විශ්වාසවන්ත අනාවැකි සොයා යමින්
මැසිඩෝනියාවේ රජ පො.යු.පෙ. 336දී මහා ඇලෙක්සැන්ඩර් ලෙස කිරුළ පැළඳිමෙන් පසු, ඔහු මධ්‍යම ග්‍රීසියෙහි ඩෙල්ෆිහි පේන කියන ස්ථානය වෙත ගියා. ඔහුගේ අභිලාෂකාමී අරමුණ වුණේ, එවකට තිබූ ලෝකයෙන් වැඩි කොටසක් අනාගතයේදී තමන්ට නතු කරගැනීමයි. නමුත් ඔහුගේ මෙම අතිවිශාල ව්‍යාපෘතිය සාර්ථක කරගැනීමට ඔහු දිව්‍ය උපකාරය පැතුවා. ප්රබන්ධයක කියැවෙන පරිදි, ඔහු ඩෙල්ෆි වෙත ගිය දිනය, පේනකියන්නන් මුණගැසීමට අවසරයක් නොතිබුණු දිනයක්. පිළිතුරක් නොලැබ යෑමට අකමැත්තෙන් සිටි ඇලෙක්සැන්ඩර්, අනාවැකියක් දෙන ලෙස පූජකවරියට බල කළා. ඇය කලකිරී මෙසේ පැවසුවා: “දරුව, ඔබ අපරාජිතයි!” මෙම තරුණ රජ, ජයග්‍රාහී යුධ ව්‍යාපාරයක් සහතික කරන ශුභ ලකුණක් ලෙස එය සැලකුවා.
කෙසේවුවත්, ඇලෙක්සැන්ඩර්, බයිබලයේ දානියෙල් පොතේ අනාවැකි පරීක්ෂා කර තිබුණා නම් ඔහුගේ ව්‍යාපාරයේ ප්‍රතිඵලය ගැන ඊට වඩා තොරතුරු ලබාගන්න තිබුණා. සැලකිය යුතු නිරවද්‍යතාවකින් ඒවායෙහි ඔහුගේ ඉක්මන් ජයග්රහණයන් පුරෝකථනය කර තිබුණා. ජනප්රවාදයට අනුව, පසු කලෙක ඇලෙක්සැන්ඩර්ට තමන් ගැන දානියෙල් වාර්තා කළ දේ බැලීමට ප්‍රස්තාවක් ලැබුණා. යුදෙව් ඉතිහාසඥ ජොසීෆස්ට අනුව, මැසිඩෝනියානු රජ යෙරුසලමට ඇතුල් වූ විට, ඔහුට දානියෙල්ගේ අනාවැකිය පෙන්වනු ලැබුවා; සමහරවිට පෙන්වන්න ඇත්තේ, එම පොතේ 8වන පරිච්ඡේදය විය හැකියි. (දානියෙල් 8:5-8, 20, 21) වාර්තා කර ඇති අන්දමට, මේ හේතුව නිසා ඇලෙක්සැන්ඩර්ගේ විනාශකාරි හමුදා මගින් නගරය ආරක්ෂා වුණා.
ආවේණික මානව අවශ්‍යතාව
රජෙකු හෝ සාමාන්‍ය වැසියෙකු වේවා, පැරැන්නෙකු හෝ නවීනයෙකු වේවා, අනාගතය සම්බන්ධයෙන් විශ්වාසවන්ත අනාවැකි අවශ්‍ය බව මිනිසාට හැඟී තිබෙනවා. බුද්ධිමත් ජීවීන් හැටියට මනුෂ්‍යයන් වන අප, අතීතය ගැන හදාරනවා. එමෙන්ම වර්තමානය ගැන සාවධානව සිටින අතර, අනාගතය ගැනද විශේෂ උනන්දුවක් දක්වනවා. චීන ආප්තෝපදේශයක් යෝග්‍ය ලෙස මෙසේ පවසයි: “දවස් තුනකට කලින් කාරණා දැනගත හැකි තැනැත්තාට වසර ගණනාවකට ධනවත් විය හැකියි.”
යුග ගණනක් පුරා මිලියන සංඛ්‍යාතදෙනෙක්, තමන් දිව්‍යමයයි කියා ඒත්තුගත් දේ සොයා යෑමෙන් අනාගතයට එබිකම් කිරීමට වෑයම් කර තිබෙනවා. උදාහරණයක් වශයෙන් පුරාණ ග්‍රීක්වරුන් ගැන සලකා බලන්න. ඔවුන්ට ඩෙල්ෆි, ඩීලොස් හා ඩඩෝනවල තිබුණ පේන කියන ශුද්ධස්ථාන වැනි ශුද්ධස්ථාන ගණනාවක් තිබුණු අතර, දේශපාලනික හෝ හමුදාමය කාරණා ගැන මෙන්ම ගමනාගමනය, විවාහය හා දරුවන් වැනි පෞද්ගලික දේවල් ගැන පවා ඔවුන්ගේ දෙවිවරුන්ගෙන් විමසීමට ඔවුන් එහි ගියා. රජවරු හා හමුදා නායකයන් පමණක් නොව නමුත් සෑම ගෝත්රයක්ම හා නගර-ජනපදයක්ම, මෙම පේනකියන්නන්ගේ අනාවැකි මගින් ආත්ම විෂයෙන් මඟ පෙන්වීමක් සෙව්වා.
එක් විශේෂඥයෙක් පවසන පරිදි, “අනාගතය සම්බන්ධයෙන් අධ්‍යයනය කිරීමට කැප වූ සංවිධානවල හදිසි වර්ධනයක්” දැන් දක්නට තිබෙනවා. එහෙත්, අනාවැකිවල එකම නිවැරදි මූලාශ්‍රය වන බයිබලය නොසලකා හැරීමට බොහෝදෙනා තෝරාගන්නවා. ඔවුන් සොයන තොරතුරුම බයිබල් අනාවැකිවල අඩංගු වී තිබිය හැකියි යන්න ඔවුන් කෙළින්ම ප්‍රතික්ෂේප කරනවා. සමහර විශාරදයන් පුරාණ පේනකියන්නන් විසින් දෙනු ලැබූ අනාවැකි සමඟ බයිබල් අනාවැකි සම කිරීමට පවා වෑයම් කරනවා. එමෙන්ම නවීන-දින සැක කරන්නන් බොහෝවිට බයිබල් අනාවැකි දෙස බලන්නේ නිෂේධාත්මක ලෙසයි.
ඔබම වාර්තා පරීක්ෂා කර බලන්න කියා අපි ඔබට ආරාධනා කිරීමට කැමතියි. බයිබල් අනාවැකි හා මනුෂ්‍ය අනාවැකි පරෙස්සමින් සසඳන කල හෙළි වන්නේ කුමක්ද? පේනකියන්නන්ගේ පුරාණ අනාවැකිවලට වඩා බයිබල් අනාවැකි විශ්වාස කිරීමට ඔබට හැකිද? එමෙන්ම ඔබට බයිබල් අනාවැකි වටා ඔබේ ජීවිතය විශ්වාසවන්තව ගොඩනැඟීමට හැකිද?
[3වන පිටුවේ පින්තූරය]
ඇලෙක්සැන්ඩර්ගේ ඉක්මන් ජයග්‍රහණය ගැන බයිබලය පුරෝකථනය කළා
[හිමිකම් විස්තර]
Cortesía del Museo del Prado, Madrid, Spain
[4වන පිටුවේ පින්තූරය]
මහා ඇලෙක්සැන්ඩර්
[හිමිකම් විස්තර]
Musei Capitolini, Roma
[2වන පිටුවේ පින්තූරයේ හිමිකම් විස්තර]
COVER: General Titus and Alexander the Great: Musei Capitolini, Roma