නැවත බැලීම් කිරීමේ අභියෝගය
1 ශුභාරංචිය දේශනා කරන අය වශයෙන් අපට ගෝලයන් සාදන ලෙස අණ කර තිබේ. (මතෙ. 28:19, 20) ඒ සඳහා නැවත බැලීම් කිරීම අවශ්‍යය. අපගේ ක්‍රිස්තියානි දේවසේවයෙහි මෙම අතිවැදගත් අංගය සම්බන්ධයෙන් ඔබට තිබෙන්නේ ඒකාන්ත ආකල්පයක්ද? නැවත බැලීම් දක්ෂ ලෙස කිරීමට ඉගෙනගැනීම සිත්ගන්නා අභියෝගයක් විය හැක.—හිතෝ. 22:29.
2 ගෝලයන් සෑදීමේ කටයුත්තෙහි සහභාගි වීමට තමාට වගකීමක් තිබෙන බව කැපවූ සෑම ක්‍රිස්තියානියෙකුටම හැඟී යා යුතුය. එමනිසා, අන් අය සමඟ රාජ්‍ය බලාපොරොත්තුව බෙදාගැනීම සඳහා යම් දුරකට අපගේ පෞද්ගලික පහසුව නොතැකීමට සිදු වේ. ඇත්තෙන්ම අවංක අයට තම ආත්මික අවශ්‍යතාව පූර්ණ කරගැනීමට උපකාර සැපයීමට අවස්ථාවක් නැවත බැලීම් කිරීමෙන් අපට සැලසේ.
3 උනන්දුව ඇති අයව ගොස් හමු වන්න: අපගේ ප්‍රකාශන ලබාගැනීමට කැමැත්තක් නොදැක්වුවද, රාජ්‍ය පණිවිඩය කෙරෙහි උනන්දුවක් දක්වන සියලුදෙනාව ගොස් නැවත බැලීම සඳහා සැලසුම් කළ යුතුය. අප සමඟ බයිබල් විෂයන් සාකච්ඡා කිරීමට කැමැත්තක් දැක්වීමෙන් තමන්ට උනන්දුවක් ඇති බවට ඔප්පු කරන බොහෝදෙනෙක් සිටිති. ශුද්ධ ලියවිල්ල පදනම් කරගෙන ජනයා සමඟ ඍජු සාකච්ඡා පැවැත්වීමෙන් රාජ්‍ය පණිවිඩය කෙරෙහි උනන්දුවක් වගා කළ හැකි අන්දම යේසුස් සහ ප්‍රේරිතයෝ පෙන්නුම් කළෝය.—මාක් 10:21; ක්‍රියා 2:37-41.
4 කෙනෙකුව නැවත බැලීමේදී අපගේ අරමුණ වන්නේ බයිබල් පාඩමක් ආරම්භ කිරීමය. නිවාස බයිබල් පාඩමක් පවත්වනු ලබන අන්දම නිවැසියාගේ ප්‍රයෝජනය සඳහා නිරූපණය කර පෙන්වීමට අපට පුළුවන. ඉගැන්වීමට අවංක සිතක් ඇති අයෙකු සොයාගැනීම සඳහා ඔබ ඉදිරිපත් කරන යාච්ඤාවට යෙහෝවාගෙන් ප්‍රතිචාරයක් ලැබෙන බවට ඔබට ස්ථිර විය හැක. යෙහෝවා, ඔහුගේ සේවය තුළ ඔබ දරන වෑයමට ආශීර්වාද කරනු නිසැකය. එසේ නම්, බයිබල් පාඩමක් ආරම්භ කිරීමේ ඉලක්කය අත් කරගැනීම සඳහා යෙහෝවාගෙන් උපකාර ඉල්ලීම හොඳ අදහසක් නොවේද?
5 පත්‍රිකා හොඳින් භාවිත කරන්න: බයිබල් පාඩම් ආරම්භ කිරීමට පත්‍රිකා බලපෑමෙන් යුක්තව භාවිත කළ හැකිය. බොහෝදෙනෙකුට කවරයේ තිබෙන පින්තූරය පෙන්වීමෙන් සංවාදයක් ආරම්භ කිරීමට හැකි වී තිබේ. ඉන් අනතුරුව නිවැසියා සමඟ ඡේදය බැගින් කියවන්න. ඡේදයෙහි ප්‍රශ්නයක් අසන විට, නිවැසියාට තම අදහස් දැක්වීමට ප්‍රස්තාවක් ලබා දෙන්න. ශුද්ධ ලියවිලි පද පෙරළා ඒවා අදාළ වන ආකාරය පෙන්වා දෙන්න. ඉන් අනතුරුව පාඩමක් කිරීමට සුදුසු ප්රකාශනයකට ඔහුගේ අවධානය යොමු කර සංවාදය දිගටම කළ හැකිය.
6 යේසුස් සහ ප්‍රේරිතයන් කළාක් මෙන්, යෙහෝවාගේ බැටළුවන් කෙරෙහි අව්‍යාජ උනන්දුවක් දැක්වීමට අපි බැඳී සිටිමු. (ලූක් 9:11) එමනිසා රාජ්‍ය සත්‍යතා සමඟින් ජනයා වෙත ළඟාවීම සඳහා ඔවුන්ට ප්‍රේමය පෙන්වීම රුකුලක් වනු ඇත. (2 කොරි. 2:17) අන් අයගේ ආත්මික ශුභසිද්ධිය වෙනුවෙන් කැපවීමට අප අපගේ මුළු අවධානය යොමු කරන විට, නැවත බැලීම් කිරීමේ අභියෝගයට සාර්ථකව මුහුණ දීමට අප සමත් වනවා නොඅනුමානය.