ඇයිද මා ගැහැණියක් වී ඉපදුණේ?
![]()
“කාන්තාවන්ට අද සමාජය සලකන විදිහ දැක්කම මට හැමදාමත් පොඩි ළමයෙක් විදිහට ඉන්න තියෙනවා නම් කියලා හිතෙනවා.”—පහළොස් වන වියේ පසුවන සාරා
අද මිනිසුන් කාන්තාවන්ට සලකන්නේ කොයිතරම් පහත් විදිහටද කියා සාරා පැවසූ දෙයින් පැහැදිලියි. එය හොඳින් තේරුම්ගැනීමට කරුණු කිහිපයක් බලන්න.
අසාධාරණය. ආසියාවේ බොහෝ දෙමව්පියන් කැමති තමන්ට පිරිමි දරුවන් ලැබෙනවාටයි. එම රටවල සිදු වන ළදරු මරණ, ගබ්සාව සහ නොසලකාහැරීම වැනි හේතු නිසා කාන්තාවන් මිලියන 134කගේ පමණ ජීවිත අහිමි වී තිබෙන බව 2011දී එක්සත් ජාතීන්ගේ වාර්තාවක සඳහන් වුණා.
අධ්‍යාපනය. සෑම කාන්තාවන් තිදෙනෙකුගෙන් දෙදෙනෙක්ම පාසැල් අධ්‍යාපනය ලබා තිබෙන්නේ හතර වසර දක්වා පමණයි.
ලිංගික අඩන්තේට්ටම්. කාන්තාවන් බිලියන 2.6කටත් වඩා වැඩි පිරිසක් තම පුරුෂයාගේ ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වෙන අතර එම පුරුෂයන් සිතන්නේ එහි කිසි වරදක් නැහැ කියායි.
සෞඛ්‍යය. නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීම නිසා දියුණු වෙමින් පවතින රටවල සෑම මිනිත්තු දෙකකට වරක් කාන්තාවක් ගැබ්ගෙන සිටින කාලයේදී හෝ දරුවන් බිහි කරද්දී මිය යනවා.
දේපළ අයිතිවාසිකම්. ලෝකයේ වගා කටයුතුවලින් හරි අඩකටත් වඩා වැඩියෙන් නියැලෙන්නේ කාන්තාවන්. නමුත් බොහෝ රටවල ඉඩමක් මිලදී ගන්න හෝ උරුමකම් කියන්න ඔවුන්ට නීතියෙන් අවසර නැහැ.
කාන්තාවන්ට එවන් මූලික අයිතිවාසිකම්වත් නොලැබෙන්නේ ඇයි? ඇතැම් සංස්කෘතින්වල කාන්තාවන්ට අයුතු ලෙස සැලකීම සඳහා යම් ආගමික විශ්වාසයන් සහ පිළිවෙත් නිදහසට කරුණු ලෙස යොදාගන්නවා. ඉන්දියාවේ සිටින නීතිඥයෙක් වන රාමි චොප්රා මෙසේ පැවසුවා. “හැම ආගමකින්ම වගේ කාන්තාවන්ව පහත් කරලා සලකන්න ඉඩ දීලා තියෙනවා.”
ඔබටත් එලෙස හැඟෙනවාද? අනිකුත් ආගමික පොත් හා සමානව බයිබලය තුළත් කාන්තාවන්ව පහත් කොට සැලකීමට දිරි දෙනවා කියා ඔබ සිතනවාද? බයිබලයේ කතෘ වන යෙහෝවා දෙවි කාන්තාවන්ව පහත් කරනවාද? ඊට පිළිතුරු බයිබලයෙන්ම සොයා බලමු.