ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 4
  • ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • දෙවියන්ටත් දුක හිතෙනවා - දුකක් නොදී දෙවියන්ව සතුටු කරන්න අපිට පුළුවන්
    2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අපි හැමෝටම වඩා දෙවියන් බලවත්
    උතුම් ගුරුවරයාගෙන් ඉගෙනගනිමු
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 4
ආදම් හා ඒවව ඒදන් උයනෙන් පන්නලා දැම්මා

කතන්දර 4

ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?

බලන්න දැන් වෙලා තියෙන දේ! ආදම් හා ඒවව ඒ ලස්සන ඒදන් උයනෙන් පන්නලා දාලා. ඒ ඇයි කියලා ඔයා දන්නවාද?

ඒගොල්ලන් කරලා තියෙන්නේ හරිම නරක දෙයක්. ඉතින් යෙහෝවා දැන් ඒගොල්ලන්ට දඬුවම් කරනවා. ආදම් හා ඒව කරපු නරක දේ මොකක්ද කියලා ඔයා දන්නවාද?

ඒගොල්ලෝ දෙවි කරන්න එපා කියපු දෙයක් කරලා. දෙවි කිව්වා ඒගොල්ලන්ට උයනේ තියෙන ඕනෑම ගසකින් කන්න පුළුවන් කියලා. හැබැයි එක ගසකින් විතරක් කන්න එපා, කෑවොතින්, ඒගොල්ලන් මැරෙනවයි කියලත් දෙවි කිව්වා. ඒ ගහ දෙවිට විතරයි අයිති. වෙන කෙනෙකුට අයිති දෙයක් ගන්න එක වැරදියි කියලා අපි දන්නවනෙ. ඉතින්, මොනවාද වුණේ?

දවසක්, ඒව තනියෙන් උයනේ ඉන්නකොට, සර්පයෙක් ඇවිල්ලා එයා එක්ක කතා කළා. ඒක හරි පුදුමයි නේද? දෙවි කන්න එපා කියපු ගහෙන් කන්න කියලා ඌ ඒවට කිව්වා. නමුත්, යෙහෝවා සර්පයන් මැව්වේ, උන්ට කතා කරන්න පුළුවන්කම දීලා නෙවෙයි. ඒකෙන් තේරෙන්නේ වෙන කවුරු හරි සර්පයාව කතා කෙරෙව්වා කියන එකයි. ඒ කවුද?

ඒ ආදම් නෙවෙයි. එහෙනම්, යෙහෝවා පොළොව හදන්න හුඟ කාලෙකට ඉස්සෙල්ලා මවපු අයගෙන් එක් කෙනෙක් වෙන්න ඕනේ. ඒ දේවදූතයෝ. අපිට ඒගොල්ලන්ව පේන්නේ නැහැ. මේ දේවදූතයා එයා ගැන ගොඩක් ආඩම්බර වුණා. දෙවි වගේ රජෙක් වෙන්න ඕනේ කියලා එයා හිතන්න පටන්ගත්තා. මිනිස්සු යෙහෝවාට කීකරු වෙන්නේ නැතුව එයාට කීකරු වෙනවටයි එයා කැමති වුණේ. එයා තමයි සර්පයාව කතා කෙරෙව්වේ.

මේ දේවදූතයාට පුළුවන් වුණා ඒවව රවට්ටන්න. ඒව ගෙඩිය කෑවොතින් දෙවි වගේ වෙනවා කියලා එයා කිව්වාම, ඒව ඒක විශ්වාස කළා. ඉතින් ඇය කෑවා, ආදමුත් කෑවා. ආදම් හා ඒව දෙවිට අකීකරු වුණ නිසයි, ඒගොල්ලන්ට ඒ ලස්සන ගෙදරින් යන්න වුණේ.

නමුත් දෙවි කවදාහරි දවසක මුළු පොළොවම ඒදන් උයන වගේ ලස්සන කරන්න යනවා. මෙහෙම කරන්න ඔයාටත් උදව් වෙන්න පුළුවන් කොහොමද කියලා අපි පස්සේ ඉගෙනගන්න යනවා. ඊට ඉස්සෙල්ලා, ආදම් හා ඒවට මොනවාද වුණේ කියලා අපි බලමුද?

උත්පත්ති 2:16, 17; 3:1-13, 24; එළිදරව් 12:9.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න