ඔබ විඳදරාගනිමින් සිටිනවාද?
1 “මාගේ දරුවන් සත්‍යතාවෙහි හැසිරෙන බව [දිගටම සත්‍යයේ මාර්ගයේ ගමන් කරමින් සිටින බව, NW] ඇසීමට වඩා මහත් ප්‍රීතියක් මට නැත.” (3 යොහන් 4) තම ආත්මික දරුවන්ගේ විඳදරාගැනීම ගැන යොහන් හුඟාක් සතුටු වුණා. අනාගතයේදී තම දරුවන් වීමට යන දශලක්ෂ ගණන්දෙනා ‘දිගටම සත්‍යයේ මාර්ගයේ ගමන් කරමින් සිටිනවා’ දකින විට, අපේ ස්වර්ගික පියාට මොනතරම් සතුටක් දැනේවිද!—හිතෝ. 23:15, 16; 27:11.
2 කණ්ඩායමක් හැටියට දෙවිගේ සෙනඟ දිගටම ජ්වලිතව ක්‍රිස්තියානි ක්‍රියාකාරකම්වල හවුල් වුණත්, සමහර අය ටිකෙන් ටික මන්දගාමී වී තිබෙනවා. මොවුන් සත්‍යය ඉගෙනගත් මුල් කාලයේදී ක්‍රියාශීලීව සිටියත්, කාලය ගතවීමත් සමඟම ඔවුන් ගෝලයන් සෑදීමේ වැඩයේ හවුල් වන්නේ කලාතුරකින්. ඔවුන් දැන් ඒ ක්‍රමයට හැඩගැසී තිබෙනවා.
3 සමහර අය මන්දගාමී වී තිබෙන්නේ අසනීප හා වයසට යෑම නිසයි. ඇත්තෙන්ම ඔවුන්ගේ විඳදරාගැනීම අගය කළ යුතුයි. තමන්ට කරන්න පුළුවන් දෙය ඔවුන් කරනවා. එහෙත් තමන්ගේ ජීවිතය දෙවිට කැප කර තිබෙන සෑම කෙනෙක්ම තමන්ගෙන්ම මෙසේ අසාගත යුතුයි. “රාජ්‍ය කටයුතුවලට මගේ ජීවිතයේ ඉඩක් නොලැබෙන තරමට මම පෞද්ගලික කාරණාවලට ඉඩ දෙනවාද? මම යම් දුරකට ‘ඇල් මැරී’ සිටිනවාද? නැත්නම් මම තවමත් ‘වීර්ය කරමින්’ සිටිනවාද?” (එළි. 3:15, 16; ලූක් 13:24) අපි දැන් කරමින් සිටින දේවල් හා කළ යුතු වෙනස්කම් ගැන අපි සෑම කෙනෙක්ම යාච්ඤාපූර්වකව කල්පනා කරමු. එමෙන්ම ‘යහපත්කම් කරන අයට මහිමයත්, ගෞරවයත්, සමාදානයත්’ දෙන්න යෙහෝවා පොරොන්දු වන බව මතක තබාගන්න.—රෝම 2:10.
4 විඳදරාගත හැකි ආකාරය: විඳදරාගැනීමට යේසුස්ට උපකාරවත් වුණේ කුමක්ද? මේ ගැන පාවුල් මෙසේ පැහැදිලි කළා. ‘ඔහු වනාහි තමන් ඉදිරියෙහි තබා තිබුණු ප්‍රීතිය නිසා ලජ්ජාව නොසලකා, වධ කණුව දරාගෙන, පසුව දෙවිගේ සිංහාසනයේ දකුණු පැත්තෙහි හිඳගත්තේය.’ (හෙබ්‍රෙව් 12:1-3) යේසුස් ඉදිරියෙහි තබා තිබූ ප්‍රීතිය සලකා බලන විට, ඔහුට මුහුණ දෙන්න තිබුණු තාවකාලික පීඩා ඉතා සුළු දේවල් ලෙස සැලකිය හැකියි. අපි ඉදිරියෙහි තබා තිබෙන ප්‍රීතිය නිතරම සිහි කිරීම, විඳදරාගැනීමට අපිටත් උපකාර කරයි. (එළි. 21:4, 7; 22:12) පෞද්ගලික පාඩම, නිතිපතා රැස්වීම්වලට පැමිණීම හා නොකඩවා යාච්ඤා කිරීම යනාදිය මගින් යෙහෝවා සපයන ශක්තිය අපි ලබාගන්නවා නම්, ඔහු අපිට කරන්න දී තිබෙන වැඩය අත් නෑර දිගටම කරන්න අපිට පුළුවන්.
5 තම පක්ෂපාත සේවකයන්ගේ විඳදරාගැනීම ගැන යෙහෝවා සතුටු වෙනවා. එනිසා අපි “දිගටම සත්‍යයේ මාර්ගයේ ගමන් කරමින්” ඔහුව තව තවත් සතුටු කරමු.