ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 10/02 7 පි.
  • නිවේදන

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • නිවේදන
  • 2002 අපගේ රාජ්‍ය සේවාව
2002 අපගේ රාජ්‍ය සේවාව
km 10/02 7 පි.

නිවේදන

◼ ඔක්තෝබර් මාසයේ ඉදිරිපත් කරන පොත් පත්: මුරටැඹ සහ පිබිදෙව්! සඟරා. උනන්දුව දක්වන අයට ඕනෑ කරන්නේ විවරණිකාව දී බයිබල් පාඩමක් පටන්ගැනීමට විශේෂ වෑයමක් දරන්න. නොවැම්බර්: දෙවිට අපෙන් ඕනෑ කරන්නේ කුමක්ද? හෝ සදාකාල ජීවනයට මඟ පෙන්වන දැනුම. දැනටමත් මේ ප්‍රකාශන ජනයා ළඟ තිබෙනවා නම් පැරණි ප්‍රකාශනයක් ඉදිරිපත් කළ හැකියි. ඔබේ සභාවේ මෙම ප්‍රකාශන නොමැති නම්, ළඟපාත තිබෙන සභාවල මේ ප්‍රකාශන වැඩිපුර තිබේද කියා සොයා බලන්න. දෙසැම්බර්: මෙතෙක් ජීවත් වූ ශ්‍රේෂ්ඨතම මනුෂ්‍යයා. විකල්ප ඉදිරිපත් කිරීමක් හැටියට මගේ බයිබල් කතන්දර පොත හෝ බයිබලය දෙවිගේ වචනයද නැත්නම් මිනිසාගේද? (සිංහලෙන් නැත) හෝ පාරාදීස පොළොවක සදාකල් ජීවත් වන්න ඔබට හැක යොදාගත හැකියි. ඔබ සභාවේ මෙම ප්‍රකාශන නොමැති නම්, ළඟපාත තිබෙන සභාවල මේ ප්‍රකාශන වැඩිපුර තිබේද කියා සොයා බලන්න. ජනවාරි: ඔබ ගැන සලකන මැවුම්කරුවෙක් සිටීද?

◼ විදේශගත වීම ගැන කල්පනා කරමින් සිටින ප්‍රචාරකයන්ව තම සභාවේ වැඩිමහල්ලන් සමඟ ඒ ගැන සාකච්ඡා කිරීමට දිරිමත් කෙරේ. මේ කාරණය ගැන සමබර මඟ පෙන්වීම් 2001 නොවැම්බර් සහ දෙසැම්බර් මාසවල පළ වූ අපගේ රාජ්‍ය සේවාවේ ප්‍රශ්න පෙට්ටිවලින් සොයාගත හැකියි.

◼ ක්ෂේත්‍ර සේවයේදී සඟරා ඉදිරිපත් කරන විට මුරටැඹ සඟරාවට ප්‍රමුඛත්වය දෙන්න කියා සියලුම ප්‍රචාරකයන්ව දිරිමත් කෙරේ. මුරටැඹ සහ පිබිදෙව්! යන සඟරා දෙකම එකට ඉදිරිපත් කළ යුතුයි.

◼ “2003 වසර සඳහා දිව්‍යාණ්ඩු සේවා පාසැල් වැඩසටහන” මෙවර අපගේ රාජ්‍ය සේවාවේ අතිරේකය වන අතර, 2003 වසර පුරා එය සලකා බැලෙන නිසා නැති කර නොගන්න.

◼ ලබන ජනවාරි 1වනදා සිට ඔබේ සභාවේ රැස්වීම් පවත්වන වේලාවන් වෙනස් වෙනවා නම්, සභා ලේකම් විසින් අලුත් වේලාවන් සමිතියට දැනුම් දීම සඳහා S-5 නමැති පෝරමය (Congregation Meeting Information and Handbill Request) පුරවා එවිය යුතුයි. අලුත් අත්පත්‍රිකා අවශ්‍ය නම් ඒ පෝරමයේම අවශ්‍ය ප්‍රමාණය සඳහන් කළ හැකියි. අලුත් අත්පත්‍රිකා ඔබට අවශ්‍ය කරන දිනයේ සිට අඩුම තරමින් සති අටකටවත් කලින් ඒවා ඉල්ලුම් කළ යුතුයි.

◼ අලුතින් ලබාගත හැකි ප්‍රකාශන:

යිබලය ගැන තවත් දැනගන්න ඔබ කැමතිද? (පත්‍රිකා අංක 26) —සිංහල, දෙමළ

◼ වර්ෂ 2003 ජනවාරි 1 කලාපයේ සිට ලුවාලෙ භාෂාවෙන් ප්‍රකාශයට පත් කෙරෙන මුරටැඹ සඟරාව අර්ධ මාසිකව ලබාගත හැකියි.

◼ වර්ෂ 2003 ජනවාරි 1 කලාපයේ පටන් හංගේරියානු භාෂාවෙන් මුරටැඹ සඟරාව ශ්‍රව්‍ය කැසට් පටිවලින්ද ලබාගත හැකියි.

◼ වර්ෂ 2003 ජනවාරි 8 කලාපයේ පටන් පෘතුගීසි භාෂාවෙන් පිබිදෙව්! සඟරාව ශ්‍රව්‍ය කැසට් පටිවලින්ද ලබාගත හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න