ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • w17 ජනවාරි 32 පි.
  • ඔබ දැන සිටියාද?

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ඔබ දැන සිටියාද?
  • 2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
  • සමාන තොරතුරු
  • ගින්නේ මුහුණුවර දෙකක්
    2002 පිබිදෙව්!
  • ගින්නකදී පිහිටට එන ගිනි නිවනය ගැන ඔබ දත යුතු දේ
    2001 පිබිදෙව්!
  • දෙවිගේ ප්‍රේමය
    2009 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • විශ්වාසය ඔප්පු කරලා පෙන්වයි
    බයිබල් කතන්දරවලින් ලස්සන පාඩම්
තව තොරතුරු
2017 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
w17 ජනවාරි 32 පි.
ඊසාක් දර අරන් යන අතරේ ආබ්‍රහම් ගිනි අඟුරු දාපු භාජනයක් අරන් යනවා

ඔබ දැන සිටියාද?

අතීතයේදී ගින්දර තැනින් තැනට අරන් ගියේ කොහොමද?

ආබ්‍රහම් එයාගේ පුතා ඊසාක්ව පූජාවක් විදිහට ඔප්පු කරන්න සූදානම් වුණ සිද්ධිය බලමු. ඒ පූජාව ඔප්පු කරන්න ගොඩක් දුර යන්න වුණ නිසා එයාලට දර ගෙනියන්නත් පූජාව සඳහා ගින්දර අවුළුවන්න ක්‍රමයක් ලෑස්ති කරගන්නත් සිද්ධ වුණා. උත්පත්ති 22:6 කියන්නේ ‘ආබ්‍රහම් පිහියක්ද ගිනි පන්දමක්ද [මුල් භාෂාවට අනුව ගින්දරද] තමාගේ අතට ගත් පසු ඔවුහු දෙදෙනාම ඒ ස්ථානය බලා පිටත්ව ගියා’ කියලයි.

අතීතයේ හිටපු අය ගින්නක් දල්වන්න පාවිච්චි කළේ මොන වගේ ක්‍රමද කියලා බයිබලේ හරියටම කියන්නේ නැහැ. එක විශාරදයෙක් කියන්නේ ආබ්‍රහම් සහ ඊසාක් ඒ දුර ගමන යන්න ඇත්තේ ගින්නක් දල්වන්න අවශ්‍ය කරන දේවලුත් අරගෙන කියලයි.

ඒත් ගින්නක් දල්වන එක ඒ කාලේ ලේසි දෙයක් වුණේ නැහැ කියලයි තවත් සමහරු කියන්නේ. ගිනි අවුළුවන්න මහන්සි වෙනවා වෙනුවට ළඟපාත ඉන්න කෙනෙක්ගෙන් දැල්වෙන අඟුරු ටිකක් ඉල්ලගෙන ගින්න පත්තු කරගන්න එක ලේසි දෙයක් වුණා. පූජාව ඔප්පු කරන්න අවශ්‍ය ගින්දර දල්වගන්න ආබ්‍රහම් ගෙනියන්න ඇත්තේ කලින් දවසේ රෑ පත්තු කරපු ගින්නෙන් අඟුරු ටිකක් වෙන්න පුළුවන්. එහෙම නැත්තම් ඒ ගින්නෙන් පත්තු කරගත්ත යම් දෙයක් වෙන්න පුළුවන්. (යෙසා. 30:14) මොකද ගිනි අඟුරු ළඟ තියෙනවා නම් අවශ්‍ය ඕනෑම වෙලාවකදී ගින්නක් හරි ගිනි පන්දමක් හරි පත්තු කරගන්න පුළුවන්.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න