ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 1 3 පි.
  • බයිබලය කියවන්න ඕනෙ ඇයි?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • බයිබලය කියවන්න ඕනෙ ඇයි?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • ප්‍රයෝජන ලැබෙන විදිහට බයිබලය කියවන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
  • බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගන්නේ කොහොමද?
    2001 පිබිදෙව්!
  • කියවීමට අවධානය යොමු කරන්න
    දිව්‍යාණ්ඩු සේවා පාසැල් අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ලබමු
  • මට කියවන්න ආසාවක් නැත්තේ ඇයි?
    2006 පිබිදෙව්!
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 1 3 පි.
කාන්තාවක් පොත් රාක්කයකින් බයිබලයක් ගන්නවා

මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?

බයිබලය කියවන්න ඕනෙ ඇයි?

“බයිබලේ තේරුම්ගන්න අමාරු පොතක් කියලයි මට හිතුණේ.”—ජෝවි

“කියවන්න ආස හිතෙන්නේ නැති පොතක් කියලයි හිතුවේ.”—ක්වීනී

“බයිබලේ සයිස් එක දැක්කාම කියවන්න තිබ්බ ආසාව නැති වුණා.”—එසකියෙල්

ඔයා මොකද හිතන්නේ? බයිබලය ලොකු, පරණ පොතක් නිසා හුඟදෙනෙක් ඒක කියවන්න එච්චර උනන්දු වෙන්නේ නැහැ. ඒත් බයිබලය කියවන එක රසවත් අද්දැකීමක් කරගන්න උදව් වෙන ක්‍රම කිහිපයක් තියෙනවා. ඒ ක්‍රම පාවිච්චි කෙරුවොත් ජීවිතේ සාර්ථක කරගන්න උදව් වෙන වටිනාම උපදෙස් තියෙන බයිබලය කියවලා ප්‍රයෝජන ගන්න ඔයාටත් පුළුවන්.

බයිබලය කියවලා ප්‍රයෝජන ගත්ත කිහිපදෙනෙක් කිව්ව දේවල් බලන්න.

එසකියෙල් 20 ගණන්වල ඉන්න තරුණයෙක්. එයා මෙහෙම කියනවා. “ඉස්සර මං ඔහේ ජීවත් වුණා. ඒත් බයිබලය කියවන්න පටන්ගත්තාට පස්සේ ඒකේ තියෙන මඟ පෙන්වීම් ජීවිතේ වෙනස් කරගන්න මට උදව් වුණා. දැන් මං ඉන්නේ හරිම සතුටෙන්.”

අවුරුදු 20 ගණන්වල ඉන්න ෆ්‍රීඩා මෙහෙම කියනවා. “මට ඉස්සර හරියට කේන්ති යනවා. ඒත් බයිබලය කියවද්දී දැනගත්ත දේවල් කේන්තිය පාලනය කරගන්න මට උදව් වුණා. මට දැන් හුඟක් යාළුවොත් ඉන්නවා.”

බයිබලය කියෙව්ව නිසා ලැබුණ ප්‍රයෝජන ගැන වයස 50 ගණන්වල ඉන්න යුනිස් මෙහෙම කියනවා. “මගේ නරක ගතිගුණ හදාගෙන හොඳ කෙනෙක් වෙන්න ඒක මට ලොකු උදව්වක් වුණා.”

ඒ අය වගේ තවත් මිලියන ගණන් අය බයිබලය කියවලා හුඟක් ප්‍රයෝජන අරන් තියෙනවා. බයිබලය කියවනවා නම් ඔයාටත් ඔයාගේ ජීවිතයේ සතුට වැඩි කරගන්න පුළුවන්. (යෙසායා 48:17, 18) ඒ වගේම හොඳ තීරණ ගන්නත් හොඳ යාළුවන් හොයාගන්නත් මානසික පීඩනයට සාර්ථකව මුහුණ දෙන්නත් වැදගත්ම දේ වෙන, දෙවියන් ගැන සත්‍යය දැනගන්නත් ඒක ඔයාට උදව් වෙයි. බයිබලයේ තියෙන්නේ දෙවියන්ගේ උපදෙස්. ඒ උපදෙස් කවදාවත් වරදින්නේ නැහැ.

බයිබලය වටිනා පොතක් කියලා තේරුම් අරන් විතරක් මදි. ඒක කියවන්න ඕනේ. ඊළඟ ලිපියේ තියෙන යෝජනා ඒකට ඔයාට උදව් වෙයි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න