සේවා රැස්වීම් වැඩසටහන
සැප්තැම්බර් 11න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.
විනා. 15: “යෙහෝවාගේ ආශීර්වාද අපව පොහොසත් කරවයි.” මිනිත්තුවකට වඩා අඩු කාලයකින් හැඳින්වීම ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.—තීක්ෂ්ණ බුද්ධිය (ඉංග්‍රීසියෙන්, it) 2 වෙළුම, 804 පිටුව, 6-7 ඡේද බලන්න.
විනා. 20: “උනන්දුව පුබුදුවාලීම සඳහා වත්මන් සිදුවීම් යොදාගන්න.” සබය සමඟ සාකච්ඡාවක් සහ නිරූපණ. සභා බලප්‍රදේශය තුළ උනන්දුව පුබුදුවා තිබෙන වත්මන් සිදුවීම් කිහිපයක් ගෙනහැර දක්වන්න. මේ සිදුවීම් නිසා අනාගතය ගැන මිනිසුන් තුළ මොන වගේ හැඟීමක් ඇති වී තිබෙනවාද? බයිබල් සාකච්ඡාවකට මඟ පාදන හැඳින්වීමක් සූදානම් කරන ආකාරය ගැන යෝජනා කිහිපයක් ඉදිරිපත් කරන්න. හොඳින් සූදානම් කළ තාත්වික නිරූපණ දෙකක් ඉදිරිපත් කරන්න.
ගීතිකාව 224 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 18න් පටන්ගන්නා සතිය
විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.
විනා. 15: අපි පසුගිය අවුරුද්දේ ඉටු කරගත්තේ මොනවාද? සේවා අවේක්ෂක විසින් ඉදිරිපත් කරන කතාවක්. 2000 සේවා වසරේ සභා වාර්තාවෙහි කැපීපෙනෙන අංග සලකා බලන්න. ඉටු කරගෙන තිබෙන යහපත් දේවල් පැසසුමට ලක් කරන්න. දියුණු විය හැකි පැති පෙන්වා දෙන්න. රැස්වීම්වලට පැමිණීම, බයිබල් පාඩම් ආරම්භ කිරීම හා නිතිපතා ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම යනාදිය සම්බන්ධයෙන් සභාව ඉටු කරගෙන තිබෙන දේවල් කෙරෙහි මූලික අවධානය යොමු කරන්න. පැමිණෙන සේවා වසර සඳහා තබාගත හැකි ප්‍රායෝගික ඉලක්ක සඳහන් කරන්න.
විනා. 20: “ජීවිත අනතුරේ!” සබය සමඟ සාකච්ඡාවක්. සඳහන් කර තිබෙන ශුද්ධ ලියවිලි පාඨ කැපීපෙනෙන්න සලස්වන්න.
ගීතිකාව 30 සහ අවසාන යාච්ඤාව.
සැප්තැම්බර් 25න් පටන්ගන්නා සතිය
විනා. 15: සභා නිවේදන. සැප්තැම්බර් මාසය සඳහා ක්ෂේත්‍ර සේවා වාර්තාව දමන්න ප්‍රචාරකයන්ට මතක් කරන්න. ප්‍රශ්න පෙට්ටිය සලකා බලන්න.
විනා. 15: සභා අවශ්‍යතා.
විනා. 15: අපේ සඟරාවල වටිනාකම අවතක්සේරු නොකරන්න. මුරටැඹ සහ පිබිදෙව්! සඟරාවල පැරණි පිටපත් ඔබ නිවසේ ගොඩගැසී තිබෙන විට ඔබ කරන්නේ කුමක්ද? මෙම සඟරාවල තිබෙන අදහස් පැරණි ඒවා කියා සිතමින් සමහර ප්‍රචාරකයන් ඒවා විසි කළ හැකියි. එසේ පැරණි සඟරා විසි කර දමනවා වෙනුවට, යෝග්‍ය අවස්ථාවලදී ඒවා බෙදාහරින්න කියා 1993 සැප්තැම්බර් මාසයේ අපගේ රාජ්‍ය සේවාවේ 3වන පිටුවේ අපිව දිරිමත් කළා. පුරුෂයන්ගේ, ස්ත්‍රීන්ගේ, විවිධ වෘත්තීන්වල නියැලෙන පුද්ගලයන්ගේ, මහලු අයගේ හා නහඹරයන්ගේ සිත්ගත හැකි කාලෝචිත ලිපි සඳහන් පැරණි සඟරා තෝරාගෙන, යෝග්‍ය අවස්ථාවලදී ඒවා ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටින්න. යෝග්‍ය ලිපි තෝරාගත හැකි ආකාරය හා ඉදිරිපත් කළ හැකි ආකාරය නිරූපණය කරන්න. පැරණි සඟරා ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් ප්‍රචාරකයන්ට තිබිය හැකි ඵලදායී අද්දැකීම් ඉදිරිපත් කරන්න.
ගීතිකාව 115 සහ අවසාන යාච්ඤාව.
ඔක්තෝබර් 2න් පටන්ගන්නා සතිය
ගීතිකාව 169
විනා. 15: සභා නිවේදන. රාජ්‍ය ආරංචි අංක 36 බෙදාහැරීමේ විශේෂ වැඩපිළිවෙළ ගැන සභාවට දැනුම් දෙන්න. මෙම විශේෂ බෙදාහැරීම ඔක්තෝබර් 16වන සඳුදා පටන් නොවැම්බර් 17වන සිකුරාදා දක්වා ක්‍රියාත්මක වෙනවා. මෙම වැඩයට පූර්ණ ලෙස හවුල් වීමට බාලයන් හා නවකයන් ඇතුළු සියලුදෙනාවම දිරිමත් කරන්න. ජ්වලිතව මෙම වැඩයෙහි හවුල් වීම සඳහා තම කණ්ඩායමේ සිටින සියලුදෙනාවම දිරිගන්වමින් සංවිධානය කිරීමට පොත් පාඩම් මෙහෙයවන්නන් දැන්ම කටයුතු පිළියෙළ කළ යුතුයි. පසුගිය අවුරුද්දේ සිදු කළ රාජ්‍ය ආරංචි බෙදාහැරීම හා සම්බන්ධ ගොඩනංවනසුලු අද්දැකීම් ඉදිරිපත් කරන්න.
විනා. 15: “මම පදිංචිය වෙනස් කළ යුතුද?” වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්. වෙනත් ප්‍රදේශයක පදිංචියට යෑම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමේදී විචාර බුද්ධිය පාවිච්චි කිරීමේ තිබෙන අවශ්‍යතාව පැහැදිලි කරන්න. හිතෝපදේශ 22:3හි සඳහන් උපදේශය අදාළ කරගත හැකි ආකාරය සාකච්ඡා කරන්න. පරෙස්සමින් සලකා බැලිය යුතු කාරණා සම්බන්ධයෙන් 1988 අගෝස්තු 15 මුරටැඹ (ඉංග්‍රීසියෙන්) සඟරාවේ 22 පිටුවෙහි සඳහන් කරුණු ඇතුළත් කරන්න.
විනා. 15: සාකච්ඡා ආරම්භ කිරීම හා සම්බන්ධ අද්දැකීම්. දේවසේවයේදී හමු වන අයගේ උනන්දුව පුබුදුවාලන සාකච්ඡා ආරම්භ කිරීම සඳහා වත්මන් සිදුවීම් යොදාගනිමින් හැඳින්වීම් ගොඩනඟාගැනීම ගැන සැප්තැම්බර් 11න් පටන්ගන්නා සතියේ සේවා රැස්වීම් වැඩසටහන මගින් අවධානයට ලක් කළා. එහි සඳහන් වූ යෝජනා ක්‍රියාත්මක කිරීමෙන් මේ දක්වා අද්දැක තිබෙන හොඳ ප්‍රතිඵල ගැන තමන්ගේ අද්දැකීම් ඉදිරිපත් කිරීමට සබයට ආරාධනා කරන්න.
ගීතිකාව 205 සහ අවසාන යාච්ඤාව.