ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 8/15 32 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘දෙවිගේ ප්‍රඥාව කොතරම් පුළුල්ද!’
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔබ දෙවිගේ ගෘහයේ ඇත්තාවූ සාරවත් ඔලීව ගසක්ද?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔලීව ගහේ නිදර්ශනය
    2019 ක්‍රිස්තියානි ජීවිතය සහ දේවසේවය වැඩපොත
  • දිලිඳුකමට නිමාවක්
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 8/15 32 පි.

ඔබට මතකද?

මෑතකදී පළ වූ මුරටැඹ කලාප කියවීමෙන් ඔබ වටිනා කාරණා ඉගෙනගත්තාද? එසේනම් පහත සඳහන් ප්‍රශ්නවලට පිළිතුරු දීමට ඔබට හැකිද කියා බලන්න.

• වංක වීමට තිබෙන නැඹුරුවාවට හසු නොවී සිටීමට අපට උපකාර කරන වැදගත් කාරණා තුන කුමක්ද?

ඒවා නම්, (1) දේවගරුබිය. (1 පේතෘ. 3:12) (2) පුහුණු කරන ලද හෘදය සාක්ෂිය. (3) සෑහීමට පත් වීම.—4/15, 6-7 පිටු.

• දෙවිට සේවය කිරීම බැරෑරුම්ව සලකනවා කීමෙන් අදහස් කරන්නේ විවේකයක් හෝ විනෝදයක් ලබන්නේ නැතුව සේවය කිරීම නොවන බව අප දන්නේ කොහොමද?

යේසුස්ගේ ආදර්ශයෙන් එය පැහැදිලියි. ඔහු අන් අය සමඟ විවේකීව කාලය ගත කළ අතර මිත්‍රශීලීව කටයුතු කළා. දරුවන්ට පවා කිසිම අපහසුතාවක් නැතුව ඔහුට ළං වීමට හැකි වුණේ ඒ නිසයි.—4/15, 10 පිටුව.

• යුවළකට දරුවන් ලැබුණු පසු ඔවුන්ගේ බැඳීම දුර්වල වී ඇති බව දැනෙයි නම් කුමක් කළ හැකිද?

ඔවුන් අතර මුලින් තිබූ ප්‍රේමය නැවත ඇති කරගැනීම අවශ්‍යයි. ස්වාමිපුරුෂයාගේ ආදරය හා සැලකිල්ල අඩුයි කියා භාර්යාවට දැනෙනවා නම් එය නැති කිරීමට ඔහු පියවර ගැනීම අවශ්‍යයි. එකිනෙකාගේ හැඟීම් සහ අවශ්‍යතා ගැන දෙදෙනා විවෘතව කතා කිරීමද අවශ්‍යයි.—5/1, 12-13 පිටු.

• රෝම 11වන පරිච්ඡේදයේ සඳහන් ලෙස ඔලීව ගසෙන් නියෝජනය කළේ කුමක්ද?

ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැත්තාට අයිති අයව පාවුල් ඔලීව ගසක අතුවලට සමාන කළා. ඔලීව ගසේ මුලෙන් යෙහෝවා දෙවිව නියෝජනය වන අතර එහි කඳෙන් යේසුස් ක්‍රිස්තුස්ව නියෝජනය කරනවා. යුදෙව්වන්ගෙන් බොහෝදෙනෙක් යේසුස්ව ප්‍රතික්ෂේප කළ නිසා ඔවුන් වෙනුවට වෙනත් ජාතීන්ට අයත් අයව අභිෂේක කළා. ආබ්‍රහම්ගෙන් පැවත එන තැනැන්තාට අයිති මුළු සංඛ්‍යාව සම්පූර්ණ වන්නේ එලෙසයි.—5/15, 22-25 පිටු.

• දිළිඳුන්ට ප්‍රකාශ කළ හැකි ශුභාරංචිය කුමක්ද?

එය නම් මිනිසුන්ව පාලනය කිරීමට යෙහෝවා දෙවි පත් කර තිබෙන්නේ යේසුස්ව බවයි. දුප්පත්කම නැති කිරීමට සුදුසුම තැනැත්තා යේසුස් කියා පැවසීමට හොඳ හේතු තිබෙනවා. ඔහු මුළු මිනිස් වර්ගයාවම පාලනය කිරීමට නියමිත අතර ඒ සඳහා ඔහුට බලය තිබෙනවා. ඔහු දුප්පත් අයට කාරුණිකව සැලකුවා. දුප්පත්කමට හේතු වී තිබෙන මිනිසුන් තුළ තිබෙන ආත්මාර්ථකාමීත්වය නැති කිරීමට ඔහුට හැකියාව තිබෙනවා.—6/1, 7 පිටුව.

• “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” කියා යේසුස් කායෆස්ට පැවසූ විට ඉන් අදහස් කළේ කුමක්ද?—මතෙ. 26:63, 64.

“ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” යන කියමන යුදෙව්වන් පොදු ව්‍යවහාරයේදී යොදාගෙන තිබෙනවා. ඔබ දෙවිගේ පුත්‍රයාද කියා යේසුස්ගෙන් කායෆස් ඇසුවා. “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” කියා පැවසීමෙන් යේසුස් එය තහවුරු කළා.—6/1, 18 පිටුව.

• පරිපූර්ණ මිනිසෙකු වූ යේසුස්ගෙන් පැවත ඒමට හැකියාව තිබූ අයත් යේසුස්ගේ ජීවිත පූජාවේ කොටසක් වුණාද?

නැහැ. යේසුස්ට පරිපූර්ණ දරුවන් බිහි කිරීමේ හැකියාව තිබුණත් ආදම්ගෙන් පැවත එන සියලුදෙනාව පාපයෙන් හා මරණයෙන් මුදාගැනීම සඳහා යේසුස්ගෙන් පැවත ඒමට හැකියාව තිබූ සියලුදෙනාගේම ජීවිත අවශ්‍ය වුණේ නැහැ. ඒ සඳහා යේසුස්ගේ පරිපූර්ණ ජීවිතය පමණක් ප්‍රමාණවත් වුණා. (1 තිමෝ. 2:6)—6/15, 13 පිටුව.

• ක්‍රියා 20:29, 30හි සඳහන් බොරු ගුරුවරුන් ගැන දී ඇති අනතුරු ඇඟවීම හොඳින් සිතට ගෙන ඇති බව ක්‍රිස්තියානීන් පෙන්වන්නේ කොහොමද?

ඔවුන් බොරු ගුරුවරුන් සමඟ කතා කරන්නේවත් ඔවුන්ට නිවසට ආරාධනා කරන්නේවත් නැහැ. (රෝම 16:17; 2 යොහ. 9-11) එමෙන්ම ඔවුන් ලියූ පොත් පත් කියවන්නේවත් ඔවුන් සහභාගි වන රූපවාහිනී වැඩසටහන් නරඹන්නේවත් අන්තර්ජාලයේ ඔවුන් පළ කර ඇති අදහස් කියවන්නේවත් නැහැ.—7/15, 15-16 පිටු.

• දරුවන්ට දෙවි ගැන ඉගැන්විය යුත්තේ කවුද?

බයිබලයේ සඳහන් වන ආකාරයට එය මව සහ පියා යන දෙදෙනාගේම වගකීමයි. (හිතෝ. 1:8; එෆී. 6:4) මව සහ පියා යන දෙදෙනාම එකතු වී එසේ කරන විට දරුවන්ට ඉන් විශාල බලපෑමක් ඇති වන බව පර්යේෂණවලින් තහවුරු වී තිබෙනවා.—8/1, 6-7 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න