ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 5/1 28-30 පි.
  • අතීතයෙන් බිඳක්—ගොවි ජීවිතය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අතීතයෙන් බිඳක්—ගොවි ජීවිතය
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • සිටුවන කාලය
  • අස්වැන්න නෙළන කාලය
  • එදා සහ අද ගොවියා
    2009 පිබිදෙව්!
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 5/1 28-30 පි.

අතීතයෙන් බිඳක්—ගොවි ජීවිතය

“[යේසුස්] තම ගෝලයන්ට මෙසේ කීවේය. ‘අස්වැන්න නම් විශාලයි. නමුත් වැඩකරුවන් සිටින්නේ ස්වල්පදෙනෙකු පමණයි. එමනිසා අස්වැන්න නෙළීමට වැඩකරුවන්ව එවන්න කියා අස්වැන්නේ ස්වාමියාට කන්නලව් කරන්න.’”—මතෙව් 9:37, 38.

ගුරුවරයෙක් ලෙස යේසුස් යම් වැදගත් කාරණා ඉගැන්වීමේදී ගොවිතැන් කරන ක්‍රම සහ ඒ සඳහා භාවිත කරන උපකරණද නිදර්ශන ලෙස යොදාගත්තා. (මතෙව් 11:28-30; මාක් 4:3-9; ලූක් 13:6-9) ඊට හේතුව යේසුස් ජීවත් වුණේ ගොවිතැන හා බැඳුණු සමාජයක වීමයි. ඒ නිසා යේසුස් ඉගැන්වූ දේවල් තේරුම්ගැනීම අපහසු වුණේ නැහැ.—මතෙව් 7:28.

පළමු ශතවර්ෂයේ ජනයා ගොවිතැන් කළ ආකාරය, ඒ සඳහා භාවිත කළ උපකරණ සහ ඔවුන් මුහුණ දුන් අභියෝග ගැන අපි දැන් බලමු. යේසුස් යොදාගත් නිදර්ශන සහ බයිබලයේ සඳහන් වෙනත් වාර්තා හොඳින් අවබෝධ කරගැනීමට එය අපට උපකාරවත් වෙනවා.

මෙම ලිපියේ සඳහන් බයිබල් පද කියවා ඉන් ඉගෙනගත හැක්කේ කුමක්ද කියා කල්පනා කරන්න.

සිටුවන කාලය

හිරු නැඟ එන විට ගොවියා නිවසේ උළුවස්සට හේත්තු වී අවට බලනවා. වැස්ස ඇද හැළුණ නිසා වියළි පොළොව තෙත් වෙලා. වගා කිරීමට කාලය දැනුයි. ඒ නිසා නගුලත් කරේ තබාගෙන ඔහු කුඹුරට යනවා.

කුඹුරට යන අතරතුර ඔහු තම ගවයන් දෙදෙනෙකුවත් දක්කාගෙන යනවා. උන්ගේ කරේ නගුල බඳින ඔහු සූදානම් වන්නේ පස බුරුල් කිරීමටයි. (1) ගවයන් ඉදිරියට ඇදෙන විට නගුලට සවි කර තිබෙන යකඩ උල් පොළොව පසාරු කරගෙන ගොස් කුඩා කාණු සෑදෙනවා. ඒ මේ අත පැද්දෙමින් ගමන් කරන ගොවියා උත්සාහ කරන්නේ ඒ කාණු කෙළින් සාදාගැනීමටයි. නමුත් එසේ කරන විට ඔහු කිසි විටෙකත් ආපසු හැරී බලන්නේ නැහැ. (ලූක් 9:62) ඔහුට අයත් බිම් කොටසේ පමණක් එම කාර්යය කිරීමට වගබලා ගන්නා ඔහු උත්සාහ කරන්නේ ඉන් උපරිම ප්‍රයෝජන ගැනීමටයි.

බීජ වැපිරීමට දැන් සියල්ල සූදානම්. (2) ගොවියා බාර්ලි බීජ මල්ල රැගෙන එය ඉසීම ආරම්භ කරනවා. එසේ කරන විට ඔහු උත්සාහ කරන්නේ “සරු පස” මතට බීජ ඉසීමටයි.—ලූක් 8:5, 8.

ඉන්පසු ඔහු පස්වලින් බීජ වසනවා. ඔහු එය කරන්නේ කටු අතු කිහිපයක් රැගෙන නගුලේ ගැටගසා එය ගවයන් මාර්ගයෙන් ඇදගෙන යෑමට සැලැස්වීමෙනුයි. ඒ අවස්ථාවේදී බීජ කෑමට පැමිණි කුරුල්ලන් කෑ ගසමින් ඒ මේ අත පියාඹනවා ඔහු දකිනවා. (3) ටික දවසකට පසු ඔහු වල් පැළෑටි උදලු ගානවා. ඔහු එසේ කරන්නේ බාර්ලි පැලවලට හොඳින් වැඩීමට ඉඩ දීම සඳහායි.—මතෙව් 13:7.

අස්වැන්න නෙළන කාලය

ප්‍රමාණවත් ලෙස ඇද හැළුණු වර්ෂාව නිසා මාස කිහිපයකින් පසු හොඳ අස්වැන්නක් ලැබෙනවා. දැන් පැමිණ තිබෙන්නේ අස්වැන්න නෙළීමේ කාලයයි.—යොහන් 4:35.

ගොවි පවුලේ සියලුදෙනාට එය ඉතා කාර්යබහුල කාලයක්. (4) ගොවියා දෑකැත්තෙන් අස්වැන්න නෙළාගන්නවා. (5) පවුලේ අනික් අය ඒවා මිටි බදිනවා. (6) පසුව එම මිටි බූරුවන්ගේ කරේ හෝ කරත්තවල පටවාගෙන කමතට ගෙන යනවා.

මේ වන විට දවසින් හමාරක්ම ගෙවී අවසන්. ඉර මුදුන් වී තිබෙන නිසා දිවා ආහාරය ගැනීමට වේලාව පැමිණ තිබෙනවා. පවුලේ සියලුදෙනා ගිමන්හරින්න අත්තික්කා ගසක් යටට යනවා. ඔවුන් සතුටු සාමීචියේ යෙදෙමින් රොටි, ධාන්‍ය, ඔලීව, වියළි අත්තික්කා හා මිදිවල රස බලනවා. ඔවුන් පිපාසය නිවාගන්නේ අසළින් ගලා බසින දිය පහරකිනුයි.—ද්විතීය කතාව 8:7.

(7) මේ අතරතුර අස්වැන්න නෙළා අවසන් වූ කෙතක වැටී තිබෙන කරල් අහුලාගන්න දිලිඳු අය පැමිණෙනවා.—ද්විතීය කතාව 24:19-21.

(8) පොළොවට වඩා මදක් උසට සාදා තිබෙන ගමේ කමතට ගෙන එන බාර්ලි මිටි පසුව පාගනවා. ඒ සඳහා යොදාගන්නේ ගවයන්වයි. උන් කුළු ගෙඩියක් හා සමාන විශාල බරක් සහිත දෙයක් බාර්ලි ගස් මතින් ඇදගෙන යනවා. (ද්විතීය කතාව 25:4) එහි තැනින් තැන තිබෙන තියුණු ගල් හා යකඩ කැබලි නිසා කරල් වෙන් වෙනවා.

(9) බාර්ලි කරල් හා ගස් එක ගොඩේ තිබෙන නිසා ඒවා වෙන් කරගැනීමට ගොවියා මුල්ලුවක් හා සමාන උපකරණයක් යොදාගන්නවා. (මතෙව් 3:12) සවස් වරුවේ හමන සිසිල් සුළඟ නිසා ගොවි පවුලට දැනෙන්නේ මහත් සහනයක්.—රූත් 3:2.

(10) පසුදා හිමිදිරියේම පවුලේ ගැහැනු දරුවන්, මව හා එකතු වී බාර්ලි ඇට පොළන්න පටන්ගන්නවා. එවිට එහි තිබෙන ගල් හා රොඩු ඉවත් වී හොඳ බාර්ලි ඇට පහළින් තිබෙන කූඩවලට වැටෙනවා. මෙවර අස්වැන්න නම් සරුයි. (11) එයින් යම් ප්‍රමාණයක් එදිනෙදා අවශ්‍යතාව සඳහා වෙනමම කූඩවලට දමනවා. ඉතුරු ඒවා පසුව පාවිච්චියට ගැනීම සඳහා වෙන් කර තබනවා.

සියලු වැඩ අවසන් වී ඇති නිසා ගොවියාට දැනෙන්නේ මහත් තෘප්තියක්. තම අත් දෙක ඉණ මත තබාගෙන සැනසුම් සුසුමක් හෙළන ගමන් ඔහු අවට බලනවා. මිදි, ඔලීව, අත්තික්කා හා දෙළුම් වතුවලත් අස්වැන්න කපා අවසන් වූ කෙත් වතුවලත් වැඩ කරන අයව ඔහු දකිනවා. එළවළු වගා කිරීම සඳහා බිම සකස් කරන කෙනෙක් තමාට අත වනනවා ඔහුට පෙනෙනවා. පිපිඤ්ඤා, පරිප්පු, බෝංචි, ලීක්ස්, කඩල සහ ලූනු වැනි එළවළු එම පලාතේ වගා කරනවා. තෘප්තියට පත්ව සිටින ගොවියා, තමන්ට හොඳ අස්වැන්නක් ලබා දීම වෙනුවෙන් දෙවිට ස්තුති කිරීමට කෙටි යාච්ඤාවක් කරනවා.—ගීතාවලිය 65:9-11.

[28–30යන පිටුවල පින්තූර]

(මුද්‍රිත පිටපත බලන්න)

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න