ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp17 අංක 1 5-6 පි.
  • කියවලා රස විඳින්න නම් . . .

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • කියවලා රස විඳින්න නම් . . .
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • බයිබලය ඡේද හා පරිච්ඡේදවලට වෙන් කළේ කවුද?
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • දිනපතා බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ලැබීම
    1995 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අධ්‍යයනයට යෝජනාවක්!
    2023 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • ප්‍රයෝජන ලැබෙන විදිහට බයිබලය කියවන්න
    හැමදාටම සතුටින් ජීවත් වෙන්න! - ඒ කොහොමද කියලා බයිබලයෙන් දැනගන්න
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp17 අංක 1 5-6 පි.
බයිබල් අධ්‍යයනයට උදව් වෙන මෙවලම් පාවිච්චි කරන කාන්තාවක්

මුල් පිටුවෙන් | බයිබලය කියවීමෙන් ප්‍රයෝජන ගන්න ආසද?

කියවලා රස විඳින්න නම් . . .

බයිබලය කියවන එක කම්මැළි වැඩක් වෙයි කියලා ඔයාට හිතෙනවාද? ඔයාට එහෙම හිතෙනවා නම් බයිබල් කියවීම ආසාවෙන් සහ උනන්දුවෙන් කරන්න පහත තියෙන යෝජනා ඔයාට උදව් වෙයි.

තේරුම්ගන්න පහසු, නිවැරදි පරිවර්තනයක් තෝරාගන්න. හද්ද පරණ වචන තියෙන පොතක් ඔයාට හම්බ වුණොත් ඒක කියවනවා තියා ඒක දිහා බලන්නවත් හිතෙන්නේ නැහැ නේද? බයිබලයත් එහෙම පොතක් කියලා ඔයා හිතනවා ඇති. එහෙමනම් කියවන දේ ලේසියෙන්ම තේරුම්ගන්න පුළුවන් බයිබල් පරිවර්තනයක් තෝරාගන්න. ඒක නිවැරදිව පරිවර්තනය කරපු එකක්ද කියලත් හොයලා බලන්න.a

නවීන තාක්ෂණයෙන් ප්‍රයෝජන ගන්න. මුද්‍රිත පිටපත්වලට අමතරව ඉන්ටර්නෙට් එක හරහාත් බයිබලය කියවන්න පුළුවන්. ඒකේ පිටපතක් ඔයාගේ කම්පියුටර් එකට, ටැබ් එකට, ෆෝන් එකට ඩවුන්ලෝඩ් කරගන්නත් පුළුවන්. යම් විෂයකට අදාළ බයිබල් පද ලේසියෙන්ම හොයාගන්න පුළුවන් ක්‍රම ඇතුළත් බයිබල් අද තියෙනවා. පරිවර්තන කිහිපයක් සංසන්දනය කරලා බලන්න පුළුවන් විදිහේ බයිබල් පවා හොයාගන්න පුළුවන්. බයිබලයේ පටිගත කිරීම්වලටත් ඔයාට සවන් දෙන්න පුළුවන්. ඒ ක්‍රමවලින් ඔයා කැමති මොන ක්‍රමයටද?

බයිබල් අධ්‍යයනය සඳහා ඇති අමතර සැපයුම් පාවිච්චි කරන්න. බයිබලය කියවද්දී එහි සඳහන් ප්‍රදේශ හඳුනාගන්න ඒ සම්බන්ධයෙන් තියෙන සිතියම් හුඟක් උදව් වෙනවා. ඒ වගේම ඒවායින් බයිබලයේ තියෙන සිද්ධීන් ගැන වඩා පැහැදිලි අවබෝධයක් ලබාගන්නත් ඔයාට පුළුවන් වෙනවා. මේ සඟරාවේ තියෙන ලිපි හා සමාන තවත් ලිපිවලිනුත් jw.org/si වෙබ් අඩවියේ “බයිබල් ඉගැන්වීම්” යටතේ ඇති තොරතුරුවලිනුත් බයිබලයේ සඳහන් ඉගැන්වීම් නිවැරදිව තේරුම්ගන්න ඔයාට පුළුවන්.

විවිධ ක්‍රම අත්හදා බලන්න. බයිබලයේ මුල ඉඳලා අගට කියවන්න හදන එක බැලූ බැල්මට අමාරු දෙයක් කියලා හුඟක් අයට හිතෙයි. එහෙමනම් බයිබලයේ ඔයා කැමතිම කොටසකින් කියවන්න පටන්ගන්න. යම් විෂයක් තෝරගෙන ඒ විෂයට අදාළ බයිබල් කොටස් කියවන්නත් පුළුවන්. එහෙමත් නැත්නම් බයිබලයේ තියෙන සිද්ධීන් ඒවා වෙලා තියෙන අනුපිළිවෙළටම කියවන්නත් ඔයා කැමති ඇති. බයිබල් චරිතයක් තෝරගෙන එයා ගැන තොරතුරු ඇතුළත් බයිබල් කොටස් කියවන්නත් ඔයාට පුළුවන්. ඒකට “බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න උදව් වෙන බයිබල් චරිත” කියන කොටුව ඔයාට උදව් වෙයි. ඒ යෝජනා පාවිච්චි කරලා, බයිබලය කියවන එක රසවත් අද්දැකීමක් කරගන්න ඔයාට පුළුවන්.

a ‘ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය’ සරල, නිවැරදි පරිවර්තනයක් කියලා හුඟක් අය පිළිගන්නවා. යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරලා තියෙන මේ බයිබලය භාෂා 130කට වඩා වැඩි ප්‍රමාණයකින් ලබාගන්න පුළුවන්. එහි පිටපතක් ඩවුන්ලෝඩ් කරගන්න jw.org/si වෙබ් අඩවියට පිවිසෙන්න. නැත්නම් ‘JW ලයිබ්‍රරි’ ඇප් එකෙන් එය ලබාගන්න. සාක්ෂිකරුවන් මාර්ගයෙන් පිටපතක් නිවසටම ගෙන්වාගන්නත් පුළුවන්.

බයිබලයේ තියෙන තොරතුරු ඉගෙනගන්න උදව් වෙන බයිබල් චරිත

ආදර්ශමත් ස්ත්‍රීන් කිහිපදෙනෙක්

අබිගායිල්

1 සාමුවෙල් 25වෙනි පරිච්ඡේදය

එස්තර්

එස්තර් 2–5; 7–9 පරිච්ඡේද

හන්නා

1 සාමුවෙල් 1–2 පරිච්ඡේද

මරියා

(යේසුස්ගේ මව) මතෙව් 1–2 පරිච්ඡේද; ලූක් 1–2 පරිච්ඡේද; මේවාත් බලන්න යොහන් 2:1-12; ක්‍රියා 1:12-14; 2:1-4

රාහබ්

යොෂුවා 2, 6 පරිච්ඡේද; මේවාත් බලන්න හෙබ්‍රෙව් 11:30, 31; යාකොබ් 2:24-26

රෙබෙකා

උත්පත්ති 24–27 පරිච්ඡේද

සාරා

උත්පත්ති 17–18, 20–21, 23 පරිච්ඡේද; මේවාත් බලන්න හෙබ්‍රෙව් 11:11; 1 පේතෘස් 3:1-6

ආදර්ශමත් පුරුෂයන් කිහිපදෙනෙක්

ආබ්‍රහම්

උත්පත්ති 11–24 පරිච්ඡේද; මේවාත් බලන්න 25:1-11

දාවිත්

1 සාමුවෙල් 16–30 පරිච්ඡේද; 2 සාමුවෙල් 1–24 පරිච්ඡේද; 1 රාජාවලිය 1–2 පරිච්ඡේද

යේසුස්

මතෙව්, මාක්, ලූක් සහ යොහන් යන සුවිශේෂ

මෝසෙස්

නික්මයාම 2–20, 24, 32–34 පරිච්ඡේද; ගණන් කථාව 11–17, 20, 21, 27, 31 පරිච්ඡේද; ද්විතීය කතාව 34වෙනි පරිච්ඡේදය

නෝවා

උත්පත්ති 5–9 පරිච්ඡේද

පාවුල්

ක්‍රියා 7–9, 13–28 පරිච්ඡේද

පේතෘස්

මතෙව් 4, 10, 14, 16–17, 26 පරිච්ඡේද; ක්‍රියා 1–5, 8–12 පරිච්ඡේද

යෙහෝවා දෙවිගේ සාක්ෂිකරුවන් ප්‍රකාශයට පත් කරලා තියෙන බයිබල් අධ්‍යයනයට උදව් වෙන මෙවලම්

  • JW.ORG වෙබ් අඩවිය: මේ වෙබ් අඩවියේ “බයිබලයෙන් උත්තර” කියන අංගය වගේ අධ්‍යයනයට උදව් වෙන ආධාරක හුඟක් තියෙනවා. ‘JW ලයිබ්‍රරි’ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ක්‍රම ගැනත් දැනගන්න පුළුවන්

  • ‘ඒ සරුසාර දේශය දැකගනිමු’: මේ සඟරාවේ බයිබලයේ සඳහන් දේශ ඇති තැන් හොයාගන්න උදව් වෙන සිතියම් සහ ඒ ස්ථානවල පින්තූර තියෙනවා

  • ‘බයිබලය - එහි පණිවිඩය කුමක්ද?’: පිටු 32ක් තියෙන මේ සඟරාවේ බයිබලයේ එක් එක් පොත්වල ඇති තොරතුරු ගැන සාරාංශයක් සඳහන් වෙනවා

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න