ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • wp20 අංක 1 14-15 පි.
  • අනාගතය ගැන සත්‍යය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • අනාගතය ගැන සත්‍යය
  • 2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
  • උපමාතෘකා
  • සමාන තොරතුරු
  • යහපත් පාලනයක්
  • හොඳ සෞඛ්‍යයක්
  • සාමය රජයන කාලයක්
  • මුළු පොළොවෙම ඉන්න යන්නේ යහපත් මිනිසුන් විතරයි
  • මුළු පොළොවම පාරාදීසයක් වෙනවා
  • බලාපොරොත්තුවක් ඇතුව සිටීම
    2018 පිබිදෙව්!
  • දෙවිගේ රාජ්‍යය යනු කුමක්ද?
    2011 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දෙවි දුක් වේදනා නිම කරන කාලය ආසන්නයි
    2001 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
  • දේවරාජ්‍යය සෑම අතින්ම උසස්
    2006 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි
තව තොරතුරු
2020 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පොදු)
wp20 අංක 1 14-15 පි.
පාරාදීසයේ සතුටින් ඉන්න මිනිසුන්

අනාගතය ගැන සත්‍යය

අනාගතයේ මොනවා වෙයිද කියලා ඔයා හිතලා තියෙනවාද? මේ ලෝකේ ඉන්න හැම කෙනෙක්ටම බලපාන වැදගත් සිද්ධීන් ළඟදීම සිද්ධ වෙනවා කියලා බයිබලයේ කියනවා.

“දෙවිගේ රාජ්‍යය ළඟ බව දැනගන්න” පුළුවන් කොහොමද කියලා යේසුස් පැහැදිලි කළා. (ලූක් 21:31) ඔහු කලින්ම කිව්වා අද අපි අද්දකින දරුණු යුද්ධ, විශාල භූමිකම්පා, ආහාර හිඟකම් සහ වසංගත ඇතුළු තවත් දේවල් ඒ කාලයේදී සිද්ධ වෙනවා කියලා.—ලූක් 21:10-17.

ඒ වගේම “අවසාන කාලයේදී” ඒ කියන්නේ මිනිස් පාලනයේ අවසානය ළං වෙද්දී මිනිසුන් හුඟක් නරක විදිහට හැසිරෙනවා කියලත් බයිබලයේ කලින්ම කියලා තිබුණා. ඒ ගැන 2 තිමෝති 3:1-5 පදවලින් දැනගන්න පුළුවන්. අද ඉන්න මිනිසුන් හිතන්නේ, වැඩ කරන්නේ ඒ අනාවැකියේ කියලා තියෙන විදිහටමයි නේද?

ඒ දේවල්වලින් පැහැදිලි වෙන්නේ මොකක්ද? දෙවියන්ගේ රාජ්‍යයෙන් මිනිසුන්ගේ හැම ප්‍රශ්නයකටම විසඳුමක් ගේන කාලය අත ළඟටම ඇවිත් කියන එකයි. (ලූක් 21:36) ඒ කාලේදී මේ පොළොවටත් මිනිසුන්ටත් හොඳ කාලයක් උදා කරලා දෙනවා කියලා දෙවියන් පොරොන්දු වෙලා තියෙනවා. ඒ අතරින් කිහිපයක් බලමු.

යහපත් පාලනයක්

“සියලු ජාතීන්, ගෝත්‍ර හා විවිධ භාෂා කතා කරන මිනිසුන් ඔහුට සේවය කරන පිණිස රාජ්‍යයද බලයද ගෞරවයද ඔහුට දෙන ලදි. ඔහුගේ පාලනය කිසිදා නැති නොවන සදහටම පවතින පාලනයකි. ඔහුගේ රාජ්‍යය කිසිදාක විනාශ නොවන්නේය.”—දානියෙල් 7:14.

අදහස් කරන දේ: දෙවියන් තම පුතා වන යේසුස්ට භාර දීලා තියෙන, ලෝකයම පාලනය කරන්න යන ආණ්ඩුවක් යටතේ සතුටින් ජීවත් වෙන්න ඔයාට පුළුවන්.

හොඳ සෞඛ්‍යයක්

කුඩා දැරියක් තමන්ගේ රෝද පුටුවෙන් බැහැලා ඇවිදගෙන යමින්

“කිසිවෙකුවත්, ‘මා ලෙඩින්’ යයි පවසන්නේ නැත.”—යෙසායා 33:24.

අදහස් කරන දේ: අසනීපයක් නිසාවත් ආබාධයක් නිසාවත් ඔයාට කවදාවත් දුක් විඳින්න වෙන්නේ නැහැ. මැරෙන්නේ නැතුව හැමදාටම ජීවත් වෙන්න අවස්ථාව ලැබෙනවා.

සාමය රජයන කාලයක්

කෑලිවලට කඩලා තියෙන තුවක්කුවක්

“පොළොවේ සිදු වන සියලු යුද්ධ ඔහු නවත්වා දමන්නේය.”—ගීතාවලිය 46:9.

අදහස් කරන දේ: ආයේ කවදාවත්, යුද්ධයක් ඇති වෙයි කියන බයෙන් ජීවත් වෙන්නවත් යුද්ධයේ වේදනාකාරී අද්දැකීම්වලට මුහුණ දෙන්නවත් සිද්ධ වෙන්නේ නැහැ.

මුළු පොළොවෙම ඉන්න යන්නේ යහපත් මිනිසුන් විතරයි

‘තව කෙටි කලකින් දුෂ්ටයා නැති වී යන්නේය. නමුත් නිහතමානී අය පොළොව උරුම කරගන්නෝය.’—ගීතාවලිය 37:10, 11.

අදහස් කරන දේ: ඒ කාලේදී ජීවත් වෙන්නේ කැමැත්තෙන්ම දෙවියන්ට කීකරු වෙන අය විතරයි. දුෂ්ට මිනිසුන් ඉන්න යන්නේ නැහැ.

මුළු පොළොවම පාරාදීසයක් වෙනවා

“ඔවුහු ගෙවල් ගොඩනඟා එහි ජීවත් වන්නෝය. මිදිවතු වවා එහි පලදාව භුක්ති විඳින්නෝය.”—යෙසායා 65:21, 22.

අදහස් කරන දේ: මුළු පොළොවම ලස්සන උයනක් වෙනවා. දෙවියන්ගේ කැමැත්ත ‘පොළොවෙත්’ සිද්ධ වෙන්න කියලා අපි දෙවියන්ගෙන් කරන ඉල්ලීම දෙවියන් ඉටු කරනවා.—මතෙව් 6:10.

පාරාදීසයේ සතුටින් ඉන්න මිනිසුන්
    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න