ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 10/1 4 පි.
  • මිනිසුන්ගේ ආරම්භය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • මිනිසුන්ගේ ආරම්භය
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ ඇයි?
    බයිබලයේ ඉගැන්වීම් සරලව තේරුම්ගමු
  • මිනිසා මැරෙන්නේ ඇයි?
    පොළොව මත ජීවිතය සදහටම භුක්ති විඳින්න!
  • ඒදන් උයනෙන් පිටමං කරයි
    බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • දුෂ්ටකම් පැවතීමට හේතුව
    2007 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 10/1 4 පි.
[4වන පිටුවේ පින්තූරය]

මුල් පිටුවෙන් | ශුද්ධ බයිබලයෙන් ප්‍රීතිමත් පණිවිඩයක්!

මිනිසුන්ගේ ආරම්භය

අපේ විශ්වයේ ආරම්භය ගැන බයිබලයේ කියන්නේ මෙහෙමයි. “පටන්ගැන්මේදී දෙවි අහසත් පොළොවත් නිර්මාණය කළේය.” (උත්පත්ති 1:1) ගස් වැල්, සතුන් සිව්පාවුන් නිර්මාණය කළාට පස්සේ දෙවියන් ආදම් හා ඒව කියන මුල්ම මිනිස් යුවළත් නිර්මාණය කළා. සතුන්ට වඩා ආදම් සහ ඒව වෙනස් වුණේ දෙවියන්ගේ ගතිලක්ෂණත් තීරණ ගැනීමේ නිදහසත් ඒ දෙන්නාට තිබුණු නිසයි. නමුත් තමන් කරන කියන දේවල් ගැන ඒ දෙන්නා දෙවියන්ට ගණන් දිය යුතු වුණා. දෙවියන්ගේ අරමුණ වුණේ ආදම් හා ඒව මාර්ගයෙන් මිනිසුන් බිහි කරලා මුළු පොළොවම ලස්සන පාරාදීසයක් කරන්නයි.

හැබැයි ස්වර්ගයේ හිටිය දේවදූතයෙක් ඒ අවස්ථාව ආදම්ගෙන් හා ඒවගෙන් උදුරගත්තා. ඒ නිසයි ඒ දේවදූතයාව “විරුද්ධකාරයා” කියන තේරුම තියෙන සාතන් කියන නමින් හඳුන්වන්නේ. එයාට ඕන වුණේ ආදම් හා ඒව ලවා එයාගේ වාසියට දෙයක් කරවගන්නයි. එයා සර්පයෙක් මාර්ගයෙන් ඒවට කිව්වා දෙවිගේ මඟ පෙන්වීම්වලට පිටු පෑවොත් වඩාත් හොඳ ජීවිතයක් ලැබෙයි කියලා. ඒ බොරුවට ඒව රැවටුණා. ආදම් හා ඒව සාතන්ගේ පැත්ත අරගෙන දෙවියන්ට පිටු පෑවා. ඒ නිසා ඒ දෙන්නාට පාරාදීසයක සදාකාල ජීවනය නැති වුණා විතරක් නෙමෙයි මුළු මිනිස් සංහතියටමත් පාපය හා මරණය උරුම වුණා.

ඒ දුක්ඛිත තත්වයෙන් මිනිසුන්ව ගලවගෙන සදාකාල ජීවනය ආපහු ලබා දෙන්න දෙවියන් ඉක්මණින්ම සැලැස්මක් යෙදුවා. සාතන් නිසාත් ආදම් හා ඒව නිසාත් ඇති වුණ දුක් වේදනා නැති කරන්නත් අන්තිමට සාතන්ව විනාශ කරන්නත් විශේෂ කෙනෙක්ව එවනවා කියලා දෙවියන් හෙළි කළා. ඒ කෙනාව බයිබලයේ හඳුන්වලා තියෙන්නේ “පැවත එන තැනැත්තා” කියලයි. (උත්පත්ති 3:15) ඒ කෙනා කවුද කියලා දැනගන්න කාලයක් ගත වුණා.

සාතන් දිගටම දෙවියන්ගේ අරමුණට හරස් කැපුවා. එන්න එන්නම පොළොවේ දුෂ්ටකම් වැඩි වුණා. ඒ නිසා එදා හිටිය දුෂ්ට මිනිසුන්ව ජලගැල්මකින් විනාශ කරන්න දෙවියන් තීරණය කළා. නමුත් නෝවා සහ එයාගේ පවුලේ අය විශ්වාසවන්තව හිටපු නිසා දෙවියන් නෝවාට කිව්වා එයාටයි පවුලේ අයටයි සතුන්ටයි ජලගැල්මෙන් බේරෙන්න ලොකු නැවක් හදන්න කියලා.

ජලගැල්මෙන් දුෂ්ට මිනිසුන් විනාශ වුණා. ජලගැල්ම පටන් අරන් අවුරුද්දකට පස්සේ නෝවායි එයාගේ පවුලේ අයයි නැවෙන් එළියට ආවා. ඒ අය පය තැබුවේ දුෂ්ටකම තුරන් වූ ලොවකටයි. ඒත් “පැවත එන තැනැත්තා” ඒ වෙන කොටත් ඇවිත් තිබුණේ නැහැ.

—තොරතුරු පදනම් වෙලා තියෙන්නේ බයිබලයේ උත්පත්ති 1-11 පරිච්ඡේද; යූද් 6, 14, 15 හා එළිදරව් 12:9 මතයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න