවුරුදු 120කට සීමා නොකළ බවයි.

අවුරුදු 120කින් විනාශය පැමිණෙන බව යෙහෝවා දෙවි පැවසුවේ නෝවාටද? නැහැ. කෙසේවෙතත් යෙහෝවා දෙවි අවස්ථා ගණනාවකදී නෝවා සමඟ කතා කර තිබෙනවා. උදාහරණයකට උත්පත්ති 6:13හි මෙසේ සඳහන් වෙනවා. “ඉන්පසු දෙවි නෝවාට මෙසේ කීවේය. ‘ජීවත් වන සියල්ලන්ව විනාශ කිරීමට කාලය පැමිණ ඇත. මන්ද ඔවුන් නිසා මුළු පොළොවම සැහැසික ක්‍රියාවලින් පිරී තිබේ.’” ඉන් වසර කිහිපයකට පසු නෝවා නැව සාදා අවසන් කළා. “පසුව යෙහෝවා දෙවි නෝවාට මෙසේ කීවේය. ‘ඔබේ පවුලේ සියලුදෙනා සමඟ දැන් නැවට ඇතුල් වන්න.’” (උත්. 7:1) ඒ වගේම යෙහෝවා දෙවි වෙනත් විවිධ අවස්ථාවලදීද නෝවා සමඟ කතා කළ බව බයිබලයේ සඳහන් වෙනවා.—උත්. 8:15; 9:1, 8, 17.

නමුත් උත්පත්ති 6:3හි නෝවාගේ නමවත් දෙවි ඔහු සමඟ කතා කළ බවවත් සඳහන් වන්නේ නැහැ. එහි සඳහන් දෙයින් පැහැදිලි වන්නේ දෙවි එය අරමුණු කළ දෙයක් බවයි. (උත්පත්ති 8:21 බලන්න.) ආදම්ව නිර්මාණය කිරීමට බොහෝ කාලයකට පෙරද දෙවි තම අදහස් ප්‍රකාශ කළ අවස්ථාවලදී “දෙවි මෙසේ කීවේය” කියා බයිබලයේ සඳහන් වෙනවා. (උත්. 1:6, 9, 14, 20, 24) දෙවි ඒ අවස්ථාවේ මිනිසුන් සමඟ කතා කළ බව ඉන් අදහස් වන්නේ නැහැ. මන්ද ඒ වන විට මිනිසාව නිර්මාණය කර තිබුණේ නැහැ.

එසේනම් උත්පත්ති 6:3හි සඳහන් දෙයින් අවුරුදු 120කින් දෙවි එම දුෂ්ට මිනිසුන්ව විනාශ කිරීමට තීරණය කර තිබූ බව අපට නිගමනය කළ හැකියි. නෝවා ඒ පිළිබඳව කිසි දෙයක් දැන සිටියේ නැහැ. කෙසේවෙතත් දෙවි ඒ සඳහා එතරම් කාලයකට ඉඩහැරියේ ඇයි?

ඊට හේතුව පේතෘස් මෙසේ පවසනවා. “දෙවි ඒ කාලයේදී ඉවසිල්ලෙන් බලා සිටියේ නැව සාදන තුරුය. ඒ නැවට ඇතුල් වී ස්වල්පදෙනෙක් එනම්, අටදෙනෙක් අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගත්තෝය.” (1 පේතෘ. 3:20) දුෂ්ට මිනිසුන්ව විනාශ කිරීමට පෙර දෙවි අවුරුදු 120ක කාලයක් බලා සිටියේ ඊට පෙර යම් දේවල් ඉටු විය යුතුව තිබුණු නිසයි. නෝවාට දාව දරුවන් ඉපදුණේ දෙවි උත්පත්ති 6:3හි සඳහන් දේ පවසා අවුරුදු 20කට පසුවයි. (උත්. 5:32; 7:6) ඔහුගේ පුතුන් ලොකු මහත් වී විවාහ වීමත් සමඟ ඔවුන්ගේ පවුලේ ගණන “අටදෙනෙක්” දක්වා වැඩි වුණා. ඊටපසු ඔවුන්ට නැව සෑදීමට සිදු වුණා. නැව ඉතා විශාල නිසාත් එය සෑදීමට සිටියේ ස්වල්පදෙනෙක් නිසාත් නැව සෑදීම පහසු කාර්යයක් වුණේ නැහැ. දෙවි අවුරුදු 120ක කාලයක් ඉවසීම මගින් එම කාර්යයන් ඉටු කිරීමට කාලය තිබුණා. ඒ තුළින් ‘අටදෙනෙකුට අනතුරක් නැතුව ජලයෙන් තම දිවි ගලවාගැනීමට’ හැකි වුණා.

ජලගැල්ම ගැන දෙවි නෝවාට පැවසුවේ කුමන වසරේද කියා බයිබලයේ නිශ්චිතව සඳහන් වන්නේ නැහැ. නෝවාට දාව ලැබුණු දරුවන් උස් මහත් වී විවාහ වූ පසුත් ජලගැල්ම පැමිණීමට තව අවුරුදු 40ක් හෝ 50ක් ඉතුරුව තිබුණා. යෙහෝවා දෙවි නෝවාට මෙසේ පැවසුවා. “ජීවත් වන සියල්ලන්ව විනාශ කිරීමට කාලය පැමිණ ඇත.” ඒ නිසා නෝවා විශාල නැවක් සෑදිය යුතු බවත් ඔහු සහ ඔහුගේ පවුලේ අය ඊට ඇතුල් විය යුතු බවත් දෙවි පැවසුවා. (උත්. 6:13-18) ඉතුරු වූ දශක ගණනාව පුරා නෝවා ධර්මිෂ්ඨ ජීවිතයක් ගත කළා පමණක් නොව ‘ධර්මිෂ්ඨකම ගැන දේශනා කරමින්’ දෙවි ඔහුගේ ප්‍රමිතිවලට අනුව ජීවත් නොවන අයව විනාශ කරන බවට වූ අනතුරු ඇඟවීමද කළා. ජලගැල්ම පැමිණෙන්නේ කුමන වසරේද කියා නෝවා කලින් දැන සිටියේ නැතත් එය අනිවාර්යයෙන්ම පැමිණෙන බව ඔහු දැන සිටියා. එය එසේ පැමිණි බව ඔබ දන්නවා.—2 පේතෘ. 2:5.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න