ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 7/1 16 පි.
  • පැනයට පිළිතුර බයිබලයෙන්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • පැනයට පිළිතුර බයිබලයෙන්
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යහපත මගින් කවදා හෝ නපුර පරාජය කරයි ද?
    1993 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • පැනයට පිළිතුර බයිබලයෙන්
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 7/1 16 පි.

පැනයට පිළිතුර බයිබලයෙන්

දුෂ්ට දේවල් වෙන්නේ ඇයි?

යක්ෂයා මේ ලෝකයේ සියලුම රාජ්‍යයන් යේසුස්ට දෙන්න හදනකොට යේසුස් ඒවා ප්‍රතික්ෂේප කරනවා

වැරදි කරන්න යේසුස්ව පොලඹවන්න හැදුවේ කවුද?—මතෙව් 4:8-10

සාමාන්‍යයෙන් හැමෝම ආසයි සාමකාමී, අවංක, කරුණාවන්ත අය වෙන්න. එහෙමනම් ඇයි අද ප්‍රචණ්ඩත්වය, අයුක්තිය වගේ දුෂ්ට දේවල් වෙන්නේ? ප්‍රවෘත්තිවල තියෙන්නෙම බිහිසුණු දේවල්. දුෂ්ට දේවල් කරන්න මිනිසුන්ව පොලඹවන කෙනෙක් ඉන්නවාද?—1 යොහන් 5:19 කියවන්න.

යෙහෝවා දෙවියන් මිනිසුන්ව නිර්මාණය කළේ දුෂ්ට දේවල් කිරීමේ නැඹුරුවාව ඇතුවද? නැහැ. ඔහු මිනිසුන්ව නිර්මාණය කළේ ඔහුගේ ගතිලක්ෂණ ඇතුවයි. ඒ නිසා ඔහු පෙන්වනවා වගේ ප්‍රේමයක් මිනිසුන්ට පෙන්වන්න හැකියාව තියෙනවා. (උත්පත්ති 1:27; යෝබ් 34:10) හැබැයි දෙවියන් මිනිසුන්ට තීරණ ගන්න නිදහස දීලා තියෙනවා. අපේ මුල් දෙමව්පියන් ඒ නිදහස අනිසි විදිහට පාවිච්චි කරලා දෙවියන්ට අකීකරු වුණ නිසා නරක ප්‍රතිඵල විඳින්න සිද්ධ වුණා. අපිට වැරදි කිරීමේ නැඹුරුවාව ආවේ එයාලගෙන්.—ද්විතීය කතාව 32:4, 5 කියවන්න.

හැමදාම දුෂ්ට දේවල් තියෙයිද?

වැරදි නැඹුරුවාවන්වලින් අපි ගොඩ එනවාට දෙවියන් කැමතියි. (හිතෝපදේශ 27:11) වැරදි කිරීමෙන් වළකින විදිහත් නියම සතුට හොයාගන්න විදිහත් ඔහු අපිට උගන්වනවා. ඒත් අපිට මේ කාලෙදී සීයට සීයක් දෙවියන්ගේ ප්‍රේමය අනුකරණය කරන්න බැහැ.—ගීතාවලිය 32:8 කියවන්න.

දුෂ්ටකම දැන් පැතිරිලා තිබුණත් ඒවායින් ඇති වන ප්‍රතිඵල විඳින්න දෙවියන් ඉඩහැරලා තියෙන්නේ යම් කාලෙකට විතරයි. (2 පේතෘස් 3:7-9) ඒත් ළඟදීම දෙවියන්ට කීකරු වෙලා සතුටින් ජීවත් වෙන මිනිසුන්ගෙන් මේ පොළොව පිරී යනවා.—ගීතාවලිය 37:9-11 කියවන්න.

වැඩි විස්තර දැනගන්න ‘බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගනිමු’ නමැති පොතේ 3වෙනි පරිච්ඡේදය බලන්න. මෙය යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගේ ප්‍රකාශනයක්

www.pr418.com/si වෙබ් අඩවියෙත් තිබෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න