ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 126 පරි. 288 පි.-289 පි. 9 ¶
  • යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • ඇතුල් මළුවේදී නාඳුනන බව කීම
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • සමාව දීම ගැන ස්වාමියාගෙන් ඉගෙනගත් කෙනෙක්
    ඔවුන්ගේ විශ්වාසය අපිට ආදර්ශයක්
  • ඔහු සමාව දීමට ඉගෙනගත්තා
    2010 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පේතෘස් අතින් වුණ වරද
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 126 පරි. 288 පි.-289 පි. 9 ¶
යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පැවසුවාම යේසුස් සඳලුතලයේ සිට ඔහු දෙස බලයි. ඈතින් කුකුළෙකුද සිටියි

126වෙනි පරිච්ඡේදය

යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පේතෘස් පවසයි

මතෙව් 26:69-75 මාක් 14:66-72 ලූක් 22:54-62 යොහන් 18:15-18, 25-27

  • පේතෘස් යේසුස්ව හඳුනන්නේ නැහැ කියා පවසයි

ගෙත්සෙමන උයනේදී යේසුස්ව අත්අඩංගුවට ගද්දී නියෝජිතයන් මොන තරම් බය වෙනවාද කියනවා නම් ඔවුන් යේසුස්ව දාලා පැනලා යනවා. හැබැයි පේතෘස් සහ “තවත් ගෝලයෙක්” ආයෙත් හැරිලා එනවා. පෙනෙන විදිහට පේතෘස් එක්ක එන අනිත් ගෝලයා යොහන් වෙන්න ඕනේ. (යොහන් 18:15; 19:35; 21:24) ඔවුන් ආයෙත් හැරිලා ඇවිත් යේසුස්ගේ පසුපසින් යන්න පටන්ගන්න ඇත්තේ යේසුස්ව අන්නස්ගේ නිවසට අරන් යද්දී වෙන්න ඇති. අන්නස් උත්තම පූජකයා වුණු කායෆස් ළඟට යේසුස්ව යවද්දී පේතෘස් සහ යොහන් ඔවුන්ට පිටුපසින් යම් දුරකින් ගමන් කරනවා. තමන් ගැනත් තමන්ගේ ස්වාමියා ගැනත් ඔවුන් දැන් ඉන්නේ ලොකු බයකින්.

කායෆස් යොහන්ව දන්න නිසා ඔහුට කායෆස්ගේ නිවසේ ඇතුල් මළුවට යන්න අවස්ථාව ලැබෙනවා. හැබැයි පේතෘස් තාමත් ඉන්නේ දොරකඩ ළඟ. ඒ නිසා යොහන් දොරටු පාලිකාවගෙන් අවසර අරන් පේතෘස්වත් ඇතුළට ගන්නවා.

මේ වෙද්දී සීතලක් දැනෙන නිසා පිටත මළුවේ ඉන්න අය ගිනිමැලයක් ගහලයි තියෙන්නේ. යේසුස්ගේ නඩු විභාගයේදී සිද්ධ වෙන්නේ මොනවාද කියලා දැනගන්න ඕන නිසාත් දැනෙන සීතල නිසාත් පේතෘස් ගිනිමැලය අවට ඉන්න සෙනඟ ළඟින් ඉඳගන්නවා. (මතෙව් 26:58) ගිනිමැලයේ එළියෙන් පේතෘස්ගේ මුහුණ දැන් පැහැදිලිව පෙනෙනවා ඇති. එතැන ඉන්න දොරටු පාලිකාව ඔහුගෙන් අහනවා “ඔබත් මේ මිනිසාගේ ගෝලයෙක් නේද” කියලා. (යොහන් 18:17) හැබැයි පේතෘස්ව හඳුනාගෙන ඔහුට චෝදනා කරන්නේ මේ ස්ත්‍රිය විතරක් නෙවෙයි. තවත් අයත් ඒ චෝදනාවම නඟනවා.—මතෙව් 26:69, 71-73; මාක් 14:70.

ඒ වගේ දෙයක් වෙයි කියලා පේතෘස් බලාපොරොත්තු වෙන්න නැතුව ඇති. සෙනඟගෙන් ඈත් වෙලා ඉන්න උත්සාහ කරන ඔහු දැන් යන්නේ දොරටුව ළඟට. යේසුස්ව දන්න බව ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙහෙම කියනවා. “ඔබ මොනව කියනවාද කියලා මම නම් දන්නේ නැහැ. මම ඔහුව හඳුනන්නෙත් නැහැ.” (මාක් 14:67, 68) ඔහු “තමාටම ශාප කරමින්” යේසුස්ව දන්නේ නැහැ කියලා දිවුරනවා. ඔහු එහෙම කරන්නේ තමන් කියන්නේ ඇත්තක් කියලත් ඒක බොරුවක් නම් තමන්ට ශාප වෙන්න ඕනෙ කියලත් අඟවන්නයි.—මතෙව් 26:74.

පෙනෙන විදිහට යේසුස්ගේ නඩු විභාගය පැවැත්වෙන්නේ කායෆස්ගේ නිවසේ උඩුමහලේ වෙන්න ඕනේ. යේසුස් ගැන බොරු සාක්ෂි දෙන්න යන එන මිනිසුන්ව ඇතුල් මළුවේ ඉන්න පේතෘස්ටත් අනිත් අයටත් හොඳින්ම පෙනෙනවා ඇති.

පේතෘස් කතා කරන විදිහෙන් ඔහු ගලීලයේ කෙනෙක් කියලා තේරෙන නිසා ඔහු යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා කියන්නේ බොරුවට කියලා හැමෝම තේරුම්ගන්නවා. ඒ විතරක් නෙවෙයි පේතෘස් කන කපලා දාපු මැල්කස්ගේ නෑදෑයෙකුත් සෙනඟ අතරේ ඉන්නවා. ඔහු පේතෘස්ට කියන්නේ “ඔබ ඔහු සමඟ උයනේ සිටිනවා මම දැක්කා” කියලයි. තුන්වෙනි වතාවටත් යේසුස්ව හඳුනන්නේ නැහැ කියලා පේතෘස් කියද්දී යේසුස් කලින් කියලා තිබුණු විදිහටම කුකුළෙක් හඬලන සද්දේ ඔහුට ඇහෙනවා.—යොහන් 13:38; 18:26, 27.

පෙනෙන විදිහට මේ වෙලාවේ උඩුමහලේ ඉන්න යේසුස් පිටත මළුව දිහා බලාගෙනයි ඉන්නේ. දැන් එකපාරටම ඔහු පේතෘස් දිහා හැරිලා බලද්දී පැය කිහිපයකට කලින් යේසුස් කියපු දේ පේතෘස්ට මතක් වෙනවා. පේතෘස්ට දැන් කොහොම හැඟෙනවා ඇද්ද? ඔහුට හද පැලෙන තරම් වේදනාවක් දැනෙනවා ඇති. ඇතුල් මළුවෙන් පිටතට යන ඔහු තමන් කරපු දේ ගැන මහත් ශෝකයකින් හඬා වැලපෙනවා.—ලූක් 22:61, 62.

මේ වෙද්දී මිනිසුන් සත්‍යය විකෘති කරලා, යේසුස්ව දරුණු අපරාධකාරයෙක් කරලයි තියෙන්නේ. හරි නම් මේ වගේ වෙලාවක පේතෘස්, යේසුස් වෙනුවෙන් කතා කරන්න ඕනේ. ඒත් එහෙම කරනවා වෙනුවට ඔහු “සදාකාල ජීවනයට මඟ පාදන වදන්” පවසන යේසුස්ව දන්නේ නැහැ කියලා කියනවා. (යොහන් 6:68) මොන දෙයක් වුණත් යේසුස්ට විශ්වාසවන්තව ඉන්නවා කියලා කියපු පේතෘස් අතින් එහෙම දෙයක් වුණේ කොහොමද?

කෙනෙක්ට දෙවියන් ගැන ලොකු විශ්වාසයක් භක්තියක් තිබුණත් පීඩා පරීක්ෂාවලට මුහුණ දෙන්න වෙද්දී කටයුතු කරන්න ඕන කොහොමද කියලා කලින්ම සූදානම් වෙලා හිටියේ නැත්නම් ඒ කෙනා වැරදි දෙයක් කරන්න පෙලඹෙන්න පුළුවන්. ඒ නිසා පේතෘස්ට සිද්ධ වුණු දේ අපි හැමෝටම හොඳ පාඩමක්.

  • පේතෘස් සහ යොහන් කායෆස්ගේ නිවසේ ඇතුල් මළුවට ගියේ කොහොමද?

  • පේතෘස් සහ යොහන් ඇතුල් මළුවේ ඉද්දී නිවස ඇතුළේ සිද්ධ වුණේ මොනවාද?

  • පේතෘස් තමන්ටම ශාප කරගෙන යේසුස්ව දන්නේ නැහැ කියලා දිවුරුවේ ඇයි?

  • පේතෘස්ගේ අද්දැකීමෙන් අපිට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න