ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 5
  • අමාරු ජීවිතයක් පටන්ගනී

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අමාරු ජීවිතයක් පටන්ගනී
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • ඒගොල්ලන්ට ඉන්න තැන නැති වුණේ ඇයි?
    මගේ බයිබල් කතන්දර පොත
  • දෙවි මිනිසාට දුන්නේ කොයි වගේ ජීවිතයක්ද?
    දෙවිට සවන් දී සැමදා ජීවත් වෙන්න
  • ආදම් සහ ඒව දෙවියන්ට අකීකරු වුණා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • දෙවියන් පළවෙනි පුරුෂයාවයි ස්ත්‍රියවයි හැදුවා
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 5
ඒදන් උයනෙන් එළියට ආවට පස්සේ ඒව, දරුවන් එක්ක අමාරු ජීවිතයක් ගත කරනවා

කතන්දර 5

අමාරු ජීවිතයක් පටන්ගනී

ඒදන් උයනෙන් එළියට ආවාම ආදම් හා ඒවට කරදර ගොඩකට මුහුණ දෙන්න සිද්ධ වුණා. ඒගොල්ලන්ට කෑම හොයාගන්න ගොඩක් මහන්සි වෙන්න සිද්ධ වුණා. දැන් ඒගොල්ලන් වටේ තිබුණේ ලස්සන පලතුරු ගස් නෙමෙයි, කටු ගොකටු විතරයි. ආදම් හා ඒව දෙවිට අකීකරු වෙලා ඔහුත් එක්ක තිබුණ යාළුකම නැවැත්තුවාම මේකයි සිද්ධ වුණේ.

නමුත් ඊටත් වඩා නරක දෙයක් වුණා. ආදම් හා ඒව ටිකෙන් ටික වයසට ගිහිල්ලා මැරුණා. කන්න එපා කියලා කියපු ගහෙන් ගෙඩි කෑවොත් ඒගොල්ලන් මැරෙනවා කියලා දෙවි කිව්වා මතකද? ඇත්තටම ඒගොල්ලන් ගෙඩිය කාපු දවසේ ඉඳන්ම මැරෙන කම් වයසට යන්න පටන්ගත්තා. ඒගොල්ලන් දෙවිට ඇහුම්කන් දුන්නේ නැති එක කොච්චර මෝඩකමක්ද!

ආදම් හා ඒවව ඒදන් උයනෙන් එළියට දැම්මට පස්සෙයි ඒ දෙන්නට ළමයි ඉපදුනේ. ඒ කියන්නේ, මේ ළමයින්ටත් වයසට ගිහිල්ලා මැරෙන්න වෙනවා කියන එකයි.

ආදම් හා ඒව යෙහෝවාට කීකරු වෙලා හිටියා නම්, ඒගොල්ලන්ටත් ඒගොල්ලන්ගේ ළමයින්ටත් සන්තෝෂයෙන් ජීවත් වෙන්න තිබුණා. ඒ හැමෝටම අවස්ථාව තිබුණා පොළොවේ සදාකාලෙටම සන්තෝෂයෙන් ජීවත් වෙන්න. කාටවත් වයසට ගිහිල්ලා, ලෙඩ වෙලා මැරෙන්න සිද්ධ වෙන්නේ නැහැ.

දෙවිට ඕන කරන්නේ මිනිස්සු සදහටම සන්තෝෂයෙන් ජීවත් වෙනවා දකින්නයි. කවදාහරි දවසක ඒගොල්ලන් එහෙම ජීවත් වෙනවා කියලා ඔහු පොරොන්දු වෙනවා. මුළු පොළොවම ලස්සන වේවි. හැමෝම හොඳ සනීපෙන් ඉන්න යනවා. පොළොවේ ඉන්න හැමදෙනාම අනික් හැමෝ එක්කත් දෙවි එක්කත් හොඳ යාළුවන් හැටියට ඉන්න යනවා.

ඒ වුණාට දැන් ඒව දෙවිගේ යාළුවෙක් නෙවෙයි. ඒ නිසා ඇයට ළමයි ලැබෙන කොට ගොඩක් අමාරු වුණා. යෙහෝවාට අකීකරු වුණ නිසා ඇයට ගොඩක් දුක් විඳින්න වුණා.

ආදම් හා ඒවට, පුතාල දුවලා ගොඩක් හිටියා. ඒගොල්ලන්ගේ පළවෙනි පුතා ඉපදෙද්දී, එයාට දැම්මේ කායින් කියන නමයි. ඒගොල්ලන්ගේ දෙවනි පුතාට ආබෙල් කියන නම දුන්නා. ඒ අයට මොකද වුණේ කියලා ඔයා දන්නවාද?

උත්පත්ති 3:16-23; 4:1, 2; එළිදරව් 21:3, 4.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න