ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 88 පාඩම 206 පි.
  • යේසුස්ව අත්අඩංගුවට ගනියි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යේසුස්ව අත්අඩංගුවට ගනියි
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • පාවා දුන් පසු අත්අඩංගුවට ගනී
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස් උයනේ
    මගේ බයිබල් කතන්දර පොත
  • යේසුගේ මනුෂ්‍ය ජීවිතයේ අවසාන දවස
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 88 පාඩම 206 පි.
ගෙත්සෙමනය උයනේදී යූදස් යේසුස්ව පාවා දෙමින්

88වෙනි පාඩම

යේසුස්ව අත්අඩංගුවට ගනියි

යේසුස් නියෝජිතයන් එක්ක කිද්‍රොන් නිම්නය හරහා ඔලීව කන්දට ගියා. ඒ වෙද්දී රෑ 12ත් පහු වෙලා හොඳට හඳ එළියත් තිබුණා. එයාලා ගෙත්සෙමනය උයනට ආවාම යේසුස් නියෝජිතයන්ට කිව්වා ‘ඔයාලා මෙතනට වෙලා අවදියෙන් ඉන්න’ කියලා. ලොකු පීඩනයකින් හිටිය යේසුස් උයනේ ටිකක් ඇතුළට ගිහින් දණගහලා යෙහෝවාට කිව්වා ‘වෙන්න ඕනෙ ඔයා කැමති දේ’ කියලා. ඒ වෙලාවේ යෙහෝවා දේවදූතයෙක්ව එවලා යේසුස්ව දිරිගැන්නුවා. යේසුස් නියෝජිතයන් ළඟට යද්දී එයාලට නින්ද ගිහින්. ඒ නිසා යේසුස් මෙහෙම කිව්වා. ‘නැඟිටින්න, මේක නිදාගෙන ඉන්න වෙලාවක් නෙවෙයි. මාව සතුරන් අතට පාවලා දෙන වෙලාව ඇවිත්.’

යූදස්ට සල්ලි මල්ලක් දෙමින්

යේසුස් හුඟක් වෙලාවට නියෝජිතයන් එක්ක ඒ තැනට එන නිසා යූදස් හිතුවා යේසුස් එතැන ඇති කියලා. වැඩි වෙලාවක් යන්න කලින් කඩු, පොලු අතේ තියන් හිටිය කට්ටියක්ව එයා එක්කන් ආවා. යේසුස්ව අඳුරගන්න ලකුණක් යූදස් එයාලට දීලයි තිබුණේ. එයා කෙළින්ම යේසුස් ළඟට ගිහින් ‘සුබ දවසක් ගුරුතුමනි’ කියලා යේසුස්ව ඉම්බා. එතකොට යේසුස් ඇහුවා ‘ඔයා මාව පාවලා දෙන්නේ මගේ මූණ ඉඹලාද’ කියලා.

ඇවිත් හිටිය කට්ටියගෙන් යේසුස් ඇහුවා “ඔයාලා හොයන්නේ කාවද” කියලා. “නාසරෙත්වලින් ආපු යේසුස්ව” කියලා එයාලා කිව්වාම යේසුස් කිව්වා “මං තමයි යේසුස්” කියලා. එතකොට එයාලා බය වෙලා පස්සෙන් පස්සට ගිහින් බිම වැටුණා. යේසුස් ආයෙත් ඇහුවා “ඔයාලා හොයන්නේ කාවද” කියලා. එයාලා කිව්වා “නාසරෙත්වලින් ආපු යේසුස්ව” කියලා. එතකොට යේසුස් කිව්වා ‘මං යේසුස් කියලා කිව්වනේ. ඉතින් මෙයාලට යන්න දෙන්න’ කියලා.

ඒ වෙලාවේ පේතෘස් කඩුවක් අරන් උත්තම පූජකයාගේ දාසයා වුණු මැල්කස්ගේ කන කපලා දැම්මා. හැබැයි යේසුස් එයාගේ තුවාලේ සුව කරලා පේතෘස්ට මෙහෙම කිව්වා. ‘කඩුව අහකට දාන්න. ඔයා කඩුවෙන් සටන් කළොත් ඔයාත් කඩුවෙන්ම මැරෙනවා.’ ඇවිත් හිටිය අය යේසුස්ව අල්ලගෙන අත් බැන්දාම නියෝජිතයන් පැනලා ගියා. යේසුස්ව මුලින්ම ගෙනිච්චේ නායක පූජක අන්නස් ළඟට. එයා යේසුස්ගෙන් ප්‍රශ්න ඇහුවාට පස්සේ කිව්වා යේසුස්ව උත්තම පූජක කායෆස් ළඟට ගෙනියන්න කියලා.

“මේ ලෝකයේ ඉන්න නිසා ඔයාලට ගොඩක් දුක් විඳින්න වෙයි. ඒත් හිතට ධෛර්යය ගන්න! මම ලෝකයෙන් ජය ගත්තා.”—යොහන් 16:33

ප්‍රශ්න: ගෙත්සෙමනය උයනේදී සිද්ධ වුණේ මොනවාද? යේසුස් එදා රෑ කරපු දේවලින් ඔයාට ඉගෙනගන්න පුළුවන් මොනවාද?

මතෙව් 26:36-57; මාක් 14:32-50; ලූක් 22:39-54; යොහන් 18:1-14, 19-24

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න