ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w11 6/1 18 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • යේසුස්ට මරණ දඬුවම දුන් උත්තම පූජකයා
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • මුලින්ම අන්නස් වෙත ඉන්පසු කායෆස් වෙතට
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • පේතෘස් අතින් වුණ වරද
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w11 6/1 18 පි.

ඔබ දැන සිටියාද?

පේතෘස්, කොර්නේලියස්ව හමු වීමට කලින් සම් පදම් කරන්නෙකු වූ සීමොන්ගේ නිවසේ සිටීමේ විශේෂත්වයක් තිබෙනවාද?

▪ ‘යොප්පාවේ මුහුද අසල විසූ සීමොන් නමැති සම් පදම් කරන්නාගේ නිවසේ’ පේතෘස් ‘දින කිහිපයක්ම’ නැවතී සිටි බව බයිබලයේ සඳහන් වෙනවා. (ක්‍රියා 9:43; 10:6) යුදෙව්වන් සම් පදම් කරන්නන්ව සැලකුවේ අපවිත්‍ර මෙන්ම පහත් පිරිසක් හැටියටයි. පැරණි යුදෙව් ලියවිලිවල සම් පදම් කරන අයව ගොම එකතු කරන අයටත් වඩා පහත් අය ලෙස විස්තර කර තිබෙනවා. සම් පදම් කරන්නෙක් වූ සීමොන්ට දිනපතාම මිය ගිය සතුන්ව ස්පර්ශ කරන්න සිදු වූ නිසා යුදෙව් නීතියට අනුව ඔහු අපවිත්‍ර කෙනෙක් වුණා. (ලෙවී කතාව 5:2; 11:39) සම් පදම් කරන විට දුගඳක් හමන නිසා සීමොන්, නගරයෙන් පිට තැනක එම වැඩකටයුතු කරන්න ඇති කියාත් ඒ වැඩවලට ඔහු මුහුදු වතුර යොදාගන්න ඇති කියාත් සමහර මූලාශ්‍රවල සඳහන් වෙනවා.

කොහොමවුණත් සීමොන්ගේ නිවසේ නවාතැන් ගැනීම පේතෘස්ට ගැටලුවක් වුණේ නැහැ. මිනිසුන්ව පහත් කොට සැලකීමේ යුදෙව් ආකල්පය හෙළාදුටු යේසුස්ගෙන් පේතෘස් කදිම පාඩමක් ඉගෙනගෙන තිබූ බව ඉන් පැහැදිලි වෙනවා.—මතෙව් 9:11; ලූක් 7:36-50.

“ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” යන්නෙහි අර්ථය කුමක්ද?

▪ ඔබ දෙවිගේ පුත්‍රයා වන ක්‍රිස්තුස්ද කියා උත්තම පූජකයා වූ කායෆස් යේසුස්ගෙන් ප්‍රශ්න කළ විට “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” කියා යේසුස් පිළිතුරු දුන්නා. (මතෙව් 26:63, 64) එහි අර්ථය කුමක්ද?

යේසුස් එසේ පැවසුවේ කායෆස්ගේ ප්‍රශ්නය මඟහරින්න නොවෙයි. පෙනෙන විදිහට, “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” යන කියමන යුදෙව්වන් පොදු ව්‍යවහාරයේදී යොදාගෙන තිබෙනවා. ඔවුන් එය යොදාගත්තේ කෙනෙක් ඇසූ ප්‍රශ්නයකට ඔව් කියා පිළිතුරු දීමටයි. හතරවෙනි සියවසට අයත් යුදෙව් ආගමික ලියවිල්ලක සඳහන් දෙයකින්ද එය තේරුම්ගත හැකියි. ගුරුතුමා මිය ගියාද කියා යුදෙව්වෙකුගෙන් ඇසූ විට “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” කියා ඔහු පැවසූ බව එහි සඳහන් වෙනවා. ඉන් ඔහු අදහස් කළේ ගුරුවරයා මිය ගිය බවයි.

සත්‍යය දැනගැනීමට කායෆස්ට අයිතියක් තිබෙන බව යේසුස් වටහාගෙන සිටියා. ඔබ දෙවිගේ පුත් ක්‍රිස්තුස්ද කියා ඇසූ විට යේසුස් නිහඬව සිටියා නම් ඔහු ක්‍රිස්තුස් නොවෙයි කියා කායෆස් සිතන්න ඉඩ තිබුණා. “ඒ ප්‍රශ්නයට පිළිතුර ඔබෙන් දැන් ලැබුණා” කියා යේසුස් පැවසුවේ ඒ නිසයි. එම සිද්ධිය මාක්ගේ සුවිශේෂයේ සඳහන් වන්නේ කායෆස් ඇසූ ප්‍රශ්නයට “ඒ මම තමයි” කියා යේසුස් නිර්භීතව පිළිතුරු දුන් බවයි.—මාක් 14:62; මතෙව් 26:25; මාක් 15:2.

[18වන පිටුවේ පින්තූරය]

මොරොක්කෝවේ සම් පදම් කරන තැනක්

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න