ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w13 12/1 3 පි.
  • දෙවියන්ව ඕනෙමද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ව ඕනෙමද?
  • 2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ඔබ පල්ලියකට අයිති විය යුතුද?
    2004 මුරටැඹ යහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පල්ලියේ බලපෑම හීන වන්නේ මන්ද?
    1996 පිබිදෙව්!
2013 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w13 12/1 3 පි.

මුල් පිටුවෙන් | අර්ථවත් ජීවිතයකට දෙවියන් අවශ්‍යමද?

දෙවියන්ව ඕනෙමද?

අදේවවාදී කණ්ඩායමක් විසින් දැමූ විශාල ප්‍රචාරක පුවරුවක තිබුණේ මෙහෙමයි. “ඔබට දෙවියන්ව ඕනෙමද? මිලියන ගණනකගේ ජීවිත දෙවියන් නැතුව සාර්ථකයි.”

අදේවවාදීන් විතරක් නෙමෙයි දෙවියන්ව පිළිගන්නවා කියන අයත් ජීවත් වෙන විදිහෙන් පෙන්වන්නේ තමන්ට දෙවි ගැන විශ්වාසයක් නැහැ කියලයි. කතෝලික අගරදගුරු සාල්වාටෝරේ ෆිසිකෙලා කිව්වේ මෙහෙමයි. “අපේ බැතිමතුන් දිහා බැලුවම නම් අපි ක්‍රිස්තියානීන් කියලා කවුරුත් කියන එකක් නැහැ. මොකද අපි ජීවත් වෙන විදිහෙයි අදේවවාදීන් ජීවත් වෙන විදිහෙයි කිසි වෙනසක් නැහැ.”

සමහර අය කොච්චර කාර්යබහුලද කියනවා නම් එයාලට දෙවියන් ගැන හිතන්නවත් වෙලාවක් නැහැ. ඔවුන් දෙවියන්ව දකින්නේ ඔවුන්ගෙන් ගොඩක් දුරස් වෙලා ඉන්න, ඔවුන්ගේ ජීවිතයට ලොකු වැදගත්කමක් නැති කෙනෙක් හැටියටයි. ඒත් කරදරයක් වුණාම, මොනවා හරි ඕන වුණාම එයාලට දෙවියන්ව මතක් වෙනවා. එයාලා දෙවියන්ව සලකන්නේ කියන පරක්කුවට උදව් කරන්න ඉන්න සේවකයෙක් විදිහටයි.

තවත් අය ආගමක් ඇදහුවත් උගන්වන දේවල් පිළිපදින්නේ නැහැ. එයාලා හිතන්නේ ඒවා අදට ගැළපෙන්නේ නැහැ කියලයි. උදාහරණයකට ජර්මනියේ ජීවත් වන කතෝලික ජනයාගෙන් සියයට 76ක් හිතන්නේ විවාහ වෙන්න කලින් එකට ජීවත් වෙන එකේ කිසි වරදක් නැහැ කියලයි. නමුත් කතෝලික ආගමේ හැටියටත් බයිබලයේ හැටියටත් ඒක වැරදියි. (1 කොරින්ති 6:18; හෙබ්‍රෙව් 13:4) හුඟක් අය ආගමට ළැදියි කියලා කිව්වත් ඊට එකඟව ජීවත් වෙන්නේ නැහැ. ඒ නිසා තමන්ගේ ආගමේ ඉන්න අය “අදේවවාදීන් වගේ” ජීවත් වෙන එක ගැන හුඟක් ආගමික නායකයන් දුක් වෙන එක පුදුමයක්ද!

මේ කරුණු සලකා බලද්දී ‘ඇත්තටම දෙවියන්ව අපිට ඕනෙද’ කියන ප්‍රශ්නය කෙනෙක්ගේ හිතේ මතු වෙන්න පුළුවන්. ඒක අද ඊයේ නෙමෙයි මිනිස් ඉතිහාසයේ ආරම්භයේදීම මතු වුණ ප්‍රශ්නයක් බව බයිබලයේ මුල් පොතේ සඳහන් වෙනවා. අපි දැන් ඒ ගැන විස්තර ටිකක් බලමු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න