ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 3 පාඩම 14 පි.-15 පි. 3 ¶
  • ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණා
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?
    මගේ බයිබල් කතන්දර පොත
  • අපි හැමෝටම වඩා දෙවියන් බලවත්
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
  • දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • අමාරු ජීවිතයක් පටන්ගනී
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 3 පාඩම 14 පි.-15 පි. 3 ¶
ආදම්, ඒව ඒදන් උයනෙන් එළියට එනවා

3වෙනි පාඩම

ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණා

ඒව දීපු පලතුර දිහා බලාගෙන ඉන්න ආදම්

දවසක් ඒව තනියම ඉද්දී සර්පයෙක් එයාගෙන් ඇහුවා ‘දෙවියන් උයනේ හැම ගහකින්ම කන්න එපා කියපු එක ඇත්තද’ කියලා. එතකොට ඒව මෙහෙම කිව්වා. ‘එක ගහකින් විතරයි කන්න එපා කිව්වේ. ඒකෙන් කෑවොත් නම් අපි මැරෙනවා.’ එතකොට සර්පයා කිව්වේ මෙහෙමයි. ‘ඔයාලා මැරෙන්නේ නැහැ. ඒකෙන් කෑවොත් ඔයාලට දෙවියන් වගේ වෙන්න පුළුවන්.’ ඒක බොරුවක්. හැබැයි ඒව හිතුවා ඒක ඇත්ත කියලා. ඒ පලතුරු දිහා බලන්න බලන්න එයාට ඒක කන්නම හිතුණා. එයා ඒක කාලා ආදම්ටත් දුන්නා. ආදම් දැනගෙන හිටියා දෙවියන් එපා කියපු දේ කළොත් මැරෙන්න වෙනවා කියලා. ඒත් එයා ඒක කෑවා.

ආදම්, ඒවට ඒදන් උයනට ඇතුල් වෙන්න බැරි වෙන විදිහට දෙවියන් දේවදූතයන්වත් ගිනිගන්න කඩුවකුත් එතැනින් තිබ්බා

හවස යෙහෝවා එයාලාගෙන් ඇහුවා එහෙම කළේ ඇයි කියලා. ඒව කිව්වා සර්පයා නිසා කියලා. ආදම් කිව්වේ ඒව නිසා කියලා. අකීකරු වුණු නිසා දෙවියන් ආදම්වයි ඒවවයි උයනෙන් එළියට දැම්මා. එයාලට උයනට යන්න බැරි වෙන විදිහට දේවදූතයන්වත් ගිනිගන්න කඩුවකුත් ඇතුල් වෙන තැනින් තිබ්බා.

ඒ විතරක් නෙවෙයි ඒවට බොරු කියපු කෙනාටත් දඬුවම් දෙනවා කියලා යෙහෝවා කිව්වා. යෙහෝවා සර්පයන්ව හැදුවේ කතා කරන්න පුළුවන් විදිහට නෙවෙයිනේ. ඒ නිසා එදා ඇත්තටම ඒවට කතා කළේ සර්පයෙක් නෙවෙයි. සර්පයා කතා කරනවා වගේ කතා කළේ නරක දේවදූතයෙක්. ඒවව රවට්ටන්නයි එහෙම කළේ. ඒ දේවදූතයාට සාතන් කියලත් යක්ෂයා කියලත් කියනවා. ළඟදීම යෙහෝවා දෙවියන් සාතන්ව විනාශ කරනවා. ඊටපස්සේ කවදාවත් මිනිස්සුන්ව රවට්ටන්න සාතන්ට බැහැ.

‘යක්ෂයා මුල ඉඳන්ම මිනීමරුවෙක්. එයා සත්‍යයෙන් අයින් වෙලා ගියා. මොකද සත්‍යය එයාගේ හදවතේ නැහැ.’—යොහන් 8:44, පාදසටහන

ප්‍රශ්න: කන්න එපා කියපු ගහෙන් ඒව කෑවේ ඇයි? යෙහෝවාට අකීකරු වුණු නිසා ආදම්ටයි ඒවටයි වුණේ මොනවාද? සාතන් කියන්නේ කවුද?

උත්පත්ති 3:1-24; යොහන් 8:44; 1 යොහන් 3:8; එළිදරව් 12:9

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න