ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 89 පාඩම 208 පි.-209 පි. 1 ¶
  • පේතෘස් අතින් වුණ වරද

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පේතෘස් අතින් වුණ වරද
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • යේසුස්ට මරණ දඬුවම දුන් උත්තම පූජකයා
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්ව අන්නස් වෙතටත් පසුව කායෆස් වෙතටත් ගෙන යයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • ලාසරුස්ව නැවත නැඟිටුවයි
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 89 පාඩම 208 පි.-209 පි. 1 ¶
කායෆස්ගේ ගෙදර මැද මිදුලේදී පේතෘස් යේසුස්ව අඳුරන්නේ නැහැ කියලා කියමින්

89වෙනි පාඩම

පේතෘස් අතින් වුණ වරද

යේසුස් නියෝජිතයන් එක්ක උඩුමහල් කාමරයේ හිටිය වෙලේ එයාලට කිව්වා ‘අද රෑ ඔයාලා හැමෝම මාව දාලා යනවා’ කියලා. එතකොට පේතෘස් කිව්වා ‘අපෝ නෑ, අනිත් අය ගියත් මං නම් ඔයාව කවදාවත් දාලා යන්නේ නෑ’ කියලා. ඒත් යේසුස් කිව්වා ‘කුකුළෙක් හඬලන්න කලින් ඔයා මාව අඳුරන්නේ නැහැ කියලා තුන් පාරක්ම කියනවා’ කියලා.

යේසුස්ව අත්අඩංගුවට ගත්ත අය ඔහුව කායෆස්ගේ ගෙදරට ගෙනිච්ච වෙලේ නියෝජිතයන් හැමෝම වගේ ඔහුව දාලා ගිහිල්ලයි තිබුණේ. හැබැයි දෙන්නෙක් යේසුස්ගේ පස්සෙන් ආවා. එක් කෙනෙක් පේතෘස්. එයා කායෆස්ගේ ගෙදර මැද මිදුලේ තිබුණු ගිනිමැලයක් ළඟ ඉඳගෙන ඉද්දී සේවිකාවක් එයාව දැකලා කිව්වා ‘ඔයාත් යේසුස් එක්ක හිටියා නේද’ කියලා.

‘ඔයා මේ මොනවා කියනවාද මං දන්නේනෑ’ කියලා පේතෘස් කිව්වා. ඊටපස්සේ එයා එතැනින් ගියාම තවත් සේවිකාවක් කිව්වා ‘මේ මිනිහාත් යේසුස් එක්ක හිටිය කෙනෙක්’ කියලා. එතකොට පේතෘස් කිව්වා ‘මං යේසුස්ව දන්නෙවත් නෑ’ කියලා. ඊටපස්සේ මනුස්සයෙක් මෙහෙම කිව්වා. ‘ඔයා කතා කරන විදිහෙන්ම තේරෙනවා ඔයාත් යේසුස් වගේ ගලීලයෙන් ආපු කෙනෙක් කියලා.’ ඒ වෙලාවේ පේතෘස් දිවුරලා කිව්වා ‘මං එයාව දන්නේ නෑ’ කියලා.

එතකොටම කුකුළෙක් හැඬලුවා. යේසුස් ඒ වෙලාවේ පේතෘස් දිහා බැලුවාම පේතෘස්ට ලොකු දුකක් දැනුණු නිසා එයා එළියට ගිහින් හොඳටම ඇඬුවා.

මන්ත්‍රණ සභාව යේසුස්ගේ නඩු විභාගය අහන්න කායෆස්ගේ ගෙදරට ඇවිල්ලයි හිටියේ. යේසුස්ව මරන්න එයාලා තීරණය කරලා තිබුණත් ඒකට සාක්ෂියක් තිබුණේ නැහැ. ඒ නිසා කායෆස් යේසුස්ගෙන් ඇහුවා ‘ඔයා දෙවියන්ගේ පුතාද’ කියලා. “ඔව්, ඒක හරි” කියලා යේසුස් කිව්වාම කායෆස් කිව්වා ‘ඒක දේවඅපහාසයක්! අපිට තවත් සාක්ෂි මොකටද’ කියලා. මන්ත්‍රණ සභාවත් කිව්වා ‘මෙයාව මරන්න’ කියලා. එයාලා යේසුස්ගේ කම්මුලට ගහලා, කෙළත් ගැහුවා. ඔහුගේ මූණ වහලා කිව්වා ‘ඔයා අනාගතවක්තෘවරයෙක් නම් ඔයාට ගැහුවේ කවුද කියන්න’ කියලා.

එළිය වැටුණාම එයාලා යේසුස්ව මන්ත්‍රණ සභාවේ ශාලාවට අරන් ගිහින් ඇහුවා ‘ඔයා දෙවියන්ගේ පුතාද’ කියලා. එතකොට යේසුස් කිව්වා “ඔව්, ඒක හරි” කියලා. ඊටපස්සේ එයාලා යේසුස් දෙවියන්ට අපහාස කළා කියලා චෝදනා කරලා යේසුස්ව රෝම ආණ්ඩුකාරයා වුණු පොන්තියුස් පිලාත් ළඟට අරන් ගියා.

‘ඔයාලා හැමෝම තම තමන්ගේ ගෙවල්වලට විසිරිලා යන වෙලාව ළඟටම ඇවිල්ලා. ඔයාලා මාව තනි කරලා යනවා. ඒත් තාත්තා මාත් එක්ක ඉන්න නිසා මම තනි වෙන්නේ නැහැ.’—යොහන් 16:32

ප්‍රශ්න: කායෆස්ගේ ගෙදර මැද මිදුලේදී වුණේ මොනවාද? යේසුස්ට මරණ දඬුවම දුන්නේ මොන චෝදනාව නිසාද?

මතෙව් 26:31-35, 57–27:2; මාක් 14:27-31, 53–15:1; ලූක් 22:55-71; යොහන් 13:36-38; 18:15-18, 25-28

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න