 
 
සිඟිත්තන්ට
වයස අවුරුදු 3 සහ ඊට අඩු
වැස්ස, වැස්ස දැන් ඇති
නතර වෙන්නකෝ,
මට යන්න දෙන්නකෝ,
බන්ටි අඬනවා.
හරි පුදුමයි!
ඉර පායලා,
වහින්නේ නෑ දැන්.
බන්ටි කියනවා.
හිනා වෙවී උඩ පැන පැන
මිදුලට දිව්වම,
හරිම පුදුම හිතෙන දෙයක්
බන්ටි දකිනවා.
දෙවි දෙන වැස්ස නිසයි,
මල් පිපෙන්නේ
දැන් තමයිනේ ඒක දන්නේ
බන්ටි හිතනවා.
දෙමාපියනි
මේවා පින්තූරයෙන් පෙන්වන්න කියා සිඟිත්තාට පවසන්න:
- ජනේලේ 
- බන්ටි 
- මල් 
- කුරුල්ලා 
- ගහ 
පුළුවන් නම් හොයන්න කියන්න.
- කුරුමිණියා 
- ප්ලේන් එක 
ක්රියා 14:17 කියවන්න. යෙහෝවා දෙවි වැස්ස ඇති කළේ ඇයි?