ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • km 1/03 3 පි.
  • ප්‍රශ්න පෙට්ටිය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

  • ප්‍රශ්න පෙට්ටිය
  • 2003 අපගේ රාජ්‍ය සේවාව
  • සමාන තොරතුරු
  • වෙනත් භාෂා කතා කරන අයට සාක්ෂි දැරීම
    2009 අපගේ රාජ්‍ය සේවාව
  • ශුභාරංචිය දේශනා කරන ක්‍රම
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • රැළ රැකබලා ගන්නා සහෝදරයන්
    යෙහෝවා දෙවියන්ගේ කැමැත්ත කරන්න සංවිධානය වූ සෙනඟක්
  • කොහේ සේවය කළත් වඩා වටින්නේ දෙවි එක්ක තියෙන බැඳීමයි
    2016 මුරටැඹ යෙහෝවා දෙවිගේ රාජ්‍යය ප්‍රකාශ කරයි (පාඩම්)
තව තොරතුරු
2003 අපගේ රාජ්‍ය සේවාව
km 1/03 3 පි.

ප්‍රශ්න පෙට්ටිය

◼ විදේශීය භාෂා කණ්ඩායමක් සකස් කිරීම යෝග්‍ය වන්නේ කිනම් අවස්ථාවේදීද?

යම් සභාවක බල ප්‍රදේශයකට විදේශීය භාෂාවක් කතා කරන යම් දුරකට විශාල ප්‍රමාණයක ජන ප්‍රජාවක් ඇතුළත් වේ නම්, එම භාෂාවෙන් දේශනා කිරීම සංවිධානය කිරීම පිණිස වැඩිමහල්ලන් තමන්ට කළ හැකි දෙය කළ යුතුය. (km 7/02 1 පි.; km 2/98 3-4 පි.) සමහරවිට විදේශීය භාෂාව කතා කරන මෙම ජන ප්‍රජාව අසල්වාසි සභා දෙකක හෝ වැඩි ගණනක බල ප්‍රදේශයන්හි විසිරී ජීවත් වෙනවා විය හැකියි. එවන් තත්වයකදී, අදාළ සභාවන් විසින් දේශනා කටයුතුවලදී සහයෝගයෙන් වැඩ කිරීමට ඕනෑ කරන උපකාර සපයමින් චාරිකා අවේක්ෂක(යන්) අවශ්‍ය මඟ පෙන්වීම් දෙනවා ඇත. විදේශීය භාෂාවෙන් රැස්වීම් පැවැත්වීම සඳහා කොතරම් දුරකට සහයෝගය දිය යුතුදැයි නිර්ණය කරගැනීමට කලින් කලට ප්‍රසිද්ධ කථාවක් හෝ මුරටැඹ පාඩමක් සූදානම් කරන්නට පුළුවන.

පහත සඳහන් අවශ්‍යතා සැපිරෙන විටදී විදේශීය භාෂා කණ්ඩායමක් සකස් කරන්නට හැකියි. (1) විදේශීය භාෂාවෙන් ශුභාරංචිය හොඳින්ම තේරුම්ගත හැකි ප්‍රචාරකයන් හා උනන්දුව දක්වන අය සිටින විට. (2) සතියකට අඩු තරමින් එක රැස්වීමක්වත් මෙහෙයවීමට මූලිකත්වය ගත හැකි සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු සිටින විටදී. (3) වැඩිමහල් මණ්ඩලය කණ්ඩායමට සහයෝගය දැක්වීමට කැමැත්තෙන් සිටින විටදී. මෙම අවශ්‍යතා සැපිරෙන විට, වැඩිමහල්ලන් ඒ ගැන ශාඛා කාර්යාලයට දැන්විය යුතුය. එවිට නිල වශයෙන් කණ්ඩායම සකස් කිරීමට හැකි වන අතර, ඒ සඳහා තවදුරටත් උපදෙස් ලැබෙනු ඇති.

කණ්ඩායම් වැඩි හරියක් තම කටයුතු ආරම්භ කරන්නේ සතිපතා පොත් පාඩමක් පැවැත්වීමත් සමඟිනි. පසුව, වැඩිමහල්ලන් ප්‍රසිද්ධ රැස්වීම සහ මුරටැඹ පාඩම වැනි වෙනත් රැස්වීම් පැවැත්වීමට අනුමැතිය දිය හැකියි. උපදේශකයෙකු වශයෙන් සේවය කළ හැකි එම භාෂාව කතා කරන සුදුසුකම් ලත් වැඩිමහල්ලෙකු හෝ සභා සේවකයෙකු සිටී නම්, දිව්‍යාණ්ඩු සේවා පාසැලේ 2, 3 සහ 4වන කතාව අමතර පංති කාමරයක පැවැත්විය හැකියි. කෙසේවෙතත්, මෙම කණ්ඩායම, කථික ගුණාංග පිළිබඳ කතාව, උපදෙස් කතාව, බයිබල් විශේෂාංග සහ සේවා රැස්වීම සඳහා සභාව සමඟ සම්බන්ධ වනු ඇත. කණ්ඩායම වෙනුවෙන් ක්ෂේත්‍ර සේවය සඳහා රැස්වීම්ද සැලසුම් කළ හැකියි.

කණ්ඩායමේ සිටින සියලුමදෙනා වැඩිමහල්ලන්ගේ මණ්ඩලයේ අධීක්ෂණය යටතේ කිට්ටුවෙන් වැඩ කරති. වැඩිමහල්ලන් සමබර මඟ පෙන්වීම් දී කණ්ඩායමේ අවශ්‍යතා ගැන බලා කියා ගැනීමේදී අවශ්‍ය මූලික පියවරවල් ගත යුතුය. චාරිකා අවේක්ෂක අනුග්‍රාහක සභාව බැහැදකින විටදී මෙම කණ්ඩායම ආත්මිකව ගොඩනැංවීම සඳහා ඔවුන් සමඟද වැඩ කිරීමට ඔහු කටයුතු සූදානම් කරනවා ඇත. යෙහෝවාගේ ආශීර්වාදය සමඟින් මෙම විදේශීය භාෂා කණ්ඩායම නියමිත කාලයේදී සභාවක් බවට පත් විය හැකියි.

    සිංහල ප්‍රකාශන (1993-2026)
    ලොග් අවුට්
    ලොග් ඉන්
    • සිංහල
    • ලින්ක් එක යවන්න
    • සොයන ආකාරය සකස් කරගන්න
    • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
    • භාවිත කිරීමේ නීති
    • පෞද්ගලික තොරතුරු රැකීම
    • Privacy Settings
    • JW.ORG
    • ලොග් ඉන්
    ලින්ක් එක යවන්න