ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 5/01 2 පි.
  • සේවා රැස්වීම් වැඩසටහන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • සේවා රැස්වීම් වැඩසටහන
  • 2001 අපගේ රාජ්‍ය සේවාව
  • උපමාතෘකා
  • මැයි 14න් පටන්ගන්නා සතිය
  • මැයි 21න් පටන්ගන්නා සතිය
  • මැයි 28න් පටන්ගන්නා සතිය
  • ජූනි 4න් පටන්ගන්නා සතිය
2001 අපගේ රාජ්‍ය සේවාව
km 5/01 2 පි.

සේවා රැස්වීම් වැඩසටහන

මැයි 14න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 3

විනා. 10: සභා නිවේදන සහ අපගේ රාජ්‍ය සේවාවෙන් තෝරාගත් නිවේදන.

විනා. 10: පාසැල් නිවාඩුව ලැබෙන අගෝස්තු මාසය සඳහා ඔබේ සැලසුම් මොනවාද? වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු ඔහුගේ පවුලේ අය සමඟ අගෝස්තු මාසය සඳහා පිළියෙළ කරන සැලසුම් ගැන සාකච්ඡා කරයි. දිස්ත්‍රික් සමුළුවේ සෑම සැසිවාරයකටම යෑම ගැනත්, එම මාසයේ උපකාරික පුරෝගාමී සේවය කිරීම ගැනත්, නිවාඩුව ගත කිරීම සඳහා වෙනත් ප්‍රදේශයකට යෑම හෝ යම් විනෝදාස්වාදයන්වල නියැලීම ගැනත් ඔවුන් කතා කරයි. තමන් කොහේ ගියත් සභා රැස්වීම්වලට යෑම, ක්ෂේත්‍ර සේවයේ හවුල් වීම, පවුලේ පාඩම කිරීම යනාදි ආත්මික කටයුතු අතපසු නොකරන බවට ඔවුන් සියලුදෙනාම එකඟ වෙයි. තමන් නිවසේ සිටියත් නිවසින් බැහැරව දුර ප්‍රදේශයකට ගොස් සිටියත් තමන්ගේ ක්ෂේත්‍ර සේවා වාර්තාව ප්‍රමාද නොකර ලේකම්ට ලැබෙන්න සලස්වන බවට ඔවුන් සහතික වෙයි.

විනා. 25: “සමුළු—ප්‍රීතිවීමට කාලයකි!” වැඩිමහල්ලෙක් විසින් ඉදිරිපත් කරන කතාවක්. යෙහෝවාගේ සෙනඟ බයිබල් කාලවලදී විශාල සමූහයක් වශයෙන් එක්රැස් වීමටත්, එදා මෙන් අදත් එසේ එක්රැස් වීම ප්‍රයෝජන වීමටත් හේතුව පැහැදිලි කරන්න. මෙම අවස්ථාවලදී පෝෂ්‍යදායී ආත්මික ආහාර සැපයෙන අතර අපේ ආත්මිකත්වය ශක්තිමත් කරගත හැකි ඇසුරක්ද භුක්ති විඳිය හැකියි. සෑම කෙනෙක්ම දිස්ත්‍රික් සමුළුවේ දින තුනටම පැමිණීමේ වැදගත්කම කාවද්දන්න. සමුළුවක් සංවිධානය කිරීමේදී මහත් වෑයමක් දරා පිළියෙළ කළ යුතු දේවල් සමහරක් විස්තර කරන්න. අපේම ප්‍රයෝජනය සඳහා පිළියෙළ කර තිබෙන මෙම විධිවිධානවලට අපේ පූර්ණ සහයෝගය දීමේ වැදගත්කම අවධාරණය කරන්න. එය අප අගය කරන බව පෙන්වීමටත් සමුළුවේදී ගෞරවනීයව හැසිරීමටත් හැකි ආකාර සලකා බලන්න. අවුරුදු පතා පවත්වන දිස්ත්‍රික් සමුළු තමන් අගය කිරීමට හේතුව ගැනත්, මෙවර පවත්වන සමුළුවේ දවස් තුනට යෑම සඳහා දැන් සිටම තමන් කරමින් සිටින දේවල් ගැනත් අදහස් දැක්වීමට ප්‍රචාරකයන් කිහිපදෙනෙකුව සූදානම් කරවන්න.

ගීතිකා අංක 31 සහ අවසාන යාච්ඤාව.

මැයි 21න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 52

විනා. 10: සභා නිවේදන සහ ගිණුම් වාර්තාව.

විනා. 17: “අසා ඉගෙනගැන්ම වැඩි කරගන්න.” කතාවක් සහ සබය සමඟ සාකච්ඡාවක්. සමුළුවලින් ලැබෙන උපදෙස් හා මඟ පෙන්වීම් ආත්මිකව නිරෝගීව සිටීම සඳහා අත්‍යවශ්‍ය වීමට හේතු පැහැදිලි කරන්න. මෙවන් වැඩසටහනක් පිළියෙළ කිරීම සඳහා කොතරම් අධික කාලයක් හා වෑයමක් දරන්න සිදු වනවාද යන්න පැහැදිලි කරන්න. තමන්ට මෙන්ම අනිත් අයටත් මෙයින් උපරිම ප්‍රයෝජන ලබාගැනීම සඳහා එක් එක්කෙනාට කළ හැකි දේවල් ගැන අදහස් දැක්වීමට සබයට ආරාධනා කරන්න. සෑම සැසිවාරයක්ම පටන්ගන්න විට අපි සියලුදෙනාම අපේ ආසනවල සිටිය යුත්තේ ඇයි කියා අවධාරණය කරන්න.

විනා. 18: වර්ෂ 1999 අපගේ රාජ්‍ය සේවාවේ ඔක්තෝබර් කලාපයේ පළ වූ “රැස්වීම්වලින් වැඩි ප්‍රීතියක් ලැබිය හැකි අයුරු” නමැති ලිපියෙන් හා 1995 රාජ්‍ය සේවාවේ දෙසැම්බර් කලාපයේ පළ වූ “සභා රැස්වීම්වලට සූදානම් වී ඉන් ප්‍රීතියක් ලබන්න” නමැති ලිපියෙන් ගත් මූලික කරුණුද සලකා බලන්න. සෑම රැස්වීමක්ම වර්ධනය ගෙන දෙන එකක් කරගැනීමට සභාවේ සෑම කෙනෙකුටම දායක විය හැකි ආකාරය කැපීපෙනෙන්න සලස්වන්න. රැස්වීම්වලින් උපරිම ප්‍රයෝජන ලබාගැනීමටත්, ඒවාට පූර්ණ ලෙස සහභාගි වීමටත් තමන් පෞද්ගලිකව කරන දේවල් ගැන අදහස් දැක්වීමට ළමයෙකුව, නහඹරයෙකුව, වැඩිහිටියෙකුව හා වයසක කෙනෙකුව සූදානම් කරන්න.

ගීතිකා අංක 105 සහ අවසාන යාච්ඤාව.

මැයි 28න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 58

විනා. 13: සභා නිවේදන. මැයි මාසයේ ක්ෂේත්‍ර සේවා වාර්තාව දැමීමට ප්‍රචාරකයන්ට මතක් කරන්න. “දායක අලුත් කිරීම සඳහා සරල ක්‍රමයක්” නමැති කොටස සලකා බලන්න. මුරටැඹ සහ පිබිදෙව්! සඟරා සඳහා දායක ලබාගෙන තිබෙන අයට තම දායකවල කාලය ඉකුත් වීමට ඉඩ නොදෙමින් ඒවා අලුත් කිරීමට දිරිගන්වන්න.

විනා. 15: සභා අවශ්‍යතා.

විනා. 17: ‘දෙවිගේ වචනය බලවත්ය.’a කෙටි ඉදිරිපත් කිරීම් මගින් දෙවිගේ වචනය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කළ හැකි ආකාරය පෙන්වන හොඳින් සූදානම් කරන ලද නිරූපණ දෙකක් මේ කොටසට ඇතුළත් කරන්න.

ගීතිකා අංක 79 සහ අවසාන යාච්ඤාව.

ජූනි 4න් පටන්ගන්නා සතිය

ගීතිකා අංක 100

විනා. 12: සභා නිවේදන සහ ක්ෂේත්‍ර සේවයේ අද්දැකීම්.

විනා. 15: “අස්වැන්න නෙළීමට ඔබේ උපරිම සහය දෙන්න.”b හතරවන ඡේදය සාකච්ඡා කරන විට සමහර අය තමන්ගේ සේවය පුළුල් කිරීමට කරමින් සිටින දේවල් පෙන්වා දීම සඳහා 1996 සැප්තැම්බර් 15, මුරටැඹෙහි 19වන පිටුවේ 10වන ඡේදයේ සඳහන් අද්දැකීම මේ කොටසට ඇතුළත් කරන්න.

විනා. 18: “අපි නිතර නිතර අපේ බලප්‍රදේශයේ සේවය කරනවා!”c මේ කොටස හැසිරවිය යුත්තේ සේවා අවේක්ෂක විසින්. (තම බලප්‍රදේශයේ ඉඳ හිට සේවය කරන සභාවලට පුළුවන්, 1998 අපගේ රාජ්‍ය සේවාවේ අප්‍රියෙල් කලාපයේ පළ වූ “සඟරා රාජ්‍යය ප්‍රචාරය කරයි” නමැති ලිපිය සලකා බලන්න.) තම බලප්‍රදේශය සම්පූර්ණයෙන්ම ආවරණය කිරීම සඳහා සභා මට්ටමින් කළ හැකි දේවල් සාකච්ඡා කරන්න. වර්ෂ 1997 වාර්ෂික පොතේ (ඉංග්‍රීසියෙන්) පිටු 204හි සහ 1996 පෙබරවාරි 15, මුරටැඹෙහි 26වන පිටුවේ සඳහන් අද්දැකීම් ඉදිරිපත් කරන්න. ගෙයින් ගෙට වාර්තා පත්, භාවිත කිරීමේ වැදගත්කමත් නිවෙස්වල නැති අයව වෙනත් වේලාවක ගොස් හමුවීමේ වැදගත්කමත් අවධාරණය කරන්න.

ගීතිකා අංක 142 සහ අවසාන යාච්ඤාව.

[Footnote]

a හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

b හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

c හැඳින්වීම මිනිත්තුවකට වඩා අඩු කාලයකට සීමා කර, ප්‍රශ්නෝත්තර ක්‍රමයට සාකච්ඡා කරන්න.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න