මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්රයෝජන ගන්න ආසද?
කියවන්න කලින් කරන්න පුළුවන් මොනවාද?
බයිබලයේ කියවලා ඒකේ තියෙන දැනුමෙන් නියම ප්රයෝජන ගන්න මේ යෝජනා හුඟදෙනෙක්ට උදව් වෙලා තියෙනවා.
හොඳ තැනක් ලෑස්ති කරගන්න. වැඩිය සද්ද බද්ද නැති, හොඳට එළිය තියෙන, හොඳට වාතාශ්රය ලැබෙන තැනක් තෝරගන්න.
මනස සූදානම් කරගන්න. යෙහෝවා දෙවියන් තමයි අපිට බයිබලය දීලා තියෙන්නේ. ඔහු අපේ ස්වර්ගික පියා. ඒ නිසා හරියට දරුවෙක් එයාගේ ආදරණීය තාත්තාගෙන් ඉගෙනගන්න ආසාවෙන් ඉන්නවා වගේ අපිත් අපේ ස්වර්ගික පියාගෙන් ඉගෙනගන්න ලොකු ආසාවක් ඇතුව බයිබලය කියවන්න ඕනේ. බයිබලය කියවන්න කලින් ඒ ගැන ඔයාට තියෙන එක එක අදහස් ටිකකට පැත්තකින් තියලා ඔයාගේ ස්වර්ගික පියාට ඔයාට උගන්වන්න ඉඩ දෙන්න.—ගීතාවලිය 25:4.
යාච්ඤා කරන්න. බයිබලේ තියෙන්නේ දෙවියන්ගේ අදහස්. ඒ නිසා ඒවා තේරුම්ගන්න අනිවාර්යයෙන්ම ඔහුගේ උදව් ඕනේ. අපි දෙවියන්ගෙන් උදව් ඉල්ලුවොත් “ඔහුගේ බලය” අපිට දෙනවා කියලා ඔහු පොරොන්දු වෙලා තියෙනවා. (ලූක් 11:13) දෙවියන්ගේ බලයේ උදව්වෙන් කාලයක් යද්දී බයිබලයේ “දෙවි එළිදරව් කරන ගැඹුරු කාරණා පවා තේරුම්ගන්න” අපිට පුළුවන් වෙයි.—1 කොරින්ති 2:10.
තේරුම්ගන්න අරමුණින් කියවන්න. නිකම්ම කියවගෙන යන්න එපා. කියවන දේ තේරුම්ගන්න ඕනෙ කියලා හිතාගෙන කියවන්න. කියවද්දී මේ වගේ දේවල් ගැන හිතන්න. ‘මේ කියවන කොටසේ කතා කරන කෙනාට තියෙන්නේ මොන වගේ ගුණාංගද? මේක මගේ ජීවිතේට අදාළ කරගන්නේ කොහොමද?’
ඉලක්කයක් ඇතුව කියවන්න. අලුත් දෙයක් ඉගෙනගන්න අරමුණින් කියවන්න. මේ වගේ ඉලක්ක තියාගන්න. ‘මට දෙවියන් ගැන තවත් ඉගෙනගන්න ඕනේ.’ ‘මගේ ගතිගුණ හදාගන්න ඕනේ.’ ‘මට හොඳ සැමියෙක් වෙන්න ඕනේ.’ ‘මට හොඳ බිරිඳක් වෙන්න ඕනේ.’ දැන් ඒ ඉලක්කවලට ළඟා වෙන්න ඔයාට උදව් වෙන බයිබල් කොටස් හොයලා ඒවා කියවන්න.a
ඒ යෝජනා පහ බයිබලය කියවීමෙන් උපරිම ප්රයෝජන ගන්න ඔයාට උදව් වෙයි. බයිබල් කියවීම රසවත් අද්දැකීමක් කරගන්න ඔයා ආස නම් ඊළඟ ලිපිය කියවලා බලන්න.
a ඒ බයිබල් කොටස් හොයාගන්න ඔයා දන්නේ නැත්නම් යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන්ගෙන් ඔයාට උදව් ලබාගන්න පුළුවන්.