ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 6/15 32 පි.
  • ඔබට මතකද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබට මතකද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘අර්ථය තෝරලා දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ටයි’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සියලු ජාතීන්ට පණිවිඩය පැතිරෙන්න දොරගුලු ඇරෙයි
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • කුණු ගොඩේ තිබී සම්බ වූ අගනා මැණික!
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෝසෙප්ව හිරේ දාලා
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 6/15 32 පි.

ඔබට මතකද?

ළඟදී පළ වුණ ‘මුරටැඹ’ ලිපිවලින් ඉගෙනගත්ත දේවල් ආයෙත් මතක් කරගමුද?

ක්‍රිස්තියානීන් යාච්ඤා කරන්න ඕන යේසුස්ටද?

නැහැ. අපි යාච්ඤා කරන්න ඕනෙ යෙහෝවා දෙවිට කියලා යේසුස්ම ඉගැන්නුවා. ඔහු ඒක ආදර්ශයෙන්ම පෙන්නුවා. (මතෙ. 6:6-9; යොහ. 11:41; 16:23) මුල් ක්‍රිස්තියානිනුත් යාච්ඤා කළේ දෙවිට මිසක් යේසුස්ට නෙමෙයි. (ක්‍රියා 4:24, 30; කොලො. 1:3)—1/1, 14වන පිටුව.

යේසුස්ගේ මරණය සිහි කිරීමට සූදානම් වෙන්න පුළුවන් කොහොමද?

සිහි කිරීමට නියමිත බයිබල් කොටස කියවලා, සිහි කිරීමේ කාලයේදී වැඩිපුර සේවය කරන්න සැලසුම් කරලා, යෙහෝවා දෙවි අපිට දීලා තියෙන බලාපොරොත්තුව ගැන හොඳින් හිතලා අපිට ඒක කරන්න පුළුවන්.—1/15, 14-16 පිටු.

තමන් දැකපු හීන ගැන යෝසෙප්ට කියපු ඊජිප්තු ජාතික නිලධාරීන් දෙන්නට සිද්ධ වුණේ මොකක්ද?

පාරාවෝ, කුසලාන දරන්නාට කලින් තනතුරම ආපහු දෙනවා කියලත් රොටි සාදන්නාගේ හිස ගසා දමා ඔහුව කණුවක එල්ලනවා කියලත් යෝසෙප් ඔවුන්ට කිව්වා. කිව්ව විදිහටම සිද්ධ වුණා. (උත්. 40:1-22)—2/1, 12-14 පිටු.

ජපානයේ ඉන්න සහෝදර සහෝදරියන්ට ලැබුණු නොසිතූ තෑග්ග මොකක්ද?

ඒ තමයි ‘නව ලොව පරිවර්තනයේ’ මතෙව්ගේ වාර්තාව ඇතුළත් පොඩි පොත. ඔවුන් ඒක සේවයේ බෙදා දෙද්දී බයිබලය කියවලා නැති හුඟදෙනෙක් කැමැත්තෙන්ම ලබාගත්තා.—2/15, 3වන පිටුව.

ක්‍රිස්තියානීන්ට දේශනා කිරීමේ කාර්යය පහසුවෙන් කරන්න උදව් වුණේ මුල් සියවසේ තිබුණු මොන දේවල්ද?

රෝම සාමය කියලා හඳුන්වපු සාමකාමී වාතාවරණය නිසාත් හොඳ මහාමාර්ග පද්ධතියක් තිබුණු නිසාත් විවිධ පැතිවලට ලේසියෙන්ම යන්න පුළුවන්කම ලැබුණා. ග්‍රීක භාෂාව වැඩිදෙනෙක් දැනගෙන හිටපු නිසාත් යුදෙව්වන් රෝම අධිරාජ්‍යය පුරා විසිරිලා හිටපු නිසාත් දේශනා කිරීමේ කාර්යය පහසු වුණා. ශුභාරංචිය ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කරන්න රෝම නීතියෙනුත් ලැබුණේ ලොකු සහයක්.—2/15, 20-23 පිටු.

සැබෑ ක්‍රිස්තියානීන් පාස්කු ඉරිදා සමරන්නේ නැත්තේ ඇයි?

යේසුස් ඔහුගේ අනුගාමිකයන්ට කිව්වේ ඔහුගේ මරණය සිහි කරන්න කියලා මිසක් ඔහුගේ නැවත නැඟිටීම සිහි කරන්න කියලා නෙමෙයි. (ලූක් 22:19, 20)—3/1, 8වන පිටුව.

මෑත කාලවලදී අපේ ප්‍රකාශනවල බයිබල් චරිතවලින්, සිද්ධීන්වලින් නියෝජනය වෙන දේ නැත්නම් ඒවායේ දෙවෙනි ඉටු වීම ගැන අඩුවෙන් සඳහන් වෙන්නේ ඇයි?

සමහර අයගෙන් අනාගතයේ යම් දේවල් නියෝජනය වෙනවා කියලා බයිබලේම සඳහන් වෙනවා. ගලාති 4:21-31 සඳහන් සිද්ධිය ඒකට උදාහරණයක්. ඒත් එහෙම දෙයක් බයිබලේ සඳහන් වෙන්නේ නැත්නම් අපි යම් තීරණවලට එන එක වැරදියි. දැන් අපි අවධානය දෙන්නේ බයිබලේ සඳහන් පුද්ගලයන්ගෙන්, සිද්ධීන්වලින් අපිට ඉගෙනගන්න පුළුවන් වටිනා පාඩම්වලටයි. (රෝම 15:4)—3/15, 17-18 පිටු.

ඊජිප්තුවේ කුණු ගොඩකින් හොයාගත්ත පැපිරස් කඩදාසි කෑල්ල ඒ තරම්ම වටින්නේ ඇයි?

පහුගිය සියවසේදී හොයාගත්ත ඒ පැපිරස් කඩදාසි කෑල්ල යොහන් සුවිශේෂයේ කොටසක්. ඒක ලියලා තිබුණේ යොහන් තමන්ගේ සුවිශේෂයේ මුල් පිටපත ලියලා සියවස් කීපයකට පස්සෙයි. හොයාගත්ත ඒ කඩදාසි කෑල්ලෙන් පැහැදිලි වෙන දෙයක් තමයි මුල් බයිබලයේ තිබුණ පණිවිඩය ඒ විදිහටම අද අපිට ලැබිලා තියෙනවා කියන කාරණය.—4/1, 10-11 පිටු.

පසුතැවිලි නොවන වරදකරුවෙක්ව සභා සාමාජිකත්වයෙන් ඉවත් කිරීම ප්‍රේමණීය සැලැස්මක් වෙන්නේ ඇයි?

ඒ තීරණය ප්‍රේමණීය එකක් කියලා කියන්න බයිබලේ හුඟක් හේතු පෙන්නලා තියෙනවා. (1 කොරි. 5:11-13) එහෙම කරන එකෙන් දෙවිගේ නමට ගෞරවයක් ගේනවා. ක්‍රිස්තියානි සභාව පිරිසිදුව තියාගන්න උදව් වෙනවා වගේම වරද කරපු කෙනා තමන් කළේ මෝඩ දෙයක් කියලා තේරුම්ගන්නත් ඉඩ තියෙනවා.—4/15, 29-30 පිටු.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න