ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp18 අංක 2 3 පි.
  • අනාගතය ගැන විමසුමක්

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනාගතය ගැන විමසුමක්
  • 2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • සමාන තොරතුරු
  • බයිබල් අනාවැකි ඔබට විශ්වාස කළ හැකි හේතු
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අකුරටම ඉටු වුණ අනාවැකි
    2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • විශ්වාසවන්ත අනාවැකි සොයා යමින්
    1999 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • අනාගතය ගැන හරියටම කියන්න පුළුවන් කාටද?
    2014 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2018 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp18 අංක 2 3 පි.
කාලගුණ වාර්තාව ගැන පැහැදිලි කරන කෙනෙක්

අනාගතය ගැන විමසුමක්

ඔයාගෙත් ඔයාගේ පවුලේ අයගෙත් අනාගතය ගැන ඔයා කල්පනා කරලා තියෙනවාද? යස ඉසුරින් පිරුණු හෙට දිනක් උදා වෙයිද? නැත්නම් නරක කාලයක් එයිද? අකාලේ මැරිලා යන්න වෙයිද? කවදා හරි දවසක තනි වෙන්න වෙයිද? ඒ වගේ දහසකුත් ප්‍රශ්න ගැන මිනිසුන් හිතන්න පටන්ගත්තේ අද ඊයෙක ඉඳලා නෙමෙයි.

සමහර විද්වතුන් ලෝක සිදුවීම් දිහා බලලා අනාගතය ගැන විවිධ අදහස් පළ කරනවා. ඒවායෙන් හුඟක් අනාවැකි හරි ගිහින් තිබුණත් තවත් ඒවා ඒ අහලකින්වත් ගිහිල්ලා නැහැ. උදාහරණෙකට ගුග්ලිඑල්මෝ මාකෝනි 1912දී කිව්වා එයා හොයාගත්ත රැහැන් රහිත ගුවන් විදුලි සංඥා ක්‍රමය නිසා ඉස්සරහට යුද්ධ ඇති වෙන්නේ නැහැ කියලා. ඒත් ඒක වුණේ නැහැ. 1962දී එක සංගීත ආයතනයක ඉහළ පෙළේ නිලධාරියෙක් බීටල්ස් කියන සංගීත කණ්ඩායම ප්‍රතික්ෂේප කළා. එහෙම කළේ ගිටාර් සංගීත කණ්ඩායම්වල කාලේ ඉවරයි කියලා එයා අනුමාන කරපු නිසයි. ඒත් පස්සේ බීටල්ස් කණ්ඩායම ලෝකේ ජනප්‍රියම සංගීත කණ්ඩායමක් වුණා.

අනාගතය ගැන හරියටම දැනගන්න ගොඩක් අය අධිමානුෂික බලවේගවල පිහිට පතනවා. තවත් අය සාස්තර අහනවා. ඒකට අතේ රේඛාවල පිහිටීම විතරක් නෙමෙයි ටැරට් කාඩ්, අංක වගේ දේවලුත් පාවිච්චි කරනවා. ජ්‍යෝතිශය, ලග්න පලාපල, හඳහන් වගේ දේවල් ගැන විස්තර අද හැම පත්තරයකම වගේ තියෙනවා.

ඈත අතීතයේදීත් දෙවිවරුන්ගේ බලයෙන් දිවැස් කියනවා කියලා විශ්වාස කරපු පූජකයන්ගෙන් මිනිසුන් අනාගතය ගැන විමසුවා. ඒ වගේ කෙනෙක් තමයි ලිඩියා රාජ්‍යයේ ක්‍රෝඒසස් රජ. එයා පර්සියාවේ සයිරස් රජට විරුද්ධව යුද්දෙට යන්න කලින් ග්‍රීසියේ ඩෙල්ෆි නගරයේ දේවාලයකට ගිහින් දිවැසිවරයෙක්ගෙන් ඒ ගැන විමසුවා කියලා කියවෙනවා. දිවැසිවරයා කිව්වේ “ඔබ අතින් විශාල අධිරාජ්‍යයක් විනාශ වෙනවා” කියලයි. ඒක අහලා ලොකු විශ්වාසයකින් රජ යුද්දේට ගියා. හැබැයි ඔහු අතින් විනාශ වුණේ ඔහුගේම අධිරාජ්‍යයයි.

ක්‍රෝඒසස් රජ අතින් “විනාශ වෙන අධිරාජ්‍යය” ලිඩියාවද, පර්සියාවද කියලා දිවැසිවරයා පැහැදිලිව කිව්වේ නැහැ. කියපු විදිහට රාජ්‍යයන් දෙකෙන් ඕන එකක් විනාශ වෙන්න ඉඩ තිබුණා. කොහොමහරි ඒ අපැහැදිලි අනාවැකිය ක්‍රෝඒසස්ගේ විනාශයට හේතු වුණා. අදත් මිනිසුන් අනාගතය ගැන දැනගන්න පාවිච්චි කරන විවිධ ක්‍රමවලින් කිසිම යහපතක් වෙලා තියෙනවාද?

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න