ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 5/1 22-23 පි.
  • නරක මිතුරන්ගෙන් ඈත් වෙන්න

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නරක මිතුරන්ගෙන් ඈත් වෙන්න
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • සොදොම් සහ ගොමෝරා නගරවල විනාශය
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් වරදට හසු නොවෙයි
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • බලවත් ක්‍රියා මගින් යේසුස් මිනිසුන්ට උපකාර කරයි
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස් කී දේවල් ඇසීමෙන් ඔවුන් පුදුම වුණා
    2008 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 5/1 22-23 පි.

යොවුන් ඔබට

නරක මිතුරන්ගෙන් ඈත් වෙන්න

මඟ පෙන්වීම්: නිස්කලංක තැනක් තෝරාගන්න. අතීතයේ සිදු වූ සැබෑ සිද්ධීන් බයිබලයෙන් කියවන විට ඔබත් එහි සිටියා කියා සිතන්න.

ප්‍රධාන චරිත: දීනා, ෂීකෙම්, යාකොබ්, සිමියොන් සහ ලෙවී

සාරාංශය: ෂීකෙම්, දීනාව දූෂණය කළ නිසා කෝපයට පත් ඇගේ සොහොයුරන් පළිගනියි.

1 සිතින් මවාගන්න.—උත්පත්ති 34:1-31 දක්වා කියවන්න.

ඔබ සිතන ආකාරයට දීනා කානාන් දේශයේ සිටි ඇගේ මිතුරියන් සමඟ එකතු වී මොන වගේ දේවල් කරන්න ඇද්ද?

․․․․․

‘කතාවෙන් දීනාගේ සිත දිනාගැනීම’ සඳහා ෂීකෙම් කුමන දේවල් පවසන්න ඇද්ද?

․․․․․

සිමියොන්ට සහ ලෙවීට තරවටු කළ අවස්ථාවේ යාකොබ් තුළ මොන වගේ හැඟීම් තියෙන්න ඇද්ද? (උත්පත්ති 34:30)

․․․․․

2 තවත් ගැඹුරට සිතන්න.

දීනා කානාන් දේශයේ සිටි තරුණියන්ව හමු වීමට දිනපතාම යන්න ඇත්තේ ඇයි? (දීනා කානාන් දේශයේ සිටි ඇගේ මිතුරියන් ආශා කළ කුමන දේවලට ආශා කරන්න ඇද්ද? ඇගේ සිත ඇදී යන්න ඇත්තේ කානාන් දේශයේ තිබුණු මොන වගේ දේවලටද?)

․․․․․

දීනා දකින්න ඇත්තේ ෂීකෙම් තුළ තිබුණ මොන වගේ හොඳ ගතිගුණද? (උත්පත්ති 34:3, 12 සහ 19 කියවන්න.)

․․․․․

ෂීකෙම් සමඟ ලිංගික සම්බන්ධකම් පැවැත්වීමට දීනා තුළ කැමැත්තක් නොතිබූ බව පැවසිය හැක්කේ ඇයි? (උත්පත්ති 34:2 කියවන්න.)

․․․․․

සිමියොන් සහ ලෙවී, ෂීකෙම් නුවරෙහි වැසියන්ගෙන් පළිගැනීම හරිද, වැරදිද? හේතුව පැහැදිලි කරන්න.

․․․․․

3 පහත සඳහන් දේවල් ගැන ඔබ ඉගෙනගත්තේ කුමක්ද කියා ලියන්න.

මිතුරන්ව ඥානවන්තව තෝරාගැනීම.

․․․․․

කෝප වීමට සාධාරණ හේතු තිබුණත් තමාවම පාලනය කරගැනීම.

․․․․․

මේ ගැනත් සිතන්න.

දෙවිගේ ප්‍රතිපත්ති නොසලකාහරින අය අතින් ලිංගික අතවරයට ලක් වීමෙන් වැළකී සිටීමට කුමක් කළ හැකිද?

․․․․․

4 සලකා බැලූ කොටසින් ඔබේ සිතට තදින්ම කාවැදුණේ කුමක්ද? ඒ ඇයි?

․․․․․

ඔබ ළඟ බයිබලයක් නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් බයිබලයක් ලබාගන්න. එසේත් නැත්නම් පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න. www.watchtower.org

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න