ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 3/1 18 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • මතෙව්ට ආරාධනාවක් ලැබෙයි
    මාර්ගයත් සත්‍යයත් ජීවනයත් යේසුස්
  • බදු—“ශිෂ්ට සම්පන්න සමාජයකට” ගෙවිය යුතු මිලක්ද?
    2003 පිබිදෙව්!
  • ඔබ දැන සිටියාද?
    2021 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • අල්තාරයට නමස්කාරයේදී හිමි තැන කුමක්ද?
    2003 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 3/1 18 පි.

ඔබ දැන සිටියාද?

ඇතන්ස්වල “නාඳුනන දෙවි කෙනෙකුටය” කියා සඳහන් කළ පූජාසනයක් ගොඩනඟා තිබුණේ ඇයි?—ක්‍රියා 17:23.

▪ පුරාණ ග්‍රීක ලේඛකයන් බොහෝදෙනෙක් එවැනි පූජාසන ගැන සඳහන් කර තිබෙනවා. උදාහරණයකට ක්‍රිස්තු වර්ෂ දෙවෙනි සියවසේ සිටි ඉතිහාසඥයෙකු හා භූ විද්‍යාඥයෙකු වන පෝසේනියස් සඳහන් කරන්නේ “නාඳුනන දෙවිවරුන්ට” කියා සඳහන් පූජාසනයක් ඔලිම්පියාවල තිබූ බවයි. ග්‍රීක දාර්ශනිකයෙකු හා දේශකයෙකු වන ෆිලොස්ට්‍රාටස් පවසන ආකාරයට ඇතන්ස්වල ‘නාඳුනන දෙවිවරුන්ට පූජාසන සාදා තිබුණා.’

නාඳුනන දෙවිවරුන්ට පූජාසන සෑදීම ආරම්භ වූ ආකාරය ගැන ක්‍රි.ව. තුන්වන සියවසේ සිටි ලේඛකයෙක් වූ ඩයෝජිනෙස් විස්තර කරනවා. ඔහු සඳහන් කරන ආකාරයට ක්‍රිස්තු පූර්ව හයවන හෝ හත්වන සියවසේදී මෙම සම්ප්‍රදාය ආරම්භ වී තිබෙනවා. ඔහු තම පොතේ මෙසේ සඳහන් කළා. “එපිමෙනිදීස් නමැත්තා ඇතන්ස්වල පැතිර ගිය වසංගතයකින් එහි ජනයාව බේරාගෙන තිබෙනවා. ඔහු බැටළු රැළක් ඇරියොපගස් නගරයට රැගෙන ගොස් උන්ව මුදාහැරියා. ඉන්පසු උන් පසුපස මිනිසුන්ව යැවූ ඔහු බැටළුවන් නතර වන ස්ථානවල දෙවියන්ට පූජා ඔප්පු කරන්න කියා ඔවුන්ට පැවසුවා. එසේ කිරීමෙන් පසු වසංගතය නැවතුණා. දෙවි කෙනෙකුගේ නම සඳහන් කර නැති පූජාසන ඇටිකා පළාතෙන් සොයාගත හැකියි.”

නාඳුනන දෙවිවරුන්ට පූජාසන සෑදීමට හේතු වූ තවත් කරුණක් එක් බයිබල් ශබ්දකෝෂයක මෙසේ සඳහන් වෙනවා. “එදා සිටි ජනයා එවැනි පූජාසන ගොඩනැඟුවේ තමන් නොදන්නා දෙවිවරු සිටිනවා නම් ඔවුන්ව නොසලකාහැරියොත් ඔවුන් කෝප වෙයි කියා සිතූ නිසා හා ඔවුන්ගේ ආශීර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙනුයි.”

යුදෙව්වන් බදු එකතු කරන්නන්ව පහත් කර සැලකුවේ ඇයි?

▪ සාමාන්‍යයෙන් බදු එකතු කරන්නන්ට බොහෝදෙනෙක් කැමති නැහැ. පළමු ශතවර්ෂයේදී එවැනි අයව සැලකුවේ පහත් හා දූෂිත පුද්ගලයන් ලෙසයි.

රෝම ආණ්ඩුව, සාමාන්‍ය ජනයාගෙන් විශාල මුදල් ප්‍රමාණයක් බදු ලෙස අය කළා. ඉඩම් බද්ද සහ ඇඟ බද්ද අය කරගැනීමට පත් කර තිබුණේ රෝම නිලධාරීන්වයි. නමුත් ආනයන අපනයන භාණ්ඩ සහ එක් රටකින් තවත් රටකට රෝම අධිරාජ්‍යය හරහා රැගෙන යන භාණ්ඩ වෙනුවෙන් බදු අය කරගැනීමට පත් කර තිබුණේ රෝම ආණ්ඩුවට වැඩියෙන්ම බදු ගෙවන ව්‍යාපාරිකයන්වයි. ඒ සඳහා ඔවුන්ට සමහර ප්‍රදේශ සම්පූර්ණයෙන්ම භාර දුන්නා. යුදෙව්වන් රෝමවරුන්ව පිළිකුල් කළ නිසා බදු එකතු කිරීමේදී ඔවුන්ට සහාය දැක්වූ යුදෙව්වන්වද ඔවුන් පිළිකුල් කළා. විශ්වකෝෂයක සඳහන් වන්නේ “යුදෙව්වන් බදු එකතු කරන්නන්ව දේශද්‍රෝහීන් හා බොරුකාරයන් ලෙසත් මිත්‍යාදෘෂ්ටිකයන්ව ඇසුරු කරන අය ලෙසත් සැලකුවා” කියායි.

බදු එකතු කරන්නන් ක්‍රියා කළේ වංක ලෙසයි. වැඩි බදු මුදලක් අය කරගැනීම සඳහා සමහරුන් භාණ්ඩවල වටිනාකම වැඩි කර පෙන්නුවා. වැඩිපුර ලැබෙන බදු මුදල් ඔවුන් තම සාක්කුවලට දමාගත්තා. තවත් අය බොරු චෝදනා එල්ල කර දුප්පත් අයගෙන් අයුතු ලෙස මුදල් ලබාගත්තා. ඔවුන් පොහොසත් වුණේ එම මුදල්වලිනුයි. (ලූක් 3:13; 19:8) ඒ නිසා බදු එකතු කරන්නන්ව පව්කාරයන් ලෙස සැලකූ අතර ඔවුන්ට “විනිශ්චයකරුවන් හෝ සාක්ෂිකරුවන් ලෙස පෙනී සිටීමට හැකි වුණේ නැහැ” කියා එක් විශ්වකෝෂයක සඳහන් වෙනවා.—මතෙව් 9:10, 11.

[18වන පිටුවේ පින්තූරය]

තුර්කියේ පර්ගමම්වල ඇති නාඳුනන දෙවි කෙනෙකුට සෑදූ පූජාසනයක නටඹුන්

[18වන පිටුවේ පින්තූරය]

බදු එකතු කරන්නෙකුව දැක්වෙන කැටයමක් (ක්‍රි.පූ. 2වන හෝ 3වන සියවස)

[හිමිකම් විස්තර]

Erich Lessing/​Art Resource, NY

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න