ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • bm 2 කොටස 5 පි.
  • ඒදන් උයනෙන් පිටමං කරයි

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒදන් උයනෙන් පිටමං කරයි
  • බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
  • සමාන තොරතුරු
  • දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • අපි හැමෝටම වඩා දෙවියන් බලවත්
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • මුල් මිනිස් යුවළගෙන් අපට පාඩමක්
    2000 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
බයිබලය – එහි පණිවිඩය කුමක්ද?
bm 2 කොටස 5 පි.
කන්න එපා කියපු ගහේ ගෙඩියක් ඒව අල්ලනවා

2වන පාඩම

ඒදන් උයනෙන් පිටමං කරයි

දෙවිගේ පාලනය ප්‍රතික්ෂේප කිරීමට කැරලිකරුවෙක් ආදම් සහ ඒවට බලපෑම් කරයි. ඒ නිසා මිනිස් වර්ගයාට පව්කාර ස්වභාවය හා මරණය උරුම වෙයි

මිනිසාව නිර්මාණය කිරීමට බොහෝ කාලයකට පෙර ස්වර්ගයේ ජීවත් වීම සඳහා දෙවි මිනිසුන්ට නොපෙනෙන ජීවීන් එනම්, දේවදූතයන්ව නිර්මාණය කළා. ඔවුන් අතරින් එක් දේවදූතයෙක් දෙවිට විරුද්ධව කැරලිගැසුවා. ඔහුව සාතන් නමැති යක්ෂයා ලෙස හැඳින්වූයේ ඒ නිසයි. ඔහුගේ අරමුණ වුණේ දෙවි නොකන්න කියා අණ කර තිබූ ගසේ පල කෑමට ඒවව පෙලඹවීමයි.

සාතන් ඒ සඳහා ඒව සමඟ කතා කිරීමට සර්පයෙකුව යොදාගත්තා. සර්පයා මාර්ගයෙන් ඔහු ඒවට පැවසුවේ දෙවි නොකන්න කියා අණ කර තිබූ ගසේ පල කෑවොත් ඔවුන් මිය නොයන බවයි. එසේ පැවසීමෙන් දෙවි බොරුකාරයෙකු බවට ඔහු චෝදනා කළා. එමෙන්ම දෙවිට අකීකරුව ක්‍රියා කළොත් දෙවි හා සමාන දැනුමක් හා නිදහසක් ඔවුන්ට ලබාගත හැකි බව ඔහු පැවසුවා. එසේ පැවසීමෙන් ඔහු ඇඟෙව්වේ යම් වටිනා දෙයක් දෙවි ආදම් සහ ඒවට ලබා නොදෙන බවයි. නමුත් සාතන් පැවසූ ඒ සියල්ල බොරු. පොළොවෙහි මුලින්ම පැවසූ බොරුව එයයි. සාතන් ඒවට පැවසූ ඒ සියල්ලෙන් ඉතා බැරෑරුම් කාරණයක් ඉස්මතු වුණා. එය දෙවිගේ පාලනය හා සම්බන්ධයි. එනම් මිනිසුන්ව පාලනය කිරීමට දෙවිට අයිතියක් තිබෙනවාද යන්න හා දෙවි මිනිසුන්ව පාලනය කරන්නේ ඔවුන්ට යහපතක් වන අයුරින්ද යන්නයි.

සාතන් පැවසූ බොරුව විශ්වාස කළ ඒවට ඒ ගසේ පල කන්න ආශාවක් ඇති වුණා. ඇය එහි පල කෑ පසු ඇගේ පුරුෂයාටත් එය දුන්නා. ඔහුත් එහි පල කෑවා. ඔවුන් කළ ඒ ක්‍රියාව ඇත්තෙන්ම කැරලිගැසීමක්. කිසිම අඩුවක් නැති ජීවිතයක් ඇතුළු ඔවුන්ට අවශ්‍ය සෑම දෙයක්ම ලබා දුන් දෙවිව ඔවුන් ප්‍රතික්ෂේප කළා. දෙවි දුන් ආඥාවක් හිතාමතා කඩ කිරීමෙන් ආදම් සහ ඒව පෙන්නුම් කළේ දෙවිගේ පාලනය ඔවුන්ට අවශ්‍ය නැති බවයි. එසේ ඔවුන් දෙදෙනාම පව්කාරයන් බවට පත් වුණා.

විශේෂ තැනැත්තා, “ඔබේ හිස පොඩි කරන්නේය. ඔබ ඔහුගේ විලුඹ පොඩි කරන්නෙහිය.”—උත්පත්ති 3:15

දෙවි ආදම් සහ ඒව කළ ඒ වරදට මරණ දඬුවම නියම කළා. නමුත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ට දයාව පෙන්වීමට දෙවි තීරණය කළ නිසා දෙවි ඒ මොහොතේදීම එම දඬුවම ක්‍රියාත්මක කළේ නැහැ. සර්පයාව යොදාගෙන කතා කළ සාතන්ව විනාශ කර දැමීමට පැමිණෙන විශේෂ තැනැත්තෙකු ගැන ඒ අවස්ථාවේදී දෙවි පැවසුවා. ඒ විශේෂ තැනැත්තා මාර්ගයෙන් ඒදන් උයනේ සිදු වූ කැරැල්ලේ සියලු අහිතකර ප්‍රතිඵල නැති කර දමන බවත් දෙවි පවසා සිටියා. ඒ නිසා ආදම්ගෙන් පැවතෙන්නන්ට අනාගතය ගැන බලාපොරොත්තුවක් තිබුණා. ගැලවීම ලබා දෙන ඒ විශේෂ තැනැත්තා කවුද කියාත් ඔහු මාර්ගයෙන් දෙවි අරමුණු කළ දේ ඉටු වන්නේ කෙසේද කියාත් දෙවි බයිබලය තුළින් ක්‍රමානුකූලව එළිදරව් කළා.

ආදම් සහ ඒව කැරලිගැසූ අවස්ථාවේදීම දෙවි ඔවුන්ව ඒදන් උයනෙන් පිටමං කළා. එතැන් සිට ඔවුන්ට වෙහෙස මහන්සි වී වැඩ කරමින් ඉතා කටුක ජීවිතයක් ගත කරන්න සිදු වුණා. කලක් ගත වූ පසු ඒව පුතෙකු බිහි කළා. ඔහුගේ නම කායින්. පසුව ඇයට ආබෙල් සහ නෝවාගේ මුතුන්මිත්තෙකු වන සෙත් ඇතුළු තවත් දරුදැරියන් බොහෝදෙනෙක් සිටියා.

—උත්පත්ති 3-5 පරිච්ඡේද; එළිදරව් 12:9.

  • මුල්ම බොරුව කුමක්ද? එය පැවසුවේ කවුද?

  • ආදම් සහ ඒවට ඒදන් උයන අහිමි වුණේ කෙසේද?

  • ආදම් සහ ඒවගෙන් පැවතෙන්නන්ට දෙවි දුන් පොරොන්දුව කුමක්ද?

පව්කාර ස්වභාවය හා මරණය

දෙවි ආදම් සහ ඒවව නිර්මාණය කළේ පරිපූර්ණ ලෙස එනම්, කිසිම අඩුවක් නැතුවයි. ඔවුන්ට පාරාදීස පොළොවක සදාකල් ජීවත් වීමේ ප්‍රස්තාව තිබුණා. නමුත් දෙවිට විරුද්ධව ඔවුන් කැරලිගැසූ නිසා ඔවුන් පව්කාරයන් බවට පත් වුණා. ජීවනයේ උල්පත වන යෙහෝවා දෙවි සමඟ ඔවුන්ට තිබූ මිත්‍රත්වය බිඳී ගිය අතර පරිපූර්ණ ජීවිතයද ඔවුන්ට අහිමි වුණා. එතැන් සිට ඔවුන්ටත් ඔවුන්ගෙන් පැවතෙන්නන්ටත් උරුම වුණේ පව්කාර ස්වභාවය හා මරණයයි.—රෝම 5:12.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න