ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 124 පරි. 284 පි.-285 පි. 1 ¶
  • ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • පාවා දුන් පසු අත්අඩංගුවට ගනී
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • යේසුස්ව අත්අඩංගුවට ගනියි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • යේසුස් උයනේ
    මගේ බයිබල් කතන්දර පොත
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 124 පරි. 284 පි.-285 පි. 1 ¶
පේතෘස් කඩුවෙන් පහර දී මැල්කස්ගේ කන කැපුව එක ගැන යේසුස් ඔහුට තරවටු කරන අතරේ හේවායන් යේසුස්ව අත්අඩංගුවට ගන්න සැරසී සිටියි

124වෙනි පරිච්ඡේදය

ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම

මතෙව් 26:47-56 මාක් 14:43-52 ලූක් 22:47-53 යොහන් 18:2-12

  • උයනේදී යූදස් යේසුස්ව පාවා දෙයි

  • පේතෘස් මිනිසෙකුගේ කන කපා දමයි

  • යේසුස්ව අත්අඩංගුවට ගනියි

දැන් මධ්‍යම රාත්‍රියත් පහු වෙලා. මේ වෙද්දී යේසුස්ව පාවා දීම වෙනුවෙන් යූදස්ට රිදී කාසි 30ක් ගෙවන්න පූජකයන් පොරොන්දු වෙලයි තියෙන්නේ. ඒ නිසා යූදස් උත්තම පූජකයන් සහ පරිසිවරුන් කණ්ඩායමක් එක්ක යේසුස්ව හොයාගෙන යනවා. ඔවුන් එක්ක සෙන්පතියෙක් සහ කඩු මුගුරු අරන් එන රෝම හේවායන් පිරිසකුත් ඉන්නවා.

පෙනෙන විදිහට පාස්කු භෝජනයෙන් පස්සේ යූදස් කෙළින්ම ගිහින් තියෙන්නේ නායක පූජකයන්ව මුණගැහෙන්න. (යොහන් 13:27) නායක පූජකයන් හේවායන්වත් තමන්ගේම නිලධාරීන්වත් එකතු කරගත්තා. යූදස් ඔවුන්ව අරන් මුලින්ම යන්න ඇත්තේ යේසුස් පාස්කු භෝජනය පවත්වපු උඩුමහල් කාමරයට වෙන්න ඇති. දැන් ඔවුන් කිද්‍රොන් නිම්නය හරහා යේසුස් ඉන්න උයනට යනවා. යේසුස්ව කොහොමහරි හොයාගන්න ඕන නිසා ඔවුන් පන්දම් සහ පහනුත් අරගෙන ඇවිත්.

පහුගිය දවස්වල යේසුස් සහ නියෝජිතයන් බෙතානියේ ඉඳන් යෙරුසලමට යද්දී එද්දී, හුඟක් වෙලාවට ගෙත්සෙමන උයනේ ටිකකට නතර වුණා. ඒ නිසා මේ වෙලාවෙත් යේසුස් එතැන ඇති කියලා හිතන යූදස් තමන් එක්ක ඉන්න අයව එතැනට එක්කගෙන යනවා. හැබැයි මේ වෙද්දී රෑ බෝ වෙලා තියෙන නිසා යේසුස්ව හඳුනාගන්න ඔවුන්ට පුළුවන් වෙයිද? යේසුස්ව කවදාවත් දැකලා නැති හේවායනුත් ඔවුන් අතරේ ඉන්නවා ඇති. ඒ අයට උදව්වක් විදිහට යූදස් මෙහෙම කියනවා. “මම ඔහුව සිඹගන්නවා. එවිට ඔබට ඔහුව හඳුනාගත හැකියි. ඉන්පසු ඔහුව අත්අඩංගුවට ගෙන රැගෙන යන්න.”—මාක් 14:44.

සෙනඟව එක්කගෙන යන යූදස් යේසුස්ව සහ නියෝජිතයන්ව දකිනවා. ඔහු කෙළින්ම ඇවිදගෙන යන්නේ යේසුස් ළඟට. “ගුරුතුමනි, සුබ දවසක් වේවා” කියා පවසමින් මහත් ආදරයක් මවාපාන ඔහු යේසුස්ව සිඹගන්නවා. යේසුස් ඔහුගෙන් අහන්නේ “ඔබ පැමිණ සිටින්නේ කුමක් සඳහාද” කියලයි. (මතෙව් 26:49, 50) යේසුස්ම ඊට පිළිතුර දෙමින් “යූදස්, ඔබ මනුෂ්‍ය පුත්‍රයාව පාවා දෙන්නේ මෙලෙසද” කියලා අහනවා.—ලූක් 22:48.

සෙනඟ ඉදිරියට එන යේසුස් ඔවුන්ගෙන් අහන්නේ “ඔබ සොයන්නේ කාවද” කියලයි. “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්ව” කියලා ඔවුන් පිළිතුරු දෙනවා. එතකොට යේසුස් කිසිම බයක් නැතුව කියන්නේ “ඒ මමයි” කියලයි. (යොහන් 18:4, 5) ඒක අහලා පුදුම වෙන සෙනඟ පස්සෙන් පස්සට ගිහින් බිම ඇද වැටෙනවා.

ඒ වෙලාවේ එතැනින් පැනලා යනවා වෙනුවට ඔවුන් හොයන්නේ කාවද කියලා යේසුස් ආයෙත් සැරයක් අහනවා. ඔවුන් පිළිතුරු දෙන්නේ “නාසරෙත් නුවරින් පැමිණි යේසුස්ව” කියලයි. යේසුස් හරිම සන්සුන් විදිහට මෙහෙම කියනවා. “ඒ මම කියා දැන් ඔබට කිව්වා නේද? ඔබ හොයන්නේ මාව නම් මේ අයට යන්න දෙන්න.” මට භාර දීපු අයගෙන් කිසිම කෙනෙක්ව නැති කරගන්නේ නැහැ කියලා කියපු දේ යේසුස් මේ දුෂ්කර මොහොතේදීවත් අමතක කරන්නේ නැහැ. (යොහන් 6:39; 17:12) “විනාශ වන තැනැත්තා” වන යූදස් හැර යේසුස්ගේ විශ්වාසවන්ත නියෝජිතයන් අතරින් කිසිම කෙනෙක්ට හානියක් වෙන්න යේසුස් ඉඩ දුන්නේ නැහැ. (යොහන් 18:7-9) දැන් ඔහු කියන්නේ තමන්ගේ විශ්වාසවන්ත නියෝජිතයන්ට යන්න හරින්න කියලයි.

හේවායන් යේසුස්ව අල්ලාගන්න හදනකොට “ස්වාමීනි, අපි කඩුවෙන් පහර දෙන්නද” කියලා නියෝජිතයන් අහනවා. (ලූක් 22:49) යේසුස් පිළිතුරක් දෙන්න කලින් පේතෘස් නියෝජිතයන් ළඟ තිබුණු කඩු දෙකෙන් එකක් අරන් උත්තම පූජකයාගේ සේවකයෙක් වුණු මැල්කස්ට පහර දීලා ඔහුගේ දකුණු කන කපනවා.

ඒ වෙලාවේම යේසුස් මැල්කස්ගේ කන අල්ලලා තුවාලේ සුව කරනවා. ඊටපස්සේ ඔහු වැදගත් පාඩමක් උගන්වමින් පේතෘස්ට කියන්නේ මෙහෙමයි. “ඔබේ කඩුව තිබුණ තැනට ආපසු දමාගන්න. මන්ද කඩු ගන්න සෑම කෙනෙක්ම කඩුවෙන්ම නසිනවා.” තමන්ව අත්අඩංගුවට ගන්න එක වළක්වන්න යේසුස් උත්සාහ කරන්නේ නැහැ. ඊට හේතුව පැහැදිලි කරමින් ඔහු අහන්නේ “මා එසේ කළොත් සිදු විය යුතු දේවල් ගැන ශුද්ධ ලියවිල්ලේ සඳහන් දේ ඉටු වන්නේ කොහොමද” කියලයි. (මතෙව් 26:52, 54) ඒ වගේම “පියාණන් මට බොන්න දී ඇති කුසලානයෙන් මම අනිවාර්යයෙන්ම පානය කළ යුතුයි” කියලත් ඔහු කියනවා. (යොහන් 18:11) මැරෙන්න සිද්ධ වුණත් දෙවිගේ කැමැත්ත ඉටු කරන්න යේසුස් පොඩ්ඩක්වත් අදිමදි කරන්නේ නැහැ.

ඇවිත් ඉන්න සෙනඟට යේසුස් මෙහෙම කියනවා. “ඔබ කඩු මුගුරු රැගෙන මාව අත්අඩංගුවට ගන්න ආවේ මා සොරෙක් කියා හිතාගෙනද? මම හැමදාම දේවමාලිගාවේ ඉඳගෙන උගන්වමින් සිටියා නේද? නමුත් එහිදී ඔබ මාව අත්අඩංගුවට ගත්තේ නැහැ. නමුත් මේ සියල්ල මෙලෙස සිදු වී තිබෙන්නේ අනාගතවක්තෘවරුන් ලියා ඇති දේවල් ඉටු වීම සඳහායි.”—මතෙව් 26:55, 56.

දැන් සෙන්පති සහ හේවායන් වගේම යුදෙව් නිලධාරීන් හැමෝම එකතු වෙලා යේසුස්ගේ අත් බඳිනවා. මේක දකින නියෝජිතයන් එතැනින් පැනලා ගියත් එක “තරුණයෙක්” සෙනඟ අතරේම ඉන්නවා. පෙනෙන විදිහට ඒ යේසුස්ගේ ගෝලයෙක් වුණු මාක් වෙන්න ඕනේ. (මාක් 14:51) ඔහු යේසුස් පසුපසින් ටික දුරක් යද්දී සෙනඟ ඔහුව හඳුනාගෙන ඔහුව අල්ලාගන්න හදනවා. ඒ වෙලාවේ ඔහු තමන්ගේ ලිනන් වස්ත්‍රයත් දාලා එතැනින් පලා යනවා.

  • යූදස් යේසුස්ව හොයාගෙන ගෙත්සෙමන උයනට ආවේ ඇයි?

  • පේතෘස් කළේ මොනවාද? ඒත් යේසුස් ඒ ගැන කිව්වේ මොනවාද?

  • දෙවිගේ කැමැත්ත කරන්න තමන් සූදානමින් ඉන්නවා කියලා යේසුස් පෙන්නුවේ කොහොමද?

  • නියෝජිතයන් හැමෝම යේසුස්ව දාලා ගියත් ඔහුත් එක්ක හිටියේ කවුද? ඊටපස්සේ වුණේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න