ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w15 11/1 9 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • සමාන තොරතුරු
  • ‘අර්ථය තෝරලා දෙන්න අයිතිය තියෙන්නේ දෙවියන්ටයි’
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • යෙහෝවා යෝසෙප්ව අමතක කළේ නැහැ
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
  • “දෙවිගේ තැන ගන්න මට අයිතියක් නැහැ”
    2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • ඔයාව සාර්ථක කරන්නේ යෙහෝවා දෙවියන්
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2015 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
w15 11/1 9 පි.

ඔබ දැන සිටියාද?

පාරාවෝ මුණගැහෙන්න යන්න කලින් යෝසෙප් රැවුල කැපුවේ ඇයි?

පුරාණ ඊජිප්තුවේ බාබර් කෙනෙක් වැඩ කරන විදිහ පෙන්වන චිත්‍රයක්

පුරාණ ඊජිප්තුවේ බාබර් කෙනෙක් වැඩ කරන විදිහ පෙන්වන චිත්‍රයක්

උත්පත්ති පොතේ වාර්තාවට අනුව පාරාවෝ රජ, ඔහු දැකපු සිහිනවල තේරුම දැනගන්න හිරගෙදර හිටිය යෝසෙප්ට වහාම එන්න කිව්වා. ඒ වෙද්දී යෝසෙප් අවුරුදු ගණනාවක් හිරේ ඉඳලා තිබුණා. වහාම එන්න කියලා නියෝගයක් දුන්නත් යෝසෙප් රැවුල කපන්න කාලය ගත්තා. (උත්පත්ති 39:20-23; 41:1, 14) එච්චර වැදගත් නැති ඒ පුංචි තොරතුරෙන් වුණත් පේන්නේ යෝසෙප්ට ඊජිප්තුවේ සිරිත් විරිත් ගැන හොඳ දැනුමක් තිබුණා කියලයි.

හෙබ්‍රෙව් ජාතිය ඇතුළු පුරාණ ජාතීන් හැමෝම වගේ රැවුල වැව්වා. හැබැයි එක පොතක කියනවා “රැවුල වවන එකට විරුද්ධ වුණ එකම ජාතිය පුරාණ ඊජිප්තු ජාතිය” කියලා.—McClintock and Strong’s Cyclopedia of Biblical, Theological, and Ecclesiastical Literature.

ඊජිප්තු ජාතිකයන් කැපුවේ රැවුල විතරද? බයිබල් කාලවල් ගැන ලියලා තියෙන එක සඟරාවක පෙන්වන්නේ සමහර ඊජිප්තු සිරිත් විරිත්වලට අනුව කෙනෙක් දේවස්ථානයක් ඇතුළට යන්න කලින් සිදු කරන වත්පිළිවෙත් පාරාවෝ ඉදිරියට යද්දිත් අනුගමනය කළා කියලයි. ඒ කියන්නේ සමහරවිට යෝසෙප්ට ඔහුගේ හිසකෙස් හා ශරීරය පුරාම තියෙන රෝම කපන්න සිද්ධ වෙන්න ඇති.—Biblical Archaeology Review.

ක්‍රියා පොතේ වාර්තාවට අනුව තිමෝතිගේ පියා ග්‍රීක ජාතිකයෙක්. ඒ කියන්නේ ඔහු ග්‍රීසියේම ඉපදුණ කෙනෙක්ද?

තිමෝතිට එයාගේ අම්මා පාඩම් කියලා දෙනවා. එහායින් ඉන්නේ තාත්තා

නැහැ. නියෝජිත පාවුල්ගේ වාර්තාවල යුදෙව්වන් සහ ග්‍රීකයන් අතර වෙනස පෙන්වද්දී ඔහු ග්‍රීකයන් කියලා අදහස් කළේ යුදෙව් නොවන සියලුම ජාතීන්වයි. (රෝම 1:16; 10:12) එහෙම කියන්න එක හේතුවක් වුණේ ග්‍රීක භාෂාව හා සංස්කෘතිය පාවුල් දේශනා කරපු පැතිවල සෑහෙන දුරට ව්‍යාප්ත වෙලා තිබුණ නිසයි.

පුරාණයේ අය ග්‍රීකයන් කියලා හැඳින්නුවේ කාවද? ක්‍රිස්තු පූර්ව 4වෙනි සියවසේ ඇතන්ස්වල හිටපු ප්‍රසිද්ධ දේශකයෙක් වුණ අයිසොක්‍රටීස් ග්‍රීක සංස්කෘතිය ලෝකේ පුරා පැතිරුණ විදිහ ගැන ගොඩක් ආඩම්බරයෙන් කතා කළා. ඔහු කිව්වේ “ග්‍රීසියේම ඉපදුණ අය විතරක් නෙමෙයි ග්‍රීකයන් වන අපේ අධ්‍යාපනය ලබපු හැම කෙනෙක්ම ග්‍රීකයන් වෙනවා” කියලයි. ඒ නිසා සමහරවිට යුදෙව්වෙක් නොවුණ තිමෝතිගේ පියා ඇතුළු වෙනත් අයව ග්‍රීකයන් කියලා පාවුල් හැඳින්නුවේ ඔවුන් උපතින්ම ග්‍රීක ජාතිකයන් නොවුණත් ග්‍රීක සංස්කෘතියට හැඩගැහුණ අය නිසා වෙන්න පුළුවන්.—ක්‍රියා 16:1.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න