ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • jy 117 පරි. 270 පි.-271 පි. 3 ¶
  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය
  • මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • සමාන තොරතුරු
  • සිහි කිරීමේ සන්ධ්‍යා භෝජනය
    මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා
  • උඩු මහලේ කාමරයක
    මගේ බයිබල් කතන්දර පොත
  • ක්‍රිස්තුස්ව පාවා දීම සහ අත්අඩංගුවට ගැනීම
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • යේසුස්වහන්සේගේ සමුගැනීමේ වචනවලට අවනත වෙමින්
    1996 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
jy 117 පරි. 270 පි.-271 පි. 3 ¶
නියෝජිතයන් එකොළොස්දෙනාට යේසුස්, ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය හඳුන්වා දෙමින්

117වෙනි පරිච්ඡේදය

ස්වාමීන්ගේ සන්ධ්‍යා භෝජනය

මතෙව් 26:21-29 මාක් 14:18-25 ලූක් 22:19-23 යොහන් 13:18-30

  • යූදස් ඉස්කාරියොත් ද්‍රෝහියෙක් බව හෙළි වෙයි

  • මුල්ම වතාවට යේසුස් සිහි කිරීමේ භෝජනය පවත්වයි

මේ වෙද්දී යේසුස් නිහතමානිකම ගැන කදිම පාඩමක් උගන්වලයි තියෙන්නේ. පෙනෙන විදිහට පාස්කු භෝජනයෙන් පස්සේ, යේසුස් දාවිත්ගේ අනාවැකියක් උපුටා දක්වමින් මෙහෙම කියනවා. “මා සමඟ හිඳ මගේම කෑම කෑ, මා විශ්වාස කළ මගේම මිත්‍රයා මට ද්‍රෝහි වී ක්‍රියා කළේය.” ඒ දේ පැහැදිලි කරන ඔහු කියන්නේ “ඔබ අතරේ සිටින කෙනෙක් මාව පාවා දෙනවා” කියලයි.—ගීතාවලිය 41:9; යොහන් 13:18, 21.

ඒක අහලා කලබල වෙන නියෝජිතයන් හැමෝම “ස්වාමීනි, ඒ මමද” කියලා අහනවා. යූදස් ඉස්කාරියොත් පවා එහෙම අහනවා. ඒ අතරතුරේදී පේතෘස්, යේසුස් ළඟින්ම වාඩි වෙලා ඉන්න යොහන්ට කියනවා ඒ කෙනා ගැන යේසුස්ගෙන් දැනගන්න කියලා. ඒ නිසා යේසුස්ගේ ළයට හේත්තු වෙන යොහන් “ස්වාමීනි, ඒ කවුද” කියලා ඔහුගෙන් අහනවා.—මතෙව් 26:22; යොහන් 13:25.

“ඒ මා රොටි කැබැල්ලක් පොඟවා දෙන තැනැත්තායි” කියලා යේසුස් කියනවා. ඊටපස්සේ රොටි කැබැල්ලක් අරන් ඒක පොඟවලා යූදස්ට දෙන ඔහු කියන්නේ මෙහෙමයි. “මනුෂ්‍ය පුත්‍රයා ගැන ලියා තිබෙන ආකාරයට ඔහු ඔබෙන් අනිවාර්යයෙන්ම සමුගනියි. නමුත් මනුෂ්‍ය පුත්‍රයාව පාවා දෙන ඒ තැනැත්තාට මොන තරම් දරුණු විපතකට මුහුණ දෙන්න සිදු වෙයිද! ඔහු ඉපදුණේ නැත්නම් ඔහුට වඩාත් හොඳයි.” (යොහන් 13:26; මතෙව් 26:24) යූදස් දැන් සාතන්ගේ බලපෑමට හසු වෙනවා. මේ වෙද්දීත් ඔහුගේ සිතුවිලි දූෂිත වෙලයි තියෙන්නේ. යක්ෂයාගේ කැමැත්ත කරන ඔහු “විනාශ වන තැනැත්තා” බවට පත් වෙනවා.—යොහන් 6:64, 70; 12:4; 17:12.

යේසුස් යූදස්ට කියන්නේ “ඔබට කරන්න තිබෙන දේ ඉක්මනින් ගොස් කරන්න” කියලයි. අනිත් නියෝජිතයන් හිතන්නේ යූදස් මුදල් පෙට්ටිය භාරව ඉන්න නිසා ‘උත්සවය සඳහා අවශ්‍ය දේවල් මිල දී ගන්න’ එහෙමත් නැත්නම් “දිලිඳුන්ට යමක් දෙන්න” කියලා යේසුස් ඔහුට කිව්වා කියලයි. (යොහන් 13:27-30) ඒත් ඇත්තටම යූදස් යන්නේ යේසුස්ව පාවා දෙන්න.

පාස්කු භෝජනයෙන් පස්සේ යේසුස් අලුත් සැමරීමක් හඳුන්වලා දෙනවා. ඔහු රොටියක් අතට අරන් දෙවිට ස්තුති කරලා ඒක කඩනවා. ඊටපස්සේ ඒක නියෝජිතයන්ට දෙන ඔහු මෙහෙම කියනවා. “මෙයින් නියෝජනය වන්නේ ඔබ වෙනුවෙන් මා පූජා කරන්න යන මගේ ශරීරයයි. මාව සිහි කිරීමට මේ දේ නොකඩවා කරන්න.” (ලූක් 22:19) කඩපු රොටිය නියෝජිතයන් අතින් අතට යවද්දී හැමෝම ඒකෙන් කනවා.

දැන් වයින් කුසලානයක් අරන් දෙවිට ස්තුති කරන යේසුස් ඒක නියෝජිතයන්ට දීලා මෙහෙම කියනවා. “මේ කුසලානයෙන් නියෝජනය වන්නේ ඔබ උදෙසා වගුරුවනු ලබන මගේ රුධිරයයි. අලුත් ගිවිසුම ස්ථිර වන්නේ මගේ රුධිරය මාර්ගයෙනුයි.” (ලූක් 22:20) ඒ කුසලානය අතින් අතට යවද්දී නියෝජිතයන් ඒකෙන් බොනවා.

ඒ විදිහට යේසුස් අලුතින් හඳුන්වලා දීපු සැමරීම තමයි ඔහුගේ මරණය සිහි කිරීම. ඔහුගේ අනුගාමිකයන් හැම අවුරුද්දකම නීසාන් 14වෙනිදා ඒක සමරනවා. මිනිසුන්ව පාපයෙන් සහ මරණයෙන් ගලවාගන්න යේසුස් සහ ඔහුගේ පියා කරලා තියෙන දේ ඒක සමරන හැම වතාවකදීම සිහි වෙනවා. යුදෙව්වන් පවත්වපු පාස්කුවට වඩා ඒක සුවිශේෂී වෙන්නේ දෙවිට විශ්වාසවන්තව ඉන්න මිනිසුන්ට ලැබෙන සැබෑ නිදහස ඒකෙන් සිහි වෙන නිසයි.

යේසුස් කිව්වේ තමන්ගේ රුධිරය “පව් සමාව සඳහා බොහෝදෙනා උදෙසා වගුරුවනු” ලබනවා කියලයි. සමාව ලැබෙන අය අතරට ඔහුගේ නියෝජිතයන් සහ දෙවිට විශ්වාසවන්තව ඉන්න ඒ වගේ තවත් අය ඇතුළත් වෙනවා. ඒ අයට තමයි යේසුස් එක්ක පියාණන්ගේ රාජ්‍යයට ඇතුල් වෙන්න අවස්ථාව ලැබෙන්නේ.—මතෙව් 26:28, 29.

  • යේසුස් උපුටා දැක්වූයේ මොන අනාවැකියද? ඒකේ අදාළත්වය ඔහු පැහැදිලි කළේ කොහොමද?

  • යේසුස් යූදස්ට කරන්න කිව්වේ මොනවාද? නියෝජිතයන් ඒක තේරුම්ගත්තේ කොහොමද?

  • යේසුස් අලුතින් හඳුන්වලා දුන්නේ මොකක්ද? ඒකෙන් ඉටු වෙන්නේ මොනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න