‘ඇදහිල්ලේ යහපත් සටනෙහි යෙදෙන්න’
1 ‘ඇදහිල්ලේ යහපත් සටනෙහි යෙදෙන්න’ කියා ප්‍රේරිත පාවුල් තිමෝතිට උපදෙස් දුන්නා. (1 තිමෝ. 6:12) පාවුල්ද එම සටනෙහි නිරත වුණා. තමා පෞද්ගලිකව සාර්ථක ලෙස සටන් කර තිබෙන බව පාවුල් තම ජීවිතයේ අවසාන භාගයේදී නිසැකකමින් යුතුව පැවසුවා. (2 තිමෝ. 4:6-8) නිර්භීතකම, ධෛර්ය සම්පන්නබව හා විඳදරාගැනීම වැනි ගුණාංග විදහාපෙන්වමින් ඔහු ක්‍රියාශීලීව දේවසේවයෙහි හවුල් වුණා. පාවුල්ගේ ආදර්ශය අනුකරණය කිරීමෙන්, ඇදහිල්ල වෙනුවෙන් අපි කරන සටනින් ජයගැනීම සඳහා හැකි උපරිමය කරමින් සිටින බවට ඔහු මෙන් අපටත් නිසැකකමක් ඇතුව සිටින්න පුළුවන්.
2 වෑයම් කරන්න: පාවුල් වෙහෙස මහන්සි වී සේවය කළා. (1 කොරි. 15:10) අපේ බලප්‍රදේශයේ සිටින සෑම සුදුසු කෙනෙකුවම සොයන විට පාවුල් මෙන් අපිත් දේවසේවයේ වෙහෙසෙනවා. (මතෙ. 10:11) ඇතැම් අවස්ථාවලදී සුදුස්සෙකුව සොයාගැනීම සඳහා උදේ පාන්දරම අවදි වී, වීදියට ගොස් අපිට හමු වන අයට සාක්ෂි දරන්න සිදු විය හැකියි. එහෙම නැත්නම් දහවල් කාලයේදී සේවයේ හවුල් වීමට හෝ මිනිසුන් රැකියාවට ගොස් නිවෙස්වලට ආවට පසු ඔවුන්ව හමුවීමට සිදු විය හැකියි.
3 අපේ පොත් පාඩම් කණ්ඩායම සමඟ නියමිත වේලාවට ක්ෂේත්‍ර සේවයේ හවුල් වීමට තමාවම හික්මවාගැනීමත් හොඳ කාලසටහනක් තබාගැනීමත් අවශ්‍යයි. උදාහරණයක් හැටියට, බොහෝවිට බෙතෙල් පවුලේ ඇතැම් සාමාජිකයන් තමන්ට පවරා තිබෙන සභාව සමඟ සති අන්තයේදී ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම සඳහා වෙනත් ප්‍රචාරකයන්ට වඩා වැඩි දුරක් ගමන් කරනවා. ඒ වගේම, අපේ සභාවල සමහර ප්‍රචාරකයන් හා පවුලක් ලෙස සේවයේ හවුල් වන අය සෑහෙන දුරක් ගෙවාගෙන නියමිත වේලාවට ක්ෂේත්‍ර සේවයට පැමිණීම අපි අගය කරනවා. මෙවැනි අය කඩිසරකම හා පෞද්ගලික කටයුතු හොඳින් සංවිධානය කිරීම සම්බන්ධයෙන් සපයන ආදර්ශය ඇත්තෙන්ම අනුගමනය කරන්න වටිනවා.
4 අපිට හමු වන උනන්දුව දක්වන සෑම කෙනෙකුවම නැවත බලන්න යන්න අප තුළ පෙලඹවීමක් ඇති විය යුතුයි. වීදි සාක්ෂි දැරීමේදී හෝ වෙනත් අවිධිමත් ආකාරවලින් සාක්ෂි දැරීමේදී, පොත් පත් ලබාගන්න අයගේ ලිපිනය හෝ දුරකථන අංකය ලබාගන්න අපි උත්සාහ කළ යුතුයි. වෙනත් අවස්ථාවක එම තැනැත්තාව හමු වී උනන්දුව පුබුදුවා බයිබල් පාඩමක් පටන්ගැනීමට වෑයම් කරන්න.
5 නිතිපතා සේවයේ හවුල් වන්න: පාවුල් නිතිපතා පූර්ණ ලෙස සේවයේ හවුල් වෙමින් ශුභාරංචිය දේශනා කළා. (රෝම 15:19) ඔබ ගැන කියන්න පුළුවන් මොනවාද? ඔබ නිතිපතා සේවයේ හවුල් වෙනවාද? මේ වන විට ඔබ මේ මාසය සඳහා සේවයේ හවුල් වී තිබෙනවාද? මේ මාසය තුළදී තම කණ්ඩායමේ සෑම කෙනෙක්වම සේවයේ හවුල් කරවාගන්න සභා පොත් පාඩම් මෙහෙයවන්නන් වෑයම් කරමින් සිටිනවා. මේ මාසයේදී සේවයේ හවුල් වෙන්න ඔවුන් ඔබට උපකාර කරාවි.
6 පාවුල්ගේ ආදර්ශය අනුකරණය කරමින් ශුභාරංචිය දේශනා කිරීමේ වැඩයට අපේ පූර්ණ සහයෝගය දෙමු. මෙසේ කිරීමෙන් අපිට ‘ඇදහිල්ලේ යහපත් සටන’ සාර්ථකව දිගටම කරගෙන යන්න පුළුවන්.