ඔබ යෙහෝවාගේ ඉවසීම අගය කරනවාද?
1 සාක්ෂි දැරීම තව තවත් ව්‍යාප්ත වීමට අවස්ථාව සලසා දෙමින් පසුගිය වසර 10, 20 හෝ ඊට වඩා වැඩි කාලයක් පුරා යෙහෝවා ඉවසීමෙන් යුතුව කටයුතු කර නොතිබුණා නම් ඔබට සත්‍යය ඉගෙනගන්න ලැබේවිද? බොහෝදෙනෙකුට ‘පසුතැවිලි වීමට’ ඉඩහැර තිබීම ගැන අපි ඔහුට මොනතරම් ස්තුතිවන්ත විය යුතුද! ඒ වුණත්, යෙහෝවාගේ විනිශ්චයේ මහත් දවස ‘සොරෙකු මෙන් පැමිණෙන්නේය.’ (2 පේතෘ. 3:9, 10) එනිසා දෙවිගේ ඉවසීම, පවතින මේ ක්‍රමය නැති කර දමන්න ප්‍රමාද වීමක් කියා වරදවා වටහා නොගත යුතුයි.—හබ. 2:3.
2 මිනිසුන්ට අනුකම්පා කරන්න: යෙහෝවාගේ බොහෝ ඉවසිලිවන්තකම අපිට තේරුම්ගන්න බැරි තරම්! අපි එහි අරමුණ වරදවා තේරුම් නොගත යුතුයි. (යෝනා 4:1-4, 11) මිනිසුන් අසරණ තත්වයක සිටින බව යෙහෝවා දකිනවා. මේ නිසා ඔහු ඔවුන්ට අනුකම්පාව දක්වනවා. යේසුස්ටත් හැඟෙන්නේ එයාකාරයටමයි. ඔහු දේශනා කළ සමූහයා කෙරෙහි අනුකම්පාවක් දැක්වූ අතර, තවත් බොහෝදෙනෙකුට සදාකාල ජීවනය ලබාගැනීමේ අවස්ථාව සලසා දීම සඳහා ශුභාරංචිය දේශනා කිරීමේ වැඩය ව්‍යාප්ත කරන්නත් ඔහුට වුවමනා වුණා.—මතෙ. 9:35-38.
3 සත්‍යයේ නැති අය පවා යම් විපතකට පත් වූ විට, ඔවුන් කෙරෙහි අනුකම්පාවක් අපිට දැනෙන්නේ නැද්ද? මේ ලෝකයේ අවුල්සහගත තත්වයන් තේරුම්ගන්නත්, ඒවායින් ජයගන්නත් උත්සාහ කරමින් සිටින මිනිසුන් “එඬේරෙකු නැති බැටළුවන්” වගෙයි. (මාර්ක් 6:34) ශුභාරංචිය ජ්වලිතව දේශනා කිරීමෙන් අපි එයට නිසි නැඹුරුවාවක් දක්වන අයට සැනසිල්ල ලබා දෙන අතරම යෙහෝවාගේ ඉවසීම අපි අගය කරන බවද පෙන්වනවා.—ක්‍රියා 13:48, NW.
4 අපේ වැඩය හදිසි එකක්: පසුගිය අවුරුද්දේදී 3,23,439දෙනෙක් බව්තීස්ම වූ අතර, 1,40,00,000දෙනෙක් සිහි කිරීමට පැමිණියා. මේ දුෂ්ට ක්‍රමය මතට පැමිණෙන විනාශයෙන් පලායන්න තව බොහෝදෙනෙක් සිටිය හැකි බව එයින් ඇඟවෙන්නේ නැද්ද! “මහත් සමූහය” කොපමණ විශාලද කියා අපි දන්නේ නැහැ. (එළි. 7:9) දේශනා කිරීම සඳහා අපිට දී තිබෙන බලපැවරුම කොපමණ කාලයක් කරගෙන යා යුතුද කියාත් අපි දන්නේ නැහැ. ඒත් යෙහෝවා දන්නවා. ඔහු ඇතියි කියන තෙක් ශුභාරංචිය දේශනා කරන්න යනවා. “එවිට අන්තිමය පැමිණෙන්නේය.”—මතෙ. 24:14.
5 කාලය ලුහුඬු කර තිබෙනවා. දෙවිගේ දවස ආසන්නයි. (1 කොරි. 7:29අ; හෙබ්‍රෙ. 10:37) “අප අදහාගත් කාලයේදී තිබුණාට වඩා දැන් ගැළවීම අපට ළංව [තිබෙන]” බවට කිසිම සැකයක් නැහැ. (රෝම 13:11) දෙවිගේ ඉවසීමේ අරමුණ අපි වරදවා තේරුම් නොගනිමු. අපි හදිසිතාවේ හැඟීමකින් යුතුව දේශනා කරමු. මෙසේ කිරීමෙන් ධර්මිෂ්ඨ ලෙස ජීවත් වෙන්න මහත් ආශාවක් දක්වන තව බොහෝදෙනෙක් යෙහෝවාගේ මහත් දයාව අද්දකීවි.