ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/01 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • ජනවාරි 8න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 15න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 22න් පටන්ගන්නා සතිය
  • ජනවාරි 29න් පටන්ගන්නා සතිය
  • පෙබරවාරි 5න් පටන්ගන්නා සතිය
2001 අපගේ රාජ්‍ය සේවාව
km 1/01 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

ජනවාරි 8න් පටන්ගන්නා සතිය

ගීතිකාව 29

විනා. 7: සභා නිවේදන. අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.

විනා. 13: ‘ඔබේ ආලෝකය බබළවන්න.’a වර්ෂ 1997 ජූනි 1 මුරටැඹ සඟරාවේ 15වන පිටුවේ 12-13 දක්වා ඡේදවලින් ගත් අදහස්ද ඇතුළත් කරන්න. සාක්ෂි දැරීමට ලැබෙන සෑම අවස්ථාවකින්ම ප්‍රයෝජන ගැනීමට සියලුදෙනාවම දිරිගන්වන්න.

විනා. 25: අපේ සෞඛ්‍යය රැකගැනීම සඳහා ප්‍රේමනීය සැපයුම්. සමිතියෙන් ලැබුණු 2000 දෙසැම්බර් 1 දිනැති ලිපියෙහි සහ දළ සටහනෙහි සඳහන් තොරතුරු පදනම් කරගනිමින් සුදුසුකම් ලත් වැඩිමහල්ලෙක් ඉදිරිපත් කරන කතාවක්. පූර්ව වෛද්‍ය නියෝගය/මුදවා හැරීම නමැති කාඩ්පත නිසියාකාරව පුරවා තිබීමෙන් තමන්ගේ අකමැත්ත උඩ රුධිර ප්‍රවේශනයක් ලබා දීමට තැත් කිරීමේදී ඊට එරෙහිව නීතිමය පියවර ගැනීමට එය උපකාරවත් වන බව අවධාරණය කරන්න. මේ රැස්වීමෙන් පසුව බව්තීස්ම ලත් ප්‍රචාරකයන්ට එහි පිටපතක් ලබා දිය යුතුයි. එහෙත් මෙම කාඩ්පත පිරවීම අදම නොකළ යුතුයි. ප්‍රචාරකයන් අතර බෙදාහැරීම සඳහා ප්‍රමාණවත් කාඩ්පත් සභාව සතුව තිබිය යුතුයි. මෙම කාඩ්පත්වල අදාළ ප්‍රචාරකයා හා සාක්ෂිකරුවන් අත්සන් කිරීම හා දිනය දැමීම කළ යුත්තේ ඊළඟ සතියේ පවත්වන පොත් පාඩමෙන් පසුවයි. මෙම කාඩ්පත පිරවීමට උපකාරය අවශ්‍ය නම් පොත් පාඩම් මෙහෙයවන්නා එය ලබා දීමට සූදානමින් සිටියි. සාක්ෂිකරුවන් ලෙස අත්සන් කරන අය, තමන්ගේ අත්සන තැබිය යුත්තේ, එම ලියවිල්ලේ නම සඳහන් තැනැත්තා තමන් ඉදිරිපිට එය අත්සන් කරන අවස්ථාවේදීමයි. ප්‍රචාරකයෙක් වෙනත් ප්‍රදේශයක පදිංචි වීම සඳහා ගියහොත්, එම ප්‍රචාරකයා අලුත් කාඩ්පතක් පුරවා, එහි ලිපිනයන් හා හදිසි අවස්ථාවක ඇමතිය යුතු අයගේ දුරකථන අංක අලුත් කළ යුතුයි. තම කණ්ඩායමේ සිටින සියලුදෙනාටම පූර්ව වෛද්‍ය නියෝගය/මුදවා හැරීම නමැති කාඩ්පත පිරවීමට අවශ්‍ය උපකාර ලබා දීමට පොත් පාඩම් මෙහෙයවන්නන් වගබලා ගත යුතුයි. දරුවන් සඳහා පිළියෙළ කර තිබෙන හැඳුනුම්පත් මේ රැස්වීමෙන් පසු දෙමාපියන්ට ලබාගත හැකියි. බව්තීස්ම නොලත් ප්‍රචාරකයන්ට තමන්ගේ තත්වයන්ට හා විශ්වාසයන්ට එකඟව, මේ කාඩ්පතේ දැක්වෙන තොරතුරුවලට අනුව තමන් හා තම දරුවන් සඳහා ලියවිල්ලක් සකස් කරගත හැකියි.

ගීතිකාව 1 සහ අවසාන යාච්ඤාව.

ජනවාරි 15න් පටන්ගන්නා සතිය

ගීතිකාව 51

විනා. 10: සභා නිවේදන. ගිණුම් වාර්තාව.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 20: ඔබ සෑමදාම දිනපදය පරීක්ෂා කර බලනවාද? කතාවක් සහ සම්මුඛ සාකච්ඡා. වර්ෂ 1996 දෙසැම්බර් 15 මුරටැඹ සඟරාවේ 17-18 පිටුවල සඳහන් 12-14 දක්වා ඡේදවල අඩංගු තොරතුරු සලකා බලමින්, පවුලක් වශයෙන් දිනපදය සාකච්ඡා කිරීමෙන් අත් කරගත හැකි ප්‍රඥාව උලුප්පා දක්වන්න. පවුලක් සම්මුඛ සාකච්ඡාවට කැඳවන්න. මෑතකදී සාකච්ඡා කළ දිනපදයක් තමාට ප්‍රයෝජනවත් වූ ආකාරය හා එයට හේතු පවුලේ සෑම සාමාජිකයෙක්ම ගෙනහැර දක්වයි. පවුලේ අයගේ ඇදහිල්ල ශක්තිමත් කිරීමටත් දේවසේවයේ ක්‍රියාශීලීව හවුල් වීමටත් උපකාරවත් වන මෙම සැපයුම, පවුලේ අය හවුල් වන අධ්‍යයන වැඩසටහනේ එක් අංගයක් විය යුතු බව අවධාරණය කරන්න.

ගීතිකාව 67 සහ අවසාන යාච්ඤාව.

ජනවාරි 22න් පටන්ගන්නා සතිය

ගීතිකාව 90

විනා. 7: සභා නිවේදන.

විනා. 18: හැඳින්වීම් සූදානම් කරගන්න අයුරු. කතාවක් සහ නිරූපණ. තර්ක කිරීම (රීසනිං) පොතේ 9වන පිටුවේ සඳහන් තොරතුරුවල ප්‍රධාන කරුණු සලකා බලන්න. අපි ප්‍රිය කරන හා බලප්‍රදේශයට හොඳින් ගැළපෙන හැඳින්වීම් අපට තෝරාගත හැකි ආකාරය පෙන්වන්න. ඕනෑ කරන්නේ විවරණිකාව ඉදිරිපත් කිරීමේදී යොදාගත හැකි හැඳින්වීම් කිහිපයක් සලකා බලා ඉන් එකක් හෝ දෙකක් නිරූපණය කරන්න. (මේ සඳහා අපගේ රාජ්‍ය සේවාවේ 1997 අප්‍රියෙල් කලාපයේ 8වන පිටුව බලන්න.) ක්ෂේත්‍ර සේවයේ හවුල් වන විට අපගේ රාජ්‍ය සේවාවේ ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කිරීමට සියලුදෙනාවම දිරිගන්වන්න.

විනා. 20: “හොඳ සවන්දෙන්නෙක් වන්න.” කතාවක් සහ සබය සමඟ කරන සාකච්ඡාවක්. පාසල් ගුරුපොතේ පිටු 16-17හි සඳහන් 15-17 දක්වා ඡේදවල මූලික කරුණු සලකා බලන්න. අපේ සවන් දීමේ පුරුදු පරීක්ෂා කර බැලිය හැකි හොඳම ක්‍රමය නම්, අප සවන් දුන් තොරතුරුවලින් අපට කොතරම් ප්‍රමාණයක් මතකද කියා බැලීමයි. අද පවත්වන ලද දිව්‍යාණ්ඩු සේවා පාසැලේ කථිකයන් ඉදිරිපත් කළ කැපීපෙනෙන කරුණු කිහිපයක් මතක් කිරීමට සබයට ආරාධනා කරන්න.

ගීතිකාව 96 සහ අවසාන යාච්ඤාව.

ජනවාරි 29න් පටන්ගන්නා සතිය

ගීතිකාව 139

විනා. 10: සභා නිවේදන. ජනවාරි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට සියල්ලන්ටම මතක් කරන්න. පෙබරවාරි මාසයේදී ඉදිරිපත් කරන පොත් පත් මොනවාද කියා සඳහන් කරන්න. සභා පොත් පත් තොගයෙහි තිබෙන පොත්වල සඳහන් සිත්ගන්නා කරුණු කිහිපයක් ගෙනහැර දක්වන්න.

විනා. 15: මැවුම්කරුව වඩාත් හොඳින් හඳුනාගැනීම. වර්ෂ 1999 ජූනි 15 මුරටැඹ සඟරාවේ 24-6 දක්වා පිටුවල සඳහන් කරුණු පදනම් කරගනිමින් ඉදිරිපත් කරන කතාවක්. ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද? නමැති පොත පොත් පාඩම්වලදී අධ්‍යයනය කරන නිසා ඒ සඳහා උනන්දුවක් ඇති කරන්න. නොකඩවා පොත් පාඩමට පැමිණ, එහිදී කෙරෙන සාකච්ඡාවට හවුල් වීමට යෞවනයන්ව දිරිගන්වන්න. සෑම පොත් පාඩමකටම පැමිණ අපේ උදාර මැවුම්කරු ගැන බොහෝ දේ ඉගෙනගැනීමට සියලුදෙනාම උත්සාහ කරාවි.

විනා. 20: “දෙමාපියෙනි—ඔබේ දරුවන්ට යහපත් පුරුදු කාවද්දවන්න.” කතාවක්. ආත්මිකව හොඳ ස්ථාවරයක සිටින දරුවන්ගේ දෙමාපියන් කිහිපදෙනෙකුව සම්මුඛ සාකච්ඡාවකට කැඳවන්න. තම දරුවන්ව ක්ෂේත්‍ර සේවයේ හවුල් කරවාගැනීම සඳහා දෙමාපියන් වශයෙන් තමන් ගෙන තිබෙන පියවර ගැන ඔවුන් අදහස් දක්වයි. කාලය තිබේ නම්, පවුලේ සන්තෝෂය නමැති පොතේ 55-9 දක්වා පිටුවල සඳහන් යෝජනාද කතාවට ඇතුළත් කරගන්න.

ගීතිකාව 149 සහ අවසාන යාච්ඤාව.

පෙබරවාරි 5න් පටන්ගන්නා සතිය

ගීතිකාව 168

විනා. 10: සභා නිවේදන.

විනා. 15: “වචනය පිළිපැදීමෙන් සතුට ලබන්න.”b තීක්ෂ්ණ බුද්ධිය (ඉන්සයිට්) පොතේ දෙවන වෙළුමේ, 120වන පිටුවේ 6-8 දක්වා ඡේදවල සඳහන් වන පරිදි, අපි දෙවිට කරන සේවයෙන් වැඩි ප්‍රීතියක් ලැබීමට හේතු වන කාරණා පෙන්වා දෙන්න.

විනා. 20: ඔබට යෝග්‍ය විනෝදාංශ සොයාගත හැක. පවුලක් 1997 මැයි 22 පිබිදෙව්! (ඉංග්‍රීසියෙන්) සඟරාවේ දී තිබෙන උපදෙස් සාකච්ඡා කරයි. පවුලේ අය විනෝදය සඳහා කරන දේවල් ගැන මදක් කනස්සල්ලෙන් සිටින පියා එම උපදෙස් අවධානයට ලක් කරයි. “විනෝදාස්වාදයට සිදු වී තිබෙන්නේ කුමක්ද?” නමැති මාතෘකාවෙන් යුත් කොටස (පිටු 4-7) කෙටියෙන් සලකා බැලීමෙන් පසු, යෝග්‍ය මෙන්ම ප්‍රයෝජනදායක විනෝදාංශ ගැන ඔවුන් කතා කරයි. අපගේ දේව සේවය පොතේ 131-2 පිටුවල “විනෝදාංශ” නමැති කොටස හා 135-6 පිටුවල “සියල්ල දේව ගෞරවය පිණිස කරන්න” නමැති කොටස යටතේ තිබෙන කරුණු සලකා බලන්න. මෙහිදී මූලිකත්වය ගෙන කටයුතු කිරීමේදී දෙමාපියන් විසින් කළ යුතු දේවල් හා මුළු පවුලේම ශුභසිද්ධිය සඳහා පවුලේ සෑම සාමාජිකයෙක්ම ඊට සහයෝගය දැක්වීමේ අවශ්‍යතාව අවධාරණය කරන්න.

ගීතිකාව 190 සහ අවසාන යාච්ඤාව.

[Footnote]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න