ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w12 10/1 4-5 පි.
  • අල්ලස හා දූෂණයේ සුලමුල

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අල්ලස හා දූෂණයේ සුලමුල
  • 2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • අල්ලස හා දූෂණයට නිමාවක්!
    2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දූෂණයෙන් තොර ලොවක් පිළිබඳ පොරොන්දුව
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අප මහලු වී මියයන්නේ මන්ද?
    සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම
  • අල්ලස් දූෂණය රජයන්නේ ඇයි?
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2012 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w12 10/1 4-5 පි.

අල්ලස හා දූෂණයේ සුලමුල

“මිනිසා අන් අයට හානියක් වන ලෙසින් තම බලය ක්‍රියාත්මක කර ඇත.”—දේශනාකාරයා 8:9.

කෑදර ව්‍යාපාරිකයෙක්

ඉහත සඳහන් වන්නේ පුරාණයේ සිට පැවතෙන ආණ්ඩුවල සැබෑ තත්වයයි. ලොව පුරා සිටින මිනිසුන් අද්දකින දුක් පීඩාවලට වග කිව යුත්තේ එම ආණ්ඩුයි. ඔය අතරේ යහපත් සමාජයක් බිහි කිරීමේ පවිත්‍ර චේතනාවක් ඇතුව වැඩ කළ අයත් නොසිටියාම නොවෙයි . නමුත් අල්ලස හා දූෂණය ඔඩු දුවා ඇති මේ සමාජය තුළ ඔවුන්ට තම අරමුණ සාර්ථක කරගැනීමට නොහැකි වී තිබෙනවා. එසේ වන්නේ ඇයි? දූෂණය මෙතරම් පැතිරී තිබෙන්නේ ඇයි? ඊට බලපාන ප්‍රධාන හේතු තුනක් තිබෙනවා.

1. වැරදි කිරීමට අප තුළ ඇති පෙලඹීම.

වැරදි කරන්න අපි තුළ ඇති පෙලඹීම පරම්පරාවෙන් පරම්පරාවට පැවතෙන සුව කළ නොහැකි රෝගයක් වගෙයි. එය උපතින්ම අපට උරුම වෙලා තියෙනවා. සියලුදෙනාම එම “පව්කාර ස්වභාවයට හසු වී සිටිති” කියා බයිබලයේ සඳහන් වන්නේ ඒ නිසයි. (රෝම 3:9) ඒ පව්කාර ස්වභාවය ඒකාධිපති පාලකයෙක් වගේ තමන් යටතේ සිටින මිනිසුන්ව ග්‍රහණයට හසු කරගෙන තිබෙනවා. ඒ නිසා මිනිසුන්ගේ ජීවිතයේ එකම ආශාව වී තිබෙන්නේ තමා ගැන පමණක් සිතමින් හැකි තරම් දේවල් රැස් කරගැනීමයි.—රෝම 5:21; 7:17, 20, 23, 25.

2. අවට සිටින දුෂ්ට මිනිසුන්ගේ බලපෑම.

අප සිටින්නේ කෑදරකම හා ආත්මාර්ථයෙන් වට වුණු සමාජයක. එවැනි සමාජයක යහපත් ලෙස හැසිරීමට වෙර දැරීම උඩු ගං බලා පිහිනීමක් වගේ. බල තණ්හාවෙන් පිරුණු මිනිසුන් වැඩ කරන්නේ උන්මත්තකයන් වගෙයි. මොන තරම් මුදල්, බලය හා දේපළ තිබුණත් ඉන් සෑහීමට පත් නොවන ඔවුන් තම අරමුණ ඉටු කරගැනීමට නොකරන දෙයක් නැහැ. ඉන් ගොඩ එනවා වෙනුවට බොහෝ අය ඒ රැල්ලටම හසු වී ඒ වැරැද්දම කරනවා.—නික්මයාම 23:2.

3. සාතන් නමැති යක්ෂයාගේ මුලාව.

නොපෙනෙන දුෂ්ට බලවේගයක් වන යක්ෂයා “මුළු පොළොවම නොමඟ” යවමින් සිටිනවා. ඉන් ඔහු ලබන්නේ අපමණ සතුටක්. (එළිදරව් 12:9) මිනිසුන්ට ස්වභාවයෙන්ම වස්තුව හා බලය සඳහා යම් ආශාවක් තිබෙනවා. ඉන් අයුතු ප්‍රයෝජන ගන්නා යක්ෂයා එම ආශාව තවත් උද්දීපනය කරමින් එම ආශාව කෑදරකමක් බවට පත් වීමට සලස්වනවා.

එයින් අදහස් කරන්නේ අපි සාතන්ගේ අල්ලේ නැටවෙන රූකඩ කියාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න