ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • my කතන්දරය 22
  • යෝසෙප්ව හිරේ දාලා

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • යෝසෙප්ව හිරේ දාලා
  • මගේ බයිබල් කතන්දර පොත
  • සමාන තොරතුරු
  • දෙවියන්ට කීකරු වුණු දාසයෙක්
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • ‘අර්ථය තෝරලා දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ටයි’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ‘මේ තරම් දුෂ්ට දෙයක් කරන්නේ කොහොමද?’
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාව සාර්ථක කරන්නේ යෙහෝවා දෙවියන්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
මගේ බයිබල් කතන්දර පොත
my කතන්දරය 22
යෝසෙප් හිරේ ඉන්නවා

කතන්දර 22

යෝසෙප්ව හිරේ දාලා

යෝසෙප්ව ඊජිප්තුවට ගෙනියද්දී එයාට වයස අවුරුදු 17යි. එහෙදී එයාව පෝතිඵර් කියන මිනිසෙකුට විකුණලා. පෝතිඵර් ඊජිප්තුවේ රජුට සේවය කරන කෙනෙක්. ඒ රජව හඳුන්වන්නේ ඵාරාවෝ කියලයි.

යෝසෙප් එයාගේ ස්වාමියා වන පෝතිඵර්ට මහන්සි වෙලා වැඩ කරනවා. ඒ නිසා යෝසෙප් වයසින් වැඩෙද්දී, පෝතිඵර්ගේ මුළු ගෙදරම බලාගන්න එයාට පවරනවා. ඇයි එහෙනම් යෝසෙප් මේ හිරේ ඉන්නේ? ඒ පෝතිඵර්ගේ භාර්යාව නිසයි.

යෝසෙප් වැඩෙද්දී හොඳ පෙනුමක් තියෙන ලස්සන කෙනෙක් වුණා. දැන් පෝතිඵර්ගේ භාර්යාවට එයාත් එක්ක නිදාගන්න ආසයි. ඒ වුණාට මේක වැරදියි කියලා යෝසෙප් දන්න නිසා එයා එහෙම කරන්නේ නැහැ. පෝතිඵර්ගේ භාර්යාවට දැන් හරිම තරහයි. ඉතින් ඇගේ පුරුෂයා ගෙදර ආවාම ඇය බොරුවක් කියනවා. ඇය කියනවා: ‘අර නරක යෝසෙප් එයාත් එක්ක නිදාගන්න කියලා මට බල කෙරුවා!’ පෝතිඵර් එයාගේ භාර්යාවව විශ්වාස කරපු නිසා, එයාට යෝසෙප් එක්ක හුඟාක් තරහ ගියා. ඒ නිසයි, එයාව හිරේ දාන්නේ.

කාලයක් යද්දී යෝසෙප් හොඳ මිනිසෙක් කියලා, හිරකාරයන්ව බලාගන්න කෙනාට තේරෙනවා. ඒ නිසා එයා යෝසෙප්ව හිරකාරයන්ගේ ප්‍රධානියා කරනවා. කාලෙකට පස්සේ ඵාරාවෝ, වයින් අල්ලන සේවකයා එක්කත් පාන් හදන ප්‍රධානියා එක්කත් තරහ ගිහින්, ඒ දෙන්නාව හිරේ දානවා. දවසක් ඒ දෙන්නාම දකිනවා විශේෂ හීනයක්. නමුත් ඒ අයගේ හීනවල තේරුම ඒ අයට තේරෙන්නේ නැහැ. පහුවදා යෝසෙප් මෙහෙම කියනවා: ‘ඕගොල්ලන්ගේ හීන මට කියන්න.’ හීන කියද්දී, දෙවිගේ උදව් ඇතුව යෝසෙප් ඒ හීනවල තේරුම කියල දෙනවා.

වයින් අල්ලන සේවකයාට යෝසෙප් මෙහෙම කියනවා: ‘දවස් තුනකින් ඔයා හිරෙන් නිදහස් වෙලා, ආයෙත් ඵාරාවෝට වයින් දෙන්න යනවා. ඉතින් ඔයා මෙහෙන් ගියාම, මං ගැන ඵාරාවෝට කියලා, මටත් මෙහෙන් නිදහස් වෙන්න උදව් කරන්න.’ ඒ වුණාට පාන් හදන එක්කෙනාට යෝසෙප් කියනවා ‘දවස් තුනකින් ඵාරාවෝ ඔයාගේ බෙල්ල කපලා දාන්න අණ කරනවා’ කියලා.

දවස් තුනකින් යෝසෙප් කියපු විදිහටම වෙනවා. පාන් හදන එක්කෙනාගේ බෙල්ල කපලා දාන්න කියලා ඵාරාවෝ අණ කරනවා. වයින් අල්ලන සේවකයාව හිරෙන් නිදහස් කරලා, ආයෙත් රජුට සේවය කරන්න අවස්ථාව දෙනවා. ඒ වුණාට වයින් අල්ලන සේවකයාට යෝසෙප් ගැන හොඳටම අමතක වෙලා! යෝසෙප් ගැන එයා ඵාරාවෝට කියන්නේ නැති නිසා, යෝසෙප්ට හිරේ ඉන්න සිද්ධ වෙනවා.

උත්පත්ති 39:1-23; 40:1-23.

සාකච්ඡා කිරීම සඳහා ප්‍රශ්න

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න