ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • lfb 14 පාඩම 40 පි.-41 පි. 2 ¶
  • දෙවියන්ට කීකරු වුණු දාසයෙක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • දෙවියන්ට කීකරු වුණු දාසයෙක්
  • බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • සමාන තොරතුරු
  • ‘මේ තරම් දුෂ්ට දෙයක් කරන්නේ කොහොමද?’
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සහෝදරයෝ යෝසෙප්ට වෛර කරයි
    මගේ බයිබල් කතන්දර පොත
  • ඔයාව සාර්ථක කරන්නේ යෙහෝවා දෙවියන්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • යෝසෙප්ව හිරේ දාලා
    මගේ බයිබල් කතන්දර පොත
තව තොරතුරු
බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
lfb 14 පාඩම 40 පි.-41 පි. 2 ¶
යෝසෙප් පොතිෆර්ගේ බිරිඳ ළඟින් පැනලා යනවා

14වෙනි පාඩම

දෙවියන්ට කීකරු වුණු දාසයෙක්

යෝසෙප් කියන්නේ යාකොබ්ගේ බාලම පුතෙක්. යාකොබ් වැඩියෙන්ම ආදරේ කළේ යෝසෙප්ට. ඒ නිසා එයාගේ අයියලා යෝසෙප්ට ඊර්ෂ්‍යා කළා. කාලෙකට පස්සේ යෝසෙප් අමුතු හීන දකින්න පටන්ගත්තා. ඒ හීන ගැන යෝසෙප් අයියලට කිව්වම එයාලා හිතුවේ කවදා හරි එයාලට ඔළුව නමලා යෝසෙප්ට ආචාර කරන්න වෙයි කියලයි. ඒ නිසා එයාලාගේ කේන්තිය තවත් වැඩි වුණා.

යෝසෙප්ගේ සහෝදරයන් එයාව ගැඹුරු වළකට දැම්මා

දවසක් යෝසෙප්ගේ අයියලා ෂීකෙම්වලට කිට්ටුවෙන් බැටළුවෝ බලාගෙන හිටියා. යාකොබ් යෝසෙප්ට කිව්වා ගිහින් අයියලව බලලා එන්න කියලා. යෝසෙප් ඈත එනවා දැකලා එයාගේ අයියලා මෙහෙම කතා වුණා. ‘ඔය එන්නේ අර හීන මවන්නා. අපි එයාව මරමු.’ එයාලා යෝසෙප්ව අල්ලගෙන ගැඹුරු වළකට දැම්මා. ඒත් යූදා කිව්වා ‘අපි මෙයාව මරන්නේ නැතුව වහලෙක් විදිහට විකුණමු’ කියලා. පස්සේ එයාලා ඊජිප්තුවට යන මිදියන් ජාතික වෙළෙන්දන්ට රිදී ෂෙකෙල් 20කට යෝසෙප්ව වික්කා.

ඊටපස්සේ එයාගේ ඇඳුමේ එළුවෙක්ගේ ලේ ගාලා ඒක තාත්තා ළඟට ගෙනියලා ඇහුවා ‘මේක ඔයාගේ පුතාගේ ඇඳුම නේද’ කියලා. ඒක දැකලා යාකොබ් හිතුවේ කැලේ සතෙක් යෝසෙප්ව මරන්න ඇති කියලයි. යාකොබ්ට ලොකු දුකක් දැනුණා. කාටවත් එයාව සනසන්න බැරි වුණා.

යෝසෙප් හිරේ

ඊජිප්තුවේදී යෝසෙප්ව වහලෙක් විදිහට විකුණුවේ බලවත් නිලධාරියෙක් වුණු පොතිෆර්ට. එහෙදීත් යෙහෝවා යෝසෙප්ට උදව් කළා. පොතිෆර් දැක්කා යෝසෙප් හොඳට වැඩ කරන විශ්වාසවන්ත කෙනෙක් කියලා. ඒ නිසා පොතිෆර් එයාට අයිති දේවල් බලාගන්න යෝසෙප්ට භාර දුන්නා.

පොතිෆර්ගේ බිරිඳ දැක්කා යෝසෙප් හොඳ පෙනුමක් තියෙන ශක්තිමත් කෙනෙක් කියලා. එයා එක්ක නිදාගන්න එන්න කියලා හැම දවසකම එයා යෝසෙප්ට කරදර කළා. ඒත් යෝසෙප් මෙහෙම කිව්වා. ‘එහෙම කරන එක වැරදියි. මගේ ස්වාමියා මාව විශ්වාස කළා. ඔයා එයාගේ බිරිඳ. මේ වගේ දෙයක් කළොත් ඒක දෙවියන්ට විරුද්ධව කරන වරදක්.’

දවසක් පොතිෆර්ගේ බිරිඳ යෝසෙප්ගේ ඇඳුමෙන් ඇදලා එයා එක්ක නිදාගන්න කියලා බල කළා. ඒත් යෝසෙප් එතනින් පැනලා දිව්වා. පොතිෆර් ගෙදර ආවාම බිරිඳ කිව්වා යෝසෙප් එයාට කරදර කරන්න හැදුවා කියලා. පොතිෆර්ට හුඟක් කේන්ති ගිහින් යෝසෙප්ව හිරේ දැම්මා. ඒත් යෙහෝවා යෝසෙප්ව අමතක කළේ නැහැ.

“ඉතින් මහත් බලයක් තියෙන දෙවියන් ඉස්සරහා නිහතමානී වෙන්න. එතකොට නියමිත කාලේදී ඔහු ඔයාලව උසස් කරයි.”—1 පේතෘස් 5:6

ප්‍රශ්න: යෝසෙප්ගේ අයියලා එයාට මොනවාද කළේ? යෝසෙප්ට හිරේ ඉන්න වුණේ ඇයි?

උත්පත්ති 37:1-36; 39:1-23; ක්‍රියා 7:9

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න