ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w14 12/1 11 පි.
  • නත්තල ගැන ඇත්ත මොකක්ද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නත්තල ගැන ඇත්ත මොකක්ද?
  • 2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • නවීන නත්තලේ මූලාරම්භයන්
    1997 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පෙරදිගටත් නත්තල්?
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • නත්තල සමරන එක වැරදිද?
    2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් නත්තල සමරන්නේ නැත්තේ ඇයි?
    නිතර අසන ප්‍රශ්න
තව තොරතුරු
2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w14 12/1 11 පි.

පාඨකයන් අසයි

නත්තල ගැන ඇත්ත මොකක්ද?

හුඟදෙනෙක් නත්තල සමරන්නේ විවිධ හේතු නිසයි. සමහරු නත්තලට යාළුවන් හා පවුලේ අය එක්ක විනෝද වෙනවා. තවත් අය ඒ කාලය දෙවියන් වෙනුවෙන් කැප කරනවා. ඒ වගේම දිලිඳු අයටත් උදව් කරනවා. ඒ දේවල් හොඳ වුණත් නත්තල ගැන මිනිසුන් නොදුටු පැත්තකුත් තියෙනවා.

නත්තල සමරන හුඟදෙනෙක් හිතන්නේ ඔවුන් යේසුස්ගේ උපත සමරනවා කියලයි. ඒත් ඉතිහාසඥයන් කියනවා යේසුස් ඉපදුණ දවස කවුරුත් හරියටම දන්නේ නැහැ කියලා. ඒ ගැන පොතක මේ විදිහට කියලා තියෙනවා. “බොරු දෙවිවරුන්ට සම්බන්ධ චාරිත්‍රවලින් ඈත් වෙලා ඉන්න” ඕන වුණ නිසා “මුල් ක්‍රිස්තියානීන් යේසුස් ඉපදුණ දිනය ගැන සඳහන් කිරීමෙන් වැළකී සිටියා.” (The Christian Book of Why) ඒ වගේම යේසුස් තමන්ගේ උපන් දිනයවත් වෙන කෙනෙක්ගේ උපන් දිනයක්වත් සැමරුවා කියලා බයිබලයේ කොහෙවත් කියලා නැහැ. හැබැයි යේසුස් අණ කෙරුවේ ඔහුගේ මරණය සිහි කරන්න කියලයි.—ලූක් 22:19.

වෙනත් ආගම්වලට සහ බොරු දෙවිවරුන්ට සම්බන්ධ හුඟක් චාරිත්‍ර නත්තල් චාරිත්‍රවලට ඇතුළත් වෙලා තියෙනවා කියලා ප්‍රවීණයන් හුඟදෙනෙක් කියනවා. උදාහරණයකට නත්තල් සීයා, මිස්ල්ටෝ අතු සැරසිල්ල, නත්තල් ගහ, තෑගිබෝග දීම, ඉටිපන්දම් දැල්වීම වැනි නත්තල් සැරසිලි සහ කැරොල් ගී ගායනය වගේ දේවල් ඒකට ඇතුළත්. සමහර චාරිත්‍ර ගැන පොතක මෙහෙම කියනවා. “අපි නත්තල් තෑගි හුවමාරු කරගන්නවා. ගෙවල්, පල්ලි සරසනවා. ඒත් අපි කරන්නේ මිථ්‍යා චාරිත්‍රයක් කියලා දන්නේ අපෙන් කීයෙන් කීදෙනාද?”—The Externals of the Catholic Church.

“අපි නත්තල් තෑගි හුවමාරු කරගන්නවා. ගෙවල්, පල්ලි සරසනවා. ඒත් අපි කරන්නේ මිථ්‍යා චාරිත්‍රයක් කියලා දන්නේ අපෙන් කීයෙන් කීදෙනාද?”—The Externals of the Catholic Church

ඒත් කාටවත් හානියක් නැහැ කියලා පේන්න තියෙන මේ චාරිත්‍රවල වරදක් නැහැ කියලා ඔබට හිතෙන්න පුළුවන්. දැන් අපි බලන කරුණෙන් ඒකට උත්තරේ දැනගන්න පුළුවන්. යෙහෝවා දෙවියන්ට කරන නමස්කාරයට මිථ්‍යා චාරිත්‍ර සම්බන්ධ කරනවාට ඔහු කැමති නැහැ. දෙවියන් ඔහුගේ සේවකයෙක් වුණ ආමොස් මාර්ගයෙන් අතීතයේ හිටිය මුරණ්ඩු ඊශ්‍රායෙල් සෙනඟට මෙහෙම කිව්වා. “මම ඔබේ උත්සවවලට පිළිකුල් කරමි. ඒවා ප්‍රතික්ෂේප කරමි. . . . ඔබේ ගීතිකා මගේ කන්වලට අමිහිරිය.”—ආමොස් 5:21, 23.

ඒ විදිහට ඔහු තදින් කිව්වේ ඇයි? අතීතයේදී ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවියන්ට නමස්කාර කරන්න ගියේ යෙරුසලමේ දේවමාලිගාවටයි. ඒත් ඊශ්‍රායෙලයේ උතුරු රාජ්‍යයේ මුල්ම රජු වන යෙරොබොවම් දාන් සහ බෙතෙල් කියන නගරවල රන් වස්සන්ගේ රූප හැදුවා. යෙරුසලමට යන්නේ නැතුව ඒ නගරවලට ගිහින් ඒවාට නමස්කාර කරන්න සෙනඟව පෙලඹෙව්වා. ඒ විතරක් නෙමෙයි නොයෙකුත් උත්සව පිහිටුවලා ඒ වැඩකටයුතු බලා කියා ගන්න පූජකයන්වත් පත් කළා.—1 රාජාවලිය 12:26-33.

ඊශ්‍රායෙල්වරුන් එහෙම කළේ දෙවියන්ව සතුටු කරන්න හිතාගෙන හොඳ චේතනාවෙන්නේ කියලා කෙනෙක්ට හිතෙන්න පුළුවන්. ඒත් දෙවියන් ආමොස් සහ අනිත් සේවකයන් මාර්ගයෙන් ඍජුව කියපු වචනවලින් ඒ චාරිත්‍ර ගැන ඔහුට හැඟුණ විදිහ පැහැදිලි වෙනවා. ඔහු මලාකි මාර්ගයෙන් මෙහෙම කිව්වා “මා යෙහෝවා දෙවිය. මම කිසිදාක වෙනස් නොවෙමි.” (මලාකි 3:6) අද පවත්වන නත්තල් චාරිත්‍ර ගැන යෙහෝවා දෙවියන්ට හැඟෙන විදිහ මේකෙන් පැහැදිලි වෙන්නේ නැද්ද?

ඉහත කරුණු සලකලා බැලුව මිලියන ගාණක් නත්තල් උත්සවය සැමරීමෙන් වළකින්න තීරණය කරලා තියෙනවා. ඒ වෙනුවට තමන්ගේ පවුලේ අය එක්කයි යාළුවන් එක්කයි කාලය ගත කරන්නත් දුප්පත් අයට උදව් කරන්නත් විශේෂ දවසක් එනකම් ඔවුන් බලාගෙන ඉන්නේ නැහැ. ඔවුන් අවුරුද්ද පුරාම සතුටෙන් ඉන්නවා.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න